Monday 7th of October 2024

English Tamil
Advertiesment


HIV ආසාදිතයින්ගේ වැඩිවීමක්..!


2019-09-29 14324

ශ්‍රී ලංකාවේ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි අතර HIV ආසාදනය ඉහළට..!

 

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රවය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළට..!

 

ශ්‍රී ලංකාව තුළ එච් අයි වී ආසාදිතයන් 3192ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසනවා.ඒ අනුව 2018 වසරේදී එච් අයි වී ආසාදිතයන් 350ක් හඳුනා ගෙන ඇති අතර එය 2017 වසරට සාපේක්ෂව සියයට 23 වැඩිවීමක් බවත් 285 දෙනෙකු පුරුෂයන් බවත් ඉතිරිය කාන්තාවත් බවත් වෛද්‍ය රසාංජලී කියනවා. ඇය සඳහන් කළේ එච් අයි වී ආසාදිත පුරුෂයන්  හදුනා ගැනීම 2017 වසරට සාපේක්ෂව 265කින් ඉහළ ගොස් ඇති බවයි.‘2019 වසරේ දී මේ වන විට 200කට ආසන්න එච් අයි වී ආසාදිතයින් හමුවීතිබෙනවා. මේ සමග තවත් බරපතළ කරුණක් ගැන අවධානය යොමු විය යුතුයි. ඒක තමයි අපිට බොහෝ විට එච් අයි වී ආසාදිතයින් හමුවන්නේ ඔවුන්ට වෛරසය අසාදනය වී වසර 5ක් 10ක් ගෙවුණු පසුවයි.

ඒ වන විටත් ඔවුන්ගෙන් තවත් කී දෙනකුට අදාළ වෛරසය ආසාදනය වී තිබෙනවාද කියන්න දත්ත අපි ළඟ නැහැ. ඒත් එය කිසිසේත් ම යහපත් තත්ත්වයක් නොවෙයි. භයානක තත්ත්වයක්. ඔහු හෝ ඇය නොදැනයි මේ දේ සිදුවෙන්නේ’ වෛද්‍ය රසාංජිලී කියනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට මවගෙන් දරුවාට එච් අයි වී වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වාලීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. නමුත් 2018 වසරේදී මවගෙන් එච් අයි වී සම්ප්‍රේෂණය වූ දරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමට වෛද්‍යවරු සමත් වූ බවයි වාර්තා වන්නේ.මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව තුළ ධනාත්මක ප‍්‍රවණතා කිහිපයකුත් නිරීක්ෂණය වෙනවා. ඒ රටේ ශ‍්‍රම බලකායට අයත්වන ජනගහණ කාණ්ඩය තුළ එච්.අයි.වී ආසදනය පහතට වැටීමයි.

ඒ අනුව 2015 දී වාර්තා වූ එච් අයි වී ආසාදිතයන් අතුරින්  14%ක් වයස අවුරුදු 15ත් 24ත් අතර අය වූ අතර එම ප්‍රමාණය 2018 වන විට  10%ක්  දක්වා අඩු වී තිබෙනවා. මෙය රටේ ශ්‍රම බලකාය ගැන සලකා බලන විට හොඳ තත්ත්වයක් ලෙස සැලකෙන්නේ.ඒ අතර වර්තාවන ඍණාත්මක ප‍්‍රවණතාව වන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි අතර එච් අයි වී ආසාදනය ඉහළ ගොස් තිබීමයි. 2018 දත්ත අනුව පිරිමි - පිරිමි අතර වූ ලිංගික සබදතා හේතුවෙන් එච් අයි වී අසාදනය වූ ප්‍රමාණය සියයට 46ක් ලෙස වාර්තා වී තිබෙනවා.ශ‍්‍රී ලංකාවේ  එච්  ආසදිතයින්ගේ තත්ත්වය සහ වත්මන් ප‍්‍රවණතා ගැන වෛද්‍ය රසංජලී මෙසේ කියනවා. ‘ලංකාව එච් අයි වී තත්ත්වය ගොඩක් අඩු රටක් හැටියට තමයි අරන් තියෙන්නේ.ඒ කියන්නේ  0.1%ක් විතර.

දැන් එච්අයිවී හැදුනට ඒඩ්ස් කියන  තත්ත්වයට යන්නැතුව සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්න පුළුවන් බෙහෙත් ගත්තොත්. එමතුන්දහස් ගණනින් එක්දහස් ගණනක් අපේ සායනවලින් බෙහෙත් ගන්නවා. ඒ ගොල්ලන්ට කිසි ලෙඩක් තිබෙනවා කියලා පෙනෙන්නේ නෑ. නමුත් ඉතිං ඇඟේ එච්අයිවී වෛරසය තිබෙනවා. සමහර අයඅවුරුදු 20 - 30 තවම හොඳට ඉන්නවා. ඉතිං ප්‍රතිකාර ගැනීමයි වැදගත්’වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසන්නේ එච්අයිවී සහ ලිංගාශ්‍රිත රෝග සහිත පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා රෝහල් 33ක සායන පැවැත්වෙන බවයි."ඒගොල්ලෝ ඉලක්ක කරලා දැනුවත් කිරීම්කරනවා. ටෙස්ට් කරනවා. ඒ වගේම ප්‍රතිකාරත් කරනවා. අපි මොබයිල් සායන දාලා ලිංගික ශ්‍රමිකයින් පරික්ෂා කරනවා. සමාජයේ ආකල්පයක් තියෙනවනේ මේ ලිංගාශ්‍රිත රෝග ගැන. ඒවා සමාජයේ පිළිගැනීමක් නැති තත්ත්වයක් නේ තියෙන්නේ. රෝග තත්ත්ව හඳුනාගෙන ප්‍රතිකාර කළොත් අනිත්  අයට බෝ වෙන එක වළක්වා ගන්න පුළුවන්" ප‍්‍රශ්නය වන්නේ  එච්.අයි.වී පමණක් නොවෙයි. ලංකාවේ වෙනත් ලිංගිකාශ‍්‍රිත රෝගත් ලංකාව තුළ දැකිය හැකියි.ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික සහාය ඇතිව සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ සම ලිංගික ඇසුරු පවත්වන පිරිමි 40,000ක්, කාන්තා ලිංගික ශ්‍රමිකයන් 30,000ක් සහ වෙරළේ ගැවසෙන ළමයි 4500 ක් සිටින  බව හෙළිවී තිබෙනවා. මෙය සෞඛ්‍යමය වගේම සමාජයීය වශයෙනුත් බරපතළ තත්ත්වයක්.

ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග

* සිපිලිස්

* ගොනෝරියා

* ලිංගික ඉන්නන්

* ලිංගික හර්පීස්

* ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ

මින් සිපිලිස් සහ ගොනෝරියා තත්ත්වය ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස අඩු වී තිබෙන බව වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කියන්ෙන්."ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම තියෙන්නේ ලිංගික හර්පිස් සහ ලිංගික ඉන්නන් කියන ඒවා. සිපිලිස් කියන එක ලිංගික ආශ්‍රිත රෝග වලින් 8% ක් පමණත්ගොනෝරියාත් 3%ක් විතර තිබෙනවා. ලිංගික ඉන්නන් කියන තත්ත්වය 25%ක් විතර. ලිංගික හර්පීස් සහිත රෝගීන් තුන්දහස් ගණනක් හඳුනාගෙන තිබෙනවා. ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ සහිත රෝගීනුත් දෙදහස් ගණනක් ශ්‍රී  ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ 27%ක් විතර.

අධි අවදානම් කණ්ඩායම් 

ලිංගාශ්‍රිත  රෝග වැළඳිය හැකි බවට හඳුනාගත් සමාජ කණ්ඩායම් අවදානම් අය ලෙස ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් හඳුනා ගෙන තිබෙනවා.

*ලිංගික ශ්‍රමිකයන් (Sex workers)

*සමලිංගික ඇසුරු පවත්වන පිරිමි

*වෙරළේ ගැවසෙන ළමයින් (Beach boys)

*සිරකරුවන්

*විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන අය

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක කියනවා. අවුරුදු 36-50 අතර වයසේ පසු වන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවී තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.ඔවුන්ගෙන් 49%ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් සොයාගනු ලබන්නේ වාණිජ ලිංගික වෘත්තියේ නිරත වීමෙනුයි.

 

 

සටහන - තුෂාධවි

 

 

Advertiesment