Monday 7th of October 2024

English Tamil
Advertiesment


ඔබේ දරුවන්ටත් ‘ගැස්ට‍්‍රයිටීස්’ ද..?


2019-09-15 14331

‘ගැස්ට‍්‍රයිටීස්’ කියන්නේ දරුවන් අතර බහුල රෝග තත්ත්වයක් නොවෙයිි. එහෙත් ආහාර පාරිභෝජන රටාව වෙනස්වීම නිසා දරුවන් අතර ද මේ වන විට ගැස්ට‍්‍රයිටීස් රෝගය බහුල වෙමින් තිබෙනවා’ මේ හෙළිකිරීම කරන්නේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය වෙද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මාතුල හෙට්ටිආරච්චි මහතා.

විශේෂඥ වෛද්‍ය මාතුල හෙට්ටිආරච්චි මහතාට අනුව මීට කලකට පෙර දරුවන් අතර ඉදහිට වාර්තා වූ ගැස්ට‍්‍රයිටීස් රෝගය දැන් දැන් සුලභ දෙයක් වෙලා. මෙය බරපතළ තත්ත්වයක්. ඇයි දරුවන් අතර ගැස්ට‍්‍රයිටීස් වැනි රෝගයක් වේගයෙන් පැතිරෙන්නේ,

‘ආහාර පාරිභෝජන රටාව වෙනස්වීම නිසයි දරුවන් අතර මේ රෝගය බහුල වෙමින් තිබෙන්නේ. නියමිත වේලාවට ආහාර නොගැනීම, අධික තෙල් සහිත, අධික කුළුබඩු සහිත ආහාර වගේම පිටි සහිත ආහාර වැඩිපුර පාරිභෝජනය සමගයි මේ තත්ත්වය බහුල වෙලා තිබෙන්නේ’ වෛද්‍ය මාතුල මහතා පෙන්වා දෙනවා.

මෙහිදී වෛද්‍ය මාතුල පෙන්වා දෙන්නේ ඉහත සඳහන් කළ කරුණුවලට අමතරව තවත් හේතු කිහිපයක් නිසා දරුවන් අතර ගැස්ට‍්‍රයිටීස් බහුල වෙමින් පවතින බවයි.

වෙනත් හේතු මොනවාද.. ?

‘ගැස්ට‍්‍රයිටීස් රෝගය එහෙම නැතිනම් අමාශයේ ඇතුළත ආස්තරණය ප‍්‍රදාහයට ලක්වීම හේතු කිහිපක් නිසා සිදුවිය හැකියි. ආමාශයේ ඇති අම්ල සාන්ද්‍රණය වැඩිවීම සහ ආමාශ බිත්තියේ ඇති අස්තරණය දුර්වල වීම මේ අතර ප‍්‍රධානයි. මේ සඳහා හේතු කිහිපයක් දායක විය හැකියි. උදාහරණයක් ලෙස සමහර වේදනා නාශක ඖෂධ භාවිතය, වෛරස් ආසාදන, ශාරීරික හා මානසික ආතතිය, සමහර විෂබීජ (හෙලිකොබැක්ටර් පයිලෝරායි) ප‍්‍රති ඔක්ෂිකරණ පද්ධතිය විසින් ශරීරයේ අවයව හා පටකවලට අනිසි බලපෑම් කිරීම ආදි හේතු මත ආමාශ බිත්තියේ සමතුලිතතාවය නැතිිවී ප‍්‍රදාහයට ලක්වීම සිදුවිය හැකියි’

වෛද්‍ය මාතුල මහතා කරණ මේ පැහැදිලි කිරීම අනුව අනුව අපට පැහැදිලි වන්නේ දරුවෙක් ගැස්ට‍්‍රයිටීස් රෝගයෙන් ඈත්කර තබා ගැනීම හිතන තරම් පහසු කරුණක් නොවන බවයි. රෝග ලක්ෂණ නිවැරදිව හඳුනා ගන්න

ඕනෑම රෝගයක් නිට්ඨාවට සුව කිරීමට නම් එහි රෝග ලක්ෂණ නිවැරදිව හඳුනා ගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය මාතුල හෙට්ටිආරච්චි මහතා කියන්නේ. ඒ අනුව ගැස්ට‍්‍රයිටීස් රෝගයේ රෝග ලක්ෂණ මේ ආකාරයට දැක්විය හැකියි.

‘මෙහි මූලික රෝග ලක්ෂණය තමයි උදරයේ වේදනාව. එය, විශේෂයෙන් උදරයේ ඉහළ කොටසේ ඇතිවන දැවිල්ලක් විය හැකියි. ඔක්කාරය සහ වමනය, පපුවේ දැවිල්ල සහ වේදනාව, අම්ලපිත උගුරට පැමිණීම වගේම රෝගය උත්සන්න වන විට අමාෂයේ තුවාලවලින් රුධිරය වහනය වීම සිදුවිය හැකියි. ඒ අනුව වමනය හෝ මළපහ මගින් රුධිරය පිටවීම රෝගය උත්සන්නව ඇති බවට කරන පැහැදිලි සංඥාවක්. ඒ වගේම තමයි ඇතැම් ආහාර ගැනීමෙන් පසු දරුවන් තුළ මේ රෝග ලක්ෂණ උත්සන්න වීමක් සිදුවිය හැකියි’

මෙහිදී විශේෂඥ වෛද්‍ය මාතුල කියන්නේ ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ ඒ ආකාරයෙන්ම දරුවන් තුළ දැකගත නොහැකි වන බවයි.

‘මේ තත්ත්වය තුළ බොහෝ විට අපි දකින්නේ උදරයේ වේදනාව සහ වමනයයි. ඒත් ප‍්‍රශ්නය වන්නේ මේ රෝග ලක්ෂණ දරුවන් තුළ ඇති වෙනත් රෝගවලදීත් දැකිය හැකි වීමයි. උදාහරණයක් විදිහට පිත්තාශයේ ගල්, අග්න්‍යාසයේ ඇතිවන ප‍්‍රදාහය, වකුගඩුවල රෝග, අක්මාවේ ඇතිවන රෝගවලදීත් මේ ආකාරයේ ම රෝග ලක්ෂණ දැකිය හැකියි’

එසේ නම් ඇතිවන්නේ ගැටලූ සහගත තත්ත්වයක්. වැරදි රෝග ලක්ෂණ නිර්ණය මගින් විනාශකාරීප‍්‍රතිඵල ඇතිවිය හැකියි.

නිවැරදි රෝග නිර්ණය

‘මෙවැනි රෝග ලක්ෂණ පවතින අවස්ථාවකදී රෝගියා පරීක්ෂා කිරීමෙන් සහ වෙනත් පරීක්ෂණ කිරීමෙන් වෙනත් රෝග තිබේදැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ආමාෂයේ අම්ල සාන්ද්‍රණය අඩුකරන ඖෂධ වර්ග මගින් මෙම රෝග ලක්ෂණ සමනය වීම දක්නට ලැබෙනවා. නිතර නිතර, නැවත - නැවත රෝග ලක්ෂණ ඇතිවීම ගැස්ට‍්‍රයිටීස් රෝගය සඳහා වන විශේෂිත පරීක්ෂණයක් කිරීමට හේතුවක් වෙනවා. අමාශය ඇතුළත කැමරාවක් මගින් පරීක්ෂා කිරීම සහ අමාශ ආස්තරණයෙන් කුඩා කොටසක් ගෙන පරීක්ෂා කිරීම මෙහිදී සිදුකරනවා.

බැක්ටීරියා ආසනය

ගැස්ට‍්‍රයිටීස් රෝගය ඇති වීම සඳහා ‘හෙලිකොබැක්ටර් පයිලෝරයි’ බැක්ටීරියාව මූලික හේතුවක් වශයෙන් හඳුනා ගෙන තිබෙන බව විශේෂඥ වෛදඨ මාතුල හෙට්ටිආරච්චි මහතා කියනවා. මෙම බැක්ටීරියාව නිසා ඇතිවන රෝගී තත්ත්වය ලෝය පුරා දැකිය හැකි බව පවසන වෛද්‍ය මාතුල සංවර්ධනය වෙමින් පවතින ලංකාව වැනි රටවල දරුවන්ගෙන් සියයට 10ක් සහ වැඩිහිටියන්ගෙන් සියයට 80ක් මේ බැක්ටීරියාව ආසදනය වී ඇති බව පෙන්වා දෙනවා. මේ ආසදනය නිතර නිතර ගැස්ට‍්‍රයිටීස් රෝගය ඇතිවීමට හේතුවක් බවයි වෛද්‍ය මාතුල පෙන්වා දෙන්නේ.

‘මේ බැක්ටීරියාවේ ආසදනයට ලක්වූ සෑම දරුවෙකු තුළම රෝග ලක්ෂණ ඇතිවන්නේ නැහැ. රෝග ලක්ෂණ ඇතිවූ දරුවන්ගේ එම තත්ත්වය නිශ්චිතව නිර්ණය කොට ප‍්‍රතිකාර කළ යුතුයි. බොහෝ විට මෙහි රෝග නිර්ණය කිරීමට ‘එන්ඩොස්කොපි’පරීක්ෂණයක් ද කළ යුතුයි’

මෙම ආසදනය තවත් කෙනෙකුට බෝවීමට අවධානමක් තිබෙන බවයි වෛද්‍ය මාතුල කියන්නේ.

‘මෙම විෂබීජය ශරීරගත වන්නේ අපිරිසිදු ජලය සහ අපිරිසිදු වටපිටාවක් ඇති අවස්ථාවලදීයි. බොහෝ විට පවුලේ සියලූ දෙනාට මෙම ආසාදනය වැළඳීමට ඉඩ තිබෙනවා. ඒ නිසා තමා අවට පරිසරයේ පිරිසිදුකම ගැන සියලූ දෙනාම වගබලා ගත යුතුයි’

සංකූලතා මොනවදා ?

‘ඉහත සඳහන් කළ හේතු මත දරුවන්ගේ ආමාශයේ තුවාල සිදුවිය හැකියි. ඒත් ආමාශයේ තුවාල කලාතුරකින් දකින්නට ලැබෙන සංකූලාතාවක් වශයෙන් තමයි සලකන්නේ. මෙහිදී බොහෝ විට ආමාශයේ තුවාලවලින් රුධිරය වහනය වීම දැකිය හැකියි. ඒ වගේම වමනය, ලේ වහනය, වමනය සමග ලේ වහනය, මළපහ සමග තද කලූ පැහැති ඇලෙනසුළු වෙනස් වූ රුධිරය පිටවීම දැකිය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් ඉතා ඉක්මනින් රෝහල්ගත වීම වැදගත්. ඒකට හේතුව තමයි රුධිර වහනය නතර කිරීමට ප‍්‍රතිකාර කළ යුතු වීම.

ගැස්ට‍්‍රයිටීස් සඳහා ප‍්‍රතිකාර තිබේද ?

‘ඔව් මේ සඳහා සාර්ථක ප‍්‍රතිකාර තිබෙනවා’ යැයි විශේෂඥ වෛද්‍ය මාතුල හෙට්ටිආරච්චි මහතා කියනවා.

‘බොහෝ විට ප‍්‍රතිකාර මගින් සිදුවන්නේ ආමාශයේ අම්ල ස්වභාවය අවම කිරීමයි. එමගින් ආමාශ ආස්තරණයට ඇති ප‍්‍රදාහය අවම වෙනවා. මෙම රෝගය ඇතිවීමට බලපෑ හේතු ඉවත් කිරීම හෝ අවම කිරීම මෙම රෝගය නැවත ඇතිවීම වැළැක්වීමට ප‍්‍රධාන වශයෙන් හේතු වෙනවා. ්‍ය.ඡුහකදරස ආසාදනය සඳහා වන ප‍්‍රතිකාර එම ආසාදන සැදී ඇති බව තහවුරු කිරීමෙන් පමණයි සිදුකළ යුතු වන්නේ.

ඒ වගේම ගැස්ට‍්‍රයිටීස් සඳහා ප‍්‍රතිජීවක ඖෂධ වර්ග කිහිපයක සංකලනයක් ද භාවිත කරනවා. බොහෝ විට දවස් 10ක් හෝ සති දෙකක (දින 14ක්* කාලයක් සඳහා තමයි මේ ආකාරයෙන් ප‍්‍රතිකාර කරන්නේ’

මෙහිදී විශේෂඥ වෛද්‍ය මාතුල හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරන්නේ මේ සිල්ලටම වඩා ‘කට රැුක ගැනීම වැදගත්’ බවයි. ‘මේ සඳහා ඇති හොඳම ප‍්‍රතිකාරයටත් වඩා හොඳම, පහසුව ක‍්‍රමය තමයි කට රැුක ගැනීම. මුලින් සඳහන් කළ ආකාරයට අධික තෙල්, කුළුබඩු, පිටි සහිත ආහාර භාවිතයෙන් ඈත්වීම’ විශේෂඥ වෛද්‍ය මාතුල හෙට්ටිආරච්චි මහතා අවසන් වශයෙන් අවධාරණය කළා.

සටහන - තුෂාධවි
Advertiesment