Monday 14th of October 2024

English Tamil
Advertiesment


අගමැති හොරුන් ආරක්ෂා කරන බවට ජනපතිගෙන් චෝදනා


2019-07-02 16001

(සුජිත් මංගල ද සිල්වා)

මහා බැංකුව කොල්ල කෑ හොරුන් හිරේ  දැමීමට පසුබට නොවන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මහනුවර අද (22) සවස පැවතී ජන රැලියේදී ඉල්ලා සිටියේය. මේ හොරුන් හිරේ දැමීමේ දී තමාව දුර්වල නොකර තමාට ශක්තිය දෙන්න යැයි ද ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය. මේ මහා බැංකුවේ  මහා මුදල් මංකොල්ලය 2015-2016 පමණක් නොව  2008 සිටම සිදුව තිබෙනව බව ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පැහැදිලිව කියා තිබෙනවා.එමනිසා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි..,පළමුව කළ යුත්තේ මේ මහා හොරකම කළ සියලු දෙනා හිරේ දැමීමට කටයුතු කිරීමයි කියලා මම මේ ඓතිහාසික මහනුවර සිට කියනවා.ගරු අගමැතිතුමනි.., හිරේ දැමිය යුතු එවුන් හිරේ දමන්න...ඒකට පසුබට වෙන්න එපා...ඒකට මට ශක්තිය දෙන්න...මාව දුර්වල කරන්න එපා. බලු රැලක් එක්ක ඉස්සරහින් යනවාට වැඩිය සිංහ රැලක් එක්ක ඔලුව පහත් කර ගෙන පිටි පස්සෙන් යන එක හොඳයි කියල කතාවක් තිබෙනවා. මම මෙහෙම කියන්නේ 2008 සිට 2016 දක්වා දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ගසා කෑ සියලු දෙනාටයි. ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනි ...ආදරණීය එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයිනි...මම ද්‍රෝහී වූයේ ඔබට නොව හොරකමට සහ වංචාවටයි.   [embed]https://youtu.be/UuSuE97_AG0[/embed]

Advertiesment