වර්තමානයේ අපේ ගොවිජනතාව මුහුණ දී සිටින දැවැන්තම ගැටලූවක් වන්නේ වකුගඩු රෝගය බව සෞඛ්‍ය අංශ කියනවා. විශේෂයෙන් වියළි කලාපයේ වී ගොවීන් බහුල වශයෙන් වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ.වර්තමානයේදී අපට හමුවන වකුගඩු රෝගීන් අතර අති බහුතරය වන්නේ ‘මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගය’යි. මෙහි මූලය අවිනිශ්ත යැයි සඳහන් වන්නේ වකුගඩු රෝගය ඇතිවීම සඳහා හේතු වූ කරුණු මොනවාදැයි නිශ්චිතව සඳහන් කිරීමට නොහැකි නිසයි. උදාහරණයක් වශයෙන් ඇතැම් පුද්ගලයින් වකුගඩු රෝගයට ගොදුරු වීමට ‘දියවැඩියාව’ ආදී රෝගය හේතු වෙනවා. එවිට වකුගඩු රෝගයට හේතුව පැහැදිලියි. ඒත් අපේ වියළි කලාපීය ගොවීන් අතර වේගයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගයට මේ ආකාරයේ නිශ්චිත රෝග නිධානයක් නැහැ. එය තමයි අද මෙම රෝගීන් පමණක් නොවෙයි මෙම ප‍්‍රදේශවල ජනතාව පවා මුහුණ දී සිටින අභියෝගය වන්නේ.
ඉහතින් සඳහන් කළ ආකාරයට වෛද්‍යවරුන්ට මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගය සම්බන්ධයෙන් දැක්විය හැක්කේ අනුමාන රැසක් පමණයි. ඒවා පහත සඳහන් වෙනවා.
මේ වන විට විවිධ පර්යේෂකයින් විසින් කර ඇති පර්යේෂණ අනුව තමයි ඉහත කී අනුමාන කිහිපය හඳුනා ගෙන තිබෙන්නේ.
අපේ ජනතාව අතර ලෙඩ රෝග සම්බන්ධයෙන් තිබෙන විවිධ ඍණාත්මක ආකල්ප සහ චර්යාවන් නිසා බොහොමයක් ලෙඩ රෝග කලින් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙය රෝග පාලනය සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක්.
පහත සඳහන් වන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබට තිබෙනවා නම් ඔබ වහාම පිළිගත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි.
01 ඇඟට දැනෙන අපහසුතාවය.
02 මුත්‍ර සමග පෙණ පිටවීම.
03 කෑම අරුචිය.
04 වමනය.
05 කොන්දේ කැක්කුම.
06 මුත්‍රා පිටවීම ක්‍රමයෙන් අඩුවීම.
07 ශරීරයේ ඉදිමුම.
08 හතිය.
09 ඇඟ සුදුමැලි වීම.
10 රක්තහීනතාවය.
11 අධික රුධිර පීඩනය.
10 මස්පිඩු දුර්වලතාවය.
11 ඇඟ කැසීම.
12 සිහි කල්පනාව අඩුවීම.
මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීමටත් ඔබගේ වකුගඩු රැක ගැනීමටත් ඔබ පහත සඳහන් කරුණු ගැන මනා අවධානයකින් සිටිය යුතුයි.
මෙහිදී අවධාරණය කළ යුත්තේ ඉකිමනින්, කල් නොයවා රෝගය හඳුනා ගැනීම මගින් රෝගය උත්සන්න වීම පාලනය කරගත හැකි බවයි. ඒ නිසා රෝගය මුලින් හඳුනා ගැනීම සඳහා ළඟම ඇති රෝහලට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු වන්න.
(වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් නිකුත් කළ පත‍්‍රිකාවක් ඇසුරිණි)
සැකසුම
(තුෂාර වල්ගම)
Lanka Newsweek © 2024