මිනිසාගේ ජීවිත කාලය බාල, තරුණ සහ මහළු යනුවෙන් ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරනවා. මේ අතරින් ඉතාම වැදගත් වන්නේ ‘තරුණ’ කාලය, නැතිනම් ‘යොවුන් විය’ බවයි බොහෝ දෙනා පවසන්නේ. වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම මනෝ විද්‍යාත්මකවත් මේ අදහස සත්‍ය බව පිළිගන්නවා. ඒත් ප‍්‍රශ්නය වන්නේ ‘යොවුන් විය’ සම්බන්ධයෙන් අප බොහෝ දෙනා තුළ පවතින විවිධාකාර දුර්මත සහ විචිකිච්චාවන් නිසා ගැටලූ රැුසක් ඇති වීමයි. මෙය යොවුන් වියේ පසුවන්නන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් සහ වැඩිහිටියන්ටත් අදාළයි.
වයස අවුරුදු 9 - 18 කාලය යොවුන් විය ලෙස හඳුන්වනවා. මෙය සැලකෙන්නේ ළමා අවධියේ සිට තරුණ අවධිය දක්වා පරිවර්ථනය වන කාලය වශයෙනුයි. මෙම කාලය තුළ පුද්ගලයා තුළ කායික හා මානසික වෙනස්කම් රැුසක් සිදු වෙනවා. මෙහිදී දැකිය හැකි විශේෂත්වය තමයි ගැහැණු දරුවන්ගේ යොවුන් විය පිරිමි දරුවන්ට වඩා කලින් සිදුවීම. යොවුන් විය කියලා කියන්නේ ඉහත සඳහන් කළ ආකාරයට ‘ළමයා සහ තරුණ අවධිය’ දක්වා වන පරිවර්තන කාලය. අම්මලා තාත්තලා කියන ආකාරයට ‘පොඩි එකා ඉලන්දාරියෙක්, පොඩි එකී ළමිස්සියෙක් වෙන්නේ ’ මේ කාලය තුළ.
මේ නිසා යෞවනයින් වගේම වැඩිහිටියනුත් යම් යම් සංකීර්ණතාවන්ට මුහුණ දෙන බවක් දැකිය හැකියි. ඒ අතර දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ දෙමාපියන් මත නොයැපී නිදහසේ කටයුතු කිරීමට ඔවුන් දක්වන දැඩි කැමැත්තයි. මෙය ‘ස්වාධීනත්වය’ වශයෙන් ද හැඳින්විය හැකියි. මෙම තත්ත්වය හමුවේ යෞවනයින් හා වැඩිහිටියන් අතර නිතර නිතර මත ගැටුම් මෙන්ම නොතතා හැරීම් ද සිදුවිය හැකියි. මේ අවස්ථාවේදී වැඩිහිටියන්, විශේෂයෙන් දෙමාපියන් / භාරකරුවන් වඩාත් සංවේදීභාවයක් මෙන්ම බුද්ධිමත්භාවයක් පළකළ යුතුයි. මන්ද යොවුන් දරු දැරියන් මත දැඩි පාලනයක් / වාරණයක් පැටවීමට යාම ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. මන්ද එවැනි ඍණාත්මක තත්ත්වයක් මගින් යොවුන් දරුදැරියන්ගේ පෞරුෂ වර්ධනයට ඍණාත්මක බලපෑමක් සිදුවිය හැකියි. ඇතැම් විට දීර්ඝ කාලීනව දරුවන් හා වැඩිහිටියන් අතර දුරස්ථභාවයක් / නොසලකා හැරීමේ තත්ත්වයක් උද්ගත වීමට මෙම තත්ත්වය හේතුවිය හැකියි.
විවිධ සොයා ගැනීම් සඳහා ඇළුම් කිරීම යොවුන් වියේදී දැකිය හැකි පොදු ස්වභාවයක්. කුතුහලය, වීරත්වය මෙන්ම නිර්භීතභාවය වැනි හැඟීම් මෙම කාලය තුළ යෞවනයින් තුළ නිසඟයෙන් ඇති වෙනවා. අනාගයේ රටට, දැයට වැඩදායි පුද්ගලයින් බිහිවන්නේ යෞවනයින් තුළ පවතින මෙම ධනාත්මක ප‍්‍රවණතාවය නිසයි. මෙම තත්ත්වය ගැන වැඩිහියන් දැඩි අවධානය යොමු කළ යුතුයි. යෞවනයින් තුළ ඇතිවන මෙම ධනාත්මක සිතුවිලි දෙස ඔවුන් ද ධනාත්මකව බැලිය යුතුයි. ‘ගසක මුදුන් දල්ල කඩා නොදමනවා සේ ’ යෞවනයින්ට අවස්ථාව හා අනුබල ලබාදීම සිදුකළ යුතුයි.අලූත් යහළුවන් ඇසුරු කිරීමට උත්සුක වීම මෙම කාලයේ අනිවාර්යයෙන් සිදුවන දෙයක්. පාසල, අතිරේක පන්ති, ක‍්‍රීඩා පිටිය ආදි බොහෝ තැන් හරහා යෞවනයින්ට අලූත් යහළුවන් හඳුනා ගැනීමට හා ඇසුරු කිරීමට අවස්ථාව උදා වන නිසා වැඩිහිටියන් වඩාත් අවධානයෙන් මේ ගැන සොයා බැලිය යුතුයි. තමන්ගේ දුව-පුතා ඇසුරු කරන හිතමිතුරන් කවුද ? ඔවුන් කාගේ කවුද ? යන්න ගැන ඔවුන් වඩාත් හොඳින් සොයා බැලිය යුතුයි.
ඒත් අනවශ්‍ය ආකාරයෙන් දරුවන් මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට ඇඟිලි නොගැසීමට වැඩිහිටියන් වගබලා ගත යුතුයි. මෙම කාලයේ යෞවනයින් වගේම වැඩිහිටියනුත් බුද්ධිමත්ව හා අවබෝධයෙන් යුතුව කටයුතු කළහොත් යහගුණයෙන් පිරි දරුවෙක් මෙන්ම අනාගතයට වැඩදායී මිතුරු මිතුරියන් රැසක් ද හිමිකර ගැනීමට අවස්ථාවක් උදාවන බව සහතිකයි. සිය පවුලේ සාමාජිකයින්ට වඩා හිත මිතුරන් වෙත ඇදී යාම ද මේ කාලය තුළ සිදුවන සුලබ තත්ත්වයක්. බාල සහෝදර - සහෝදරියන් නොතකා සම වයසේ මිතුරු- මිතුරියන් සමග විනෝද වීම, ඇසුරු කිරීම සිදුවන්නේ යෞවනයින් තුළ ඇතිවන මෙම ස්වභාවික තත්ත්වය නිසයි.
යොවුන් වියේ සිදුවන තවත් විශේෂ තත්ත්වයක් වන්නේ විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති වීමයි. ගැහැනු දරුවන් පිරිමි දරුවන් වෙතත්, පිරිමි දරුවන් ගැහැනු ළමුන් වෙතත් ආකර්ෂණය වීම මෙහිදී සිදුවෙනවා. මෙහිදී වැඩිහියන් මෙන්ම යෞවනයින් ද දැඩිසේ බුද්ධිමත්ව ක‍්‍රියාකළ යුතුයි. විශේෂයෙන් විරුද්ධ ලිංගිකයින් කෙරේ ඇතිවන ආකර්ෂණය ‘පේ‍්‍රම සම්බන්ධතා’ දක්වා වර්ධනය වීම මෙම යුගයේ සුලභ තත්ත්වයක්. එමගින් අධ්‍යාපනය පමණක් නොවෙයි ඇතැම් විට මුළු ජීවිතයම අඩාල වීමට ඇති අවස්ථාව බහුලයි. අපි පසුගිය කාලය පුරා දැක්කේ මෙම යොවුන් පේ‍්‍රමය හරහා විශේෂයෙන් යෞවනියන් ලිංගික අපයෝජන හා අපචාරවලට ගොදුරු වීමයි. ළමා වියේදී දෙමාපියන්ගේ රුචි අරුචිකම් මතයි ඇඳුම්පළඳුම් කිරීම සිදුවන්නේ. බොහෝ විට ළමුන්ගේ කැමැත්ත විමසීමක් මෙහිදී සිදුවන්නේ නැහැ. ඒත් යොවුන් වියේදී ඇතිවන පිබිදීම සමග නව විලාසිතා කිරීමට යෞවන යෞවනියන් යොමුවීම නිසඟයෙන් ම සිදුවෙනවා. මෙහිදී යෞවන - යෞවනියන් සේම වැඩිහිටියන් ද බුද්ධිමත් විය යුතුයි.
විශේෂයෙන් සංස්කෘතිය, සදාචාරය පමණක් නොවෙයි ලැජ්ජාව-බිය රැකගෙන විලාසිතා කිරීමට යෞවන-යෞවනියන් උනන්දු විය යුතුයි. ඒ වගේම තමන්ගේ යොවුන් දුවගේ, ( විශේෂයෙන්) පුතාගේ නව විලාසිතා ගැන දෙමාපියන් වඩාත් සංවේදී විය යුතුයි. වගකීම් සහගත විය යුතුයි. එසේ නොවුණහොත් තමන්ගේ යෞවුන් දුව, පුතා සමාජය ඉදිරියේ අසරණ වීමට හෝ අපයෝජනය වීමට ඉඩ ඇති බව ඔවුන් වටහා ගත යුතුයි. ඉහත සඳහන් කළ සියලූ කාරණා වලට වඩා යොවුන් වියේදී සිදුවන වඩාත්ම වැදගත් ලක්ෂණයක් වන්නේ ලිංගික හැඟීම් ඇති වීමයි. ජීවිතයේ ගැඹුරක්, වගකීමක් නොමැති මෙම යුගයේ ලිංගික හැඟීම් ඇතිවීම ස්වභාවික තත්ත්වයක් වුවත් එය යෞවනය කෙරේ ඇති කරන බලපෑම අති සංකීර්ණයි. මෙම තත්ත්වය කෙරේ දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් බුද්ධිමත්ව මෙන්ම සංවේදීව අවධානය යොමු කළ යුතුයි.
විශේෂයෙන් කිසිම සමාජයක් යෞවන- යෞවනියන්ගේ ලිංගික සම්බන්ධතා අනුමත නොකරන තත්ත්වය තුළ මෙය බරපතළ තත්ත්වයක් වශයෙන් සැලකිය යුතුයි. එහෙත් මෙහිදී දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් වෙත පැවරෙන වගකීම නොසලකා හැරිය නොහැකියි. දෙමාපියන් තමන්ගේ යොවුන් දුව පුතා කෙරෙහි වඩාත් ම සැලකිලිමත් විය යුත්තේ මේ අවස්ථාවේදී. එහිදී තම යොවුන් ¥ දරුවන්ට නිසි ආදරය හා රැුකවරණය ලබාදීම මගින් ඔවුන් වඩාත් සුරක්ෂිත කරගත හැකියි.
යොවුන් දූ පුතුන් තුළ සිදුවන ඉහත සඳහන් වෙනස්කම් හමුවේ දෙමාපියන්ට විශේෂ වගකීමක් මෙන්ම වැඩ කොටසක් ද පැවරෙනවා. එහිදී ඔබ පහත සඳහන් කරුණු කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කළහොත් ඔබට යහගුණයෙන් පිරුණු දරුවෙක් හිමිවන බව ස්ථිරයි.යොවුන් දු පුතුන් සිටින ඔබ ඔබගේ යොවුන් විය මතක් කළ යුතුයි. එවිට ඔබට අද ඔබගේ යොවුන් දුව, පුතා කරන, කියන දේ ගැන මනා වැටහීමක් ලබා ගැනීමට අවස්ථාව උදාවන බව සහතිකයි. මෙවැනි මානසිකත්වයක් තුළ විවෘත මනසකින් ඔබ ක‍්‍රියා කළහොත් යොවුන් දූ පුතුන් සමග ඇතිවන ගැටුම් පමණක් නොවෙයි බොහෝ සුලභ දුරස්වීම් පවා අවම කරගත හැකියි.
යොවුන් දු පුතුන් තුළ සිදුවන ඉහත සඳහන් වෙනස ඔබ තේරුම් ගත යුතුයි. ඔවුන් ස්වාධීනව සිතන්න කැමැති, නව විලාසිතා සඳහා උනන්දුවන බව ඔබ තේරුම් ගත යුතුයි. එවැනි විවෘත හා බුද්ධිමත් මනසකින් ඔබ ක‍්‍රියා කළහොත් ‘පිය-පුතු ගැටුම’ ‘මව සහ දුව අතර ගැටුම අවම කර ගැනීම නොව එවැනි ගැටුමක් නොමැති ඉතාමත් සුහදශීලී පවුල් වාතාවරණයක් බිහිකර ගත හැකියි. යොවුන් පුතාට වඩා මේ යුගයේදී දෙමාපියන් වැඩි වශයෙන් උනන්දු වන්නේ යොවුන් දියණියන් කෙරෙහි වීම ස්වභාවික කරුණක් වශයෙන් සැලකිය හැකියි. එය ඉතාමත් යහපත් තත්ත්වයක්. ඒ නිසා ඔබ නිතරම තමන්ගේ දියණියට හොඳම මිතුරිය වන්න උත්සාහ ගන්න. ඇය සමග ඇයගේ සිතුවිලි, වුවමනා එපාකම් බෙදා හදා ගැනීමට ඔබට හැකිවිය යුතුයි. ‘දියණියගේ හොඳම මිතුරිය මව’ වන තත්ත්වයක් තුළ ඇය නොමග යාමට හෝ නොමග යැවීමට ඇති අවස්ථාව ඉතාමත් දුර්වල බව ඔබ සිහිතබා ගත යුතුයි.
යොවුන් දුව පුතාගේ යහළු යෙහෙළියන් අශ‍්‍රයට විරුද්ධ නොවන්න, නමුත් සොයා බලන්න ඔබ වගබලා ගත යුතුයි. එවැනි තත්ත්වයක් මගින් පමණක් ඔබට සමාජශීලී දරුවෙක් හිමිවන්නේ. එසේ නොවුණහොත් සිදුවන්නේ සමාජ ඇසුරෙන් ඈත් වුණු හුදකලා / කොන්වුණු, පෞරුෂ හීන දරුවෙක් ඔබට උරුම වීමයි. කරන්න යන හැම දේටම විරුද්ධ නොවන්න, නිවැරදි මග පෙන්වීම පමණක් සිදු කරන්න ඔබ උත්සාහ කළ යුතුයි. ‘එපා... එපා..’ වෙනුවට ඔබට හෝ ඇයට හොඳ සහයකයෙක්, මග පෙන්වන්නෙක් වීමට ඔබ උත්සාහ ගත යුතුයි.
යොවුන් විය ගැන අවධානය යොමු කිරීමේදී ඔවුන් මුහුණ දෙන සංකීර්ණ කායික, මානසික හා සමාජයීය තත්ත්වයන් ගැන අප වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ අතර ඔවුන් හමුවේ නිරාවරණය වන ‘ලිංගිකත්වය හා සම්බන්ධ ගැටලූ’ ප‍්‍රමුඛයි. අප මීට ඉහතදී සාකච්ඡුා කළ ආකාරයට යොවුන් දු පුතුන් තුළ විරුද්ධ ලිංගිකයින් කෙරේ ආකර්ෂණය වීම, ලිංගික හැඟීම් ඇතිවීම වැනි වැඩිහිටියන් තුළ තිගැස්මක් ඇතිවන කරුණු හමුවේ යොවුන් වියේ පසුවන්නන්ට ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සිදුවිය යුතුද ? නැද්ද ? යන්න ගැන අප අවධානය යොමු කළ යුතුයි. මෙහිදී වැඩිහිටියන් බහුතරයක් තුළ පහත සඳහන් ප‍්‍රශ්න පැනනැගිය හැකියි.
1. ලිංගික අධ්‍යාපනය නිසා දරුවන් නොමටගට යයිද?
2. දරුවන් ලිංගිකත්වයට වැඩිපුර නැඹුරු වෙයිද?.
3. ලිංගික අධ්‍යාපනය ලබා දීම නිසා යොවුන් වියේදීම ගැහැණු දරුවන් ගර්භනී වෙයිද?
4. ඔවුන් සමාජ රෝග වලට ගොදුරු වෙයිද ?
මේ කරුණු හතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් අප හමුවේ පවතින ප‍්‍රධානතම බාධා වශයෙන් සැලකිය හැකිියි. එහෙත් සමාජ විද්‍යාඥයින් ඇතුළු විද්වතුන් දැඩිව අවධාරණය කරන්නේ යොවුන් වියේ පසුවන්නන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම මගින් ඇත්තටම ඉහත කී කිසිවක් සිදු නොවන බවයි. එනිසා යොවුන් දු පුතුන්ට විධිමත් හා විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට අප කිසි විටක එරෙහි නොවිය යුතුයි. ලිංගිකත්වය කියන්නේ සංකීර්ණ වගේම සංවේදී විෂයක්. ඒ නිසා ඒ පිළිබඳව ලබාදෙන දැනුම විධිමත් මෙන්ම අවබෝධාත්මක විය යුතුයි. එම නිසා යොෟවනයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී දරුවාගේ පළමු ගුරුවරයා දෙමාපියන් වෙත විශාල වගකීමක් පැවරෙනවා.
අපේ සංස්කෘතිය තුළ දෙමාපියන් හා ළමුන් මෙවැනි කරුණු ගැන සාකච්ඡා කිරීම/ දැනුවත් කිරීම දක්වන අකමැත්ත සත්‍යයක් වුවත් තව දුරටත් මේ නිහැඬියාව පවත්වා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා දෙමාපියන් දරුවන් ඉදිරියේ වඩාත් විවෘත මනසකින් මේ ගැන කතා කිරීමට යොමු විය යුතු කාලය දැන් පැමිණ තිබෙනවා. ලිංගික කරුණු දරුවන් සමග සකච්ඡා කිරීම ලැජ්ජාවට කරුණක් නොවෙයි. ඇත්තට ඒක දෙමාපියන් සහ වැඩිහිටියන් සතු වගකීමක් වශයෙන් සැලකිය හැකියි. තමන්ගේ යොවුන් දුව හෝ පුතා අවිධිමත් හා අවිචාරවත් ක‍්‍රම මගින් ලිංගික දැනුම ලබා ගන්නවාට වඩා වඩාත් විශ්වාසනීය ක‍්‍රමයකින් එම දැනුම ලබා ගැනීමට යොමු කිරීම වැඩිහිටියන්ගේ වගකීමක්.
උදාහරණයක් විදිහට මීට කලකට පෙර, ඇතැම් විට වර්තමානයේ පවා විවාහා වීමට සූදානම් තරුණියන්ට ඒ හා සම්බන්ධ දැනුම හා උපදෙස් ලබා දුන්නේ ඇයගේ නැන්දා කෙනෙක් හෝ සමීප ඥාති කාන්තාවක් විසින් තරුණයාට ඒ ගැන කියා දුන්නේ මාමා කෙනෙක් විසින්. යෞවනයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී මනා සංයමයෙන් විද්‍යාත්මක මානයෙන් ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි යන්න අවධාරණය කළ යුතුයි. මොකද ලිංගිකත්වය සමග දැවැන්ත අවිද්‍යාවක් හා මිත්‍යාවක් කාලයක් තිස්සේ ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වගේම ලිංගිකත්වය කියන දේ ගැන අධ්‍යාපනය ලබාදීමේදී මනා සංයමයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි. මොකද මේ කතා කරන්නේ සමාජය විසින් විවිධ සංස්කෘතික හා ආචාරධර්මීය වැටවල් බැඳ ඇති විෂයක් නිසා. ලිංගික අධ්‍යාපනය ලබා දීමෙන් ලැබෙන වාසි ලිංගිකත්වය ගැන අධ්‍යාපනය ලබාදීමෙන් පහත සඳහන් වාසි යෞවනයින්ට ලැබෙනවා.
1. ලිංගිකත්වය පිළිබද ඇති කුතුහලය නැති වී යනවා.
2. ප‍්‍රජනන සෞක්‍ය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති වෙනවා.
3. අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට පුළුවන්.
4. ඥාති මිත‍්‍රාදීන් සමග නිවැරදි අන්තර් පුද්ගල සම්බන්ධතාවන් වර්ධනය කර ගැනීමට පුළුවන්.
5. වැඩිහිටියන් සහ වෙනත් අයගේන් ඇතිවිය හැකි ලිංගික අපචාරවලින් වැලකී සිටීමට පුළුවන්.
6. ලිංගික හැඟීම් පාලනය කර ගැනීමෙන් වැරදි ලිංගික සම්භන්ධතා ඇති වීම වළක්වා ගත හැකියි.
එයා දැන් ලොකු ළමයෙක් ළමා කාලයේ අවසානය සනිටුහන් වී වගකීමක් සහිත යුවතියක් ලෙස ඇය දැක්වනුයේ මල්වර වීමත් සමගයි. සාමාන්‍යයෙන් අවුරුදු 11 - 16 ත් අතර වයස් සීමාව තුළ මල්වර විම සිදු වෙනවා. මෙහිදී මල්වරවීමට පෙර දැරියන්ගේ සිරුරේ යම් යම් වෙනස්කම් සිදුවෙනවා. වැඩි වියට පත්වීමට පෙර සිරුරේ ඇති වන වෙනස්කම්
අ. පියයුරු වැඞීම
ආ. කිහිලි සහ ඉකිලි ප‍්‍රදේශ වල රෝම වැඞීම.
ඇ. උස යෑම.
ඉහත කරුණු සම්පූර්ණ වූ පසු යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම අපි ‘‘වැඩිවියට පත් වීම’ ලෙස හඳුන්වනවා. නිසි වයසට පෙර වැඩි වියට පත් වීම වර්තමානයේ අපේ රටේ දැකිය හැකි විශේෂ තත්ත්වයක් වන්නේ දැරියන් නිසි වයසට පෙර වැඩිවියට පත්වීමයි.
මෙහිදී නිසි වයසට පෙර වැඩිවියට පත්වීම යනුවෙන් අදහස් වන්නේ අවුරුදු 9 දී හෝ ඊට පෙර වැඩි වියට පත් වීමයි. මේ සඳහා හේතු කිහිපයක් බලපානවා.
අ. ඩිම්බ කෝෂ වල ගෙඩි තිබීම.
ආ. අධි වෘක්ක ග‍්‍රන්ති වල ගෙඩි තිබීම.
ඇ. පිටියුටරි ග‍්‍රන්තියේ ගෙඩි තිබීම.
ඈ. කුකුල් මස් භාවිතය.
මෙහිදී අප මුල් කාරණා ගැන සෞඛ්‍යමය දෘෂ්ටි කොණයකින් අවදානය යොමු කළ යුතුයි. මොකද ඉහත මුලින් සඳහන් කරුණු තුන පදනම් වන්නේ යම් කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්. ඒත් වර්තමානයේ අසාමාන්‍ය ලෙස අඩු වයසින් දැරියන් මල්වර වීමට කුකුල් මස් භාවිය ( බොයිලර්) ප‍්‍රබල හේතුවක් වී තිබෙනවා. වැඩි වියට පත්වීම ප‍්‍රමාදකරන හේතු අඩු වයසින් වැඩිවියට පත්වීම වගේම වැඩිවියට පත්වීම ප‍්‍රමාද වන දැරියන් ද අපට සමාජයේ සුලභව හමු වෙනවා.
මේ සඳහා පහත සඳහන් හේතු බලපානවා.
අ. මොළයේ ගෙඩි තිබීම.
ආ. වර්ණ දේහ වල විකෘතිතා නිසා ඩිම්බ කෝෂ වල ඩිම්බ නොසෑදීම.
ඇ. තරබාරු බව.
ඈ. උපතින්ම කන්‍යා සිවිය හා වී තිබීම.
මෙහිදී යම්කිසි දැරියක් අවුරුදු 17 වනතෙක් වැඩිවියට පත් නොවුනහොත් සුදුසු වෛද්‍යවරයකු වෙත පෙන්විය යුතුයි. කන්‍යාවක යන්න තීරණය කිරීම ‘කන්‍යාභාවය’ යොවුන් විය සමග විශේෂයෙන් අවදානයට ගන්නා දෙයක්. මෙය ලෝකයේ ඕනෑම සංස්කෘතියක් දැඩිව සැලකිල්ලට ගන්නා බව අපට පේනවා. මෙහිදී සමාජය විසින් දැඩිව අවදානය යොමු කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක කරුණකට වඩා සමාජ හා සංස්කෘතික වටිනාකමක් ගැන බව පැහැදිළියි.
එහෙත් මේ සංස්කෘතිකමය කාරණය ඉක්මවා ගිය තත්ත්වයක් කන්‍යාභාවය තුළ තිබෙනවා. ඊට හේතුව වන්නේ සමාජය විසින් නොසලකා හරින වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩක් මේ තුළ තිබීමයි. මෙහිදී අප නිතර දකින දෙයක් තමයි තරුණියක් විවාහයෙන් පසු ගත කරන මුල්ම මංගල රාත‍්‍රියේදී ( සෑම සමාජයක් තරුණියකගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්නේ මංගල රාත‍්‍රියේ සිදුවන ප‍්‍රථම එක්වීම සමගයි) තම කන්‍යාභාවය ( අපේ සමාජය ‘පිරිසිදුකම කියලා කියන්නේ මේකටමයි) ඔප්පු කිරීමට අසමත් වුවහොත් සංකීර්ණ ගැටලූ රැසකට මුහුණ දීම. ඇතැම් විට එය විවාහය දෙදරා යාමට පවා හේතු කර ගැනීමට අපේ සමාජය සූදානම්.
ඒත් ප‍්‍රශ්නය වන්නේ කන්‍යාභාවය තීරණය සම්බන්ධයෙන් වන වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වය. අපි නොදැන සිටියාට මංගල රාත‍්‍රියේදී තම කන්‍යාභාවය ඔප්පු කිරීමට ( මෙසේ තම කන්‍යාභාවය ඔප්පු කිරීමට තරුණියකට සිදුවීම අතිෂයින් අවිද්‍යාත්මක හා මානව ගරුත්වයට නොගැළපෙන ප‍්‍රථමික අදහසක් බව සඳහන් කළ යුතුයි) නොහැකිවන තරුණියන් පහත දැක්වෙන තත්ත්වයන්ට මුහුණ දුන් අය විය හැකියි.
1. මෙම තරුණියන් තුළ උපතින්ම කුමරිචඡදය පිහිටා නොතිබීමට පුළුවන.
2. කුමරිච්ඡදය ඉතා ලිහිල් එකක් වීම.
3. දැඩි ව්‍යායාම වලදී බිඳී යාමට පුළුවන.
මෙම තත්ත්වයන් වෛද්‍ය විද්‍යාත්මක සලකන්නේ සාමාන්‍ය තත්ත්වයන්, එසේත් නැතිනම් තරුණයක තුළ තිබිය හැකි සාමාන්‍ය ශරීර ස්වභාවයක් විදිහට. ඉතිං එවැනි තත්ත්වයක් හමුවේ කන්‍යාභාවය තීරණය කිරීමට ‘කුමරිෙඡ්දය’ යොදා ගැනීම අතිෂයින් අතාර්කික හා අවිද්‍යාත්මක කාරණයක් බව සඳහන් කළ යුතුමයි.
ලිංගික ද්විරූපාන්තරණය ගැහැනු සහ පිරිමි අතර පවතින පෙනුමේ වෙනස, හැසිරීමේ වෙනස, සිතුවිලි වල වෙනස, ‘‘ලිංගික ද්වීරූපකරණය’ වශයෙන් හැඳින්විය හැකියි. ලිංගික ද්වීරූපකරණයේ පිරිමි ආකාරය රැවුල, කටහඬ, කට හඬ සහ පපුවේ පේශිමය බව වැඩිම ලිංගික ද්වීරූපකරණයේ පිරිමි ආකාරය වශයෙන් දැක්විය හැකියි. ලිංගික ද්වීරූපකරණයේ ගැහැණු ආකාරය මටසිළිටු බව, රෝම අඩු බව, වැඩුනු පියයුරු, නාරි හැඩය.
Lanka Newsweek © 2024