Friday 4th of October 2024

English Tamil
Advertiesment


කාය වර්ධන සම්මේලනය ආසියාවේ කළු සිංහයා හඬවයි


2019-07-03 14321

 

කාය වර්ධනයේ චෝදනා අනාථයි-කළු සිංහයා සනාථයි

 

(අශන්ති වර්ණසුරිය)

තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ලූෂන් පුෂ්පරාජ් පවසයි. මේ සම්බන්ධයෙන් “lankanewsweek” කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු  වැඩි දුරටත් සදහන් කළේ  ඒ පිළිබදව විනය  හෝ කිසිදු පරීක්ෂණයට ඔහුට පැමිණෙන්නැයි අදාළ බලධාරීන් දැනුම් දී නොමැති බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ “ටෙක්සාස්” හී පැවති “Mr Atlas” ලෝක කායවර්ධන ශුරතාවලියට එක්වෙමින් ජය ගෙන “ආසියාවේ කළු සිංහයා”නමින් විරුදාවලිය ලබා ශ්‍රී ලංකාවේ නාම ජාත්‍යන්තරයට ගෙන යන්න හැකි වූයේ “RIOCOCO” සමාගම සහ එහි සභාපති සුසන්ත ශාන් හැලබ මහතා දක්වූ අනුග්‍රහය නිසා බව ද  ලූෂන් පුෂ්පරාජ් පෙන්වා දෙයි.මේ ඒ  “ආසියාවේ කළු සිංහයා” නමින් විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් සමග කළ සාකච්චාවකි. " මට සංගම් සහ  සම්මේලන අදාළ  නැහැ . මම මට පුළුවන් දේ මේ ක්‍රීඩාව වෙනුවෙන් කරනවා. කායවර්ධන සම්මේලනයෙන් වසර හතරක් තිස්සේ  ජාත්‍යන්තර තරගාවලියකට කිසිදු ක්‍රීඩකයකු යවලා නැහැ. සම්මේලනය මාව විවේචන කළා. “Mr Atlas” තරගාවලියේදීත් මගේ රටේ ජාතික කොඩිය යටතේ තරග කරන්න බැහැ කියලා ඒ අය  මට පහර ගැසුවා . මගේ රටේ කොඩිය යටතේ  මට මේ තරගාවලියට යන්න දෙන්න නොහැකි ඇයි කියල අසමින් මම එදා ඇඩුවා. ඒ වෙලාවේ සුසන්ත  ශාන් මහතා  මව දිරිමත් කළා. මම සැලුනේ නැහැ . අන්තිමට මම ශ්‍රී  ලාංකීය කොඩිය ඇමරිකාවේදී උස්සලා පෙන්නුවා . සිංහයෙක් ගොදුරකට යන කොට  කිසිවක් නිසා ඒ ගොදුර  අත  හරින්නේ නැහැ .  මමත් ඒ වගේ . කිසිවක් අත හරින්නේ නැහැ ඉදිරියටම යනවා.  ඒ නිසයි කොරියාවේදී මට "ආසියාවේ කළු සිංහයා" කියන නමත් පට බැදුණේ .  මම තනි ගමනක් ගියේ...ඒ මගේ මනස  ශක්තිමත් නිසා".

කායවර්ධන ක්‍රීඩාවට ශ්‍රී  ලංකාවේ පවතින තත්වය පිළිබදව ඔහු අදහස් දැක්වූයේ මෙසේය.

"ශ්‍රී  ලංකාවේදී කාය වර්ධනය  දුප්පතුන්ගේ ක්‍රීඩාවක් , ඒ වගේම පහත් ක්‍රීඩාවක් කියලා හිතනවා. අපේ රටේ කායවර්ධන ක්‍රීඩාව වැටිලා තියෙන්නේ ඒ නිසයි. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව  වන්නේ පාපන්දු .දෙවන ස්ථානය කාය වර්ධනය.නමුත් ශ්‍රී  ලංකාවේ මිනිස්සු අතරට තවම මේ ක්‍රීඩාව ගිහිං නැහැ. ඒ වගේම අපේ මිනිස්සු අතරට යවන්නත් බැහැ”.

 2018 නව වසරේදී ඔහු සතු වන බලාපොරොත්තු කිහිපයකි.

 " 2018 දී ජාත්‍යන්තර   තරග 5 ක් තියෙනවා. "මිස්ටර් ඔලිම්පියා" වීමයි මගේ අරමුණ. මේ තරගයට යන්න  රජයෙන් උදව් ලැබුණත් නොලැබුණත් සම්මේලනවලින් ගැහුවත් නැතත් මම මගේ ගමන යනවා. මම මගේ රටේ සම්මේලන , අමාත්‍යංශ, අපේ නිලධාරීන් විවේචනය කරන්නෙ නැහැ.ඒ මොකද එහෙම කළොත් මම විවේචනය කරන්නේ මගේ රට".

සිය කුඩා කාලය ගැන මතකය අවදි කරමින්ලූෂන් පුෂ්පරාජ් මෙසේ පැවසීය.

 " පොඩි කාලේ ඉදලා මම ගොඩක් දුක් වින්දා . කුලී වැඩ කරලා තමයි  සාමානය පෙළ, උසස් පෙළ හැදෑරුවේ. මම ක්‍රීඩාවට හරිම ආදරේයි. ඒ නිසා පුංචි කලේ ඉදලා ක්‍රීඩා කළා. කාය වර්ධන ක්‍රීඩාවට පන්නරය ලැබුවේ පාසල් කාලයේදීයි.  මනස ශක්තිමත්ව තියා ගත්තා. රටට බරක් නොවී ජිවත් වීම සහ ක්‍රීඩාවට කළ හැකි උපරිමය කිරීමයි මගේ අරමුණ".

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල කලඑලිය ග්‍රාමයේදී  මොහු 1982 සැප්තැම්බර් 10 වනදා දා උපත ලබා ඇත. මිගමු කලපුවෙන් සහ පොල් රුප්පාවෙන් වටවූ කලඑලිය දරිද්‍රතාවයෙන් පෙළුණු ගමකි. අනේක විද දුක් කම්කටොළු විදමින් ලුෂන් ඇන්ටන් පුෂ්පරාජ් ලෝකය හමුවේ ශ්‍රී ලංකාව රනින් බැබලු ක්‍රීඩකයකි. කුඩා කළ සිටම ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ  නිසා එම දක්ෂතා අද සිටින තැනට එන්නට ඉවහල් වී ඇත. කුඩා කාලයේදීම පියා අහිමි වීමෙන් සහෝදරයන් දෙදෙනෙකු සහ මව සමහ තනිවූ ලූෂන් පුෂ්පරාජ් ගේ පාසල් කාලය සුළගේ ලෙලෙනා මලසේ දග පෑ කාලයක් නොවීය. සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට සහ කුස ගින්න නිවා ගැනීමට කුඩා කල සිටම ඔහුට කුලී වැඩ කරන්නට සිදු විය.

කෙසේ හෝ ඔහු ඕමානය බලා පිටත් වන්නේද ආර්ථික අගහිගකම්වලට පිළිතුරක් ලබා ගැනීමේ අරමුණෙනි.  එහිදී ඔහු කාය වර්ධන ක්‍රීඩාවට යොමු වන්නේය. ඒ අනුව පළමු රන් පදක්කම ඔහු දිනන්නේ එහිදීය. 2012 සිට 2017 දක්වා කාය වර්ධන ක්‍රීඩාවෙන් රන් රිදී ලෝකඩ පදක්කම් දිනා ගනිමින් දෙස් විදෙස් හි ආදරයට පත්වූ ඔහුගේ ගමනේ හැරවුම් ලක්ෂය වන්නේ 2017 දකුණු කොරියාවේ පැවති ආසියානු ශුරතාවලියෙන් ඔහු ලැබූ  ජයග්‍රහණයයි.

ශ්‍රී ලංකා  කාය වර්ධන සම්මේලනය ලුෂන් පුෂ්පරාජ්ට අභූත චෝදනා නගද්දී ඔහු තමා උපයා ගත් මුදලින් ආසියානු ශුරතාවලියට ඉදිරිපත් විය. ඔහුගේ  ජයග්‍රහණය  සමාජ මාධය ඔස්සේ සුළගටත් වඩා වේගයෙන් හමා ගියේය. අවසන් ප්‍රථිපලය වන්නේ කිසිදු ශ්‍රී ලාංකිකයකු ළගා කර නොගත් විරළ භාග්‍යක් ඔහු කරා ළගා වීමයි.

ඒ ඇමරිකාවේ ටෙස්සාස් හි  පැවති Mr Atlas කාය වර්ධන තරගාවලියයි. මේ තරගාවලිය මීට  පෙර කිසිදු ශ්‍රී ලාංකිකයකු නියෝජනය කර නැත. ඇමරිකාවේ පැවැත්වෙන දැවැන්තම කාය වර්ධන තරගාවලියකට ශ්‍රී ලාංකිකයකු සම්බන්ධ වන පළමු අවස්ථාව ලූෂන් පුෂ්පරාජ්ට හිමි  වුයේද ඔහුට අනුග්‍රාකත්වය ලබා දුන් ශාන් හැලබ මහතා නිසාය.

ලොව රටවල් 34 ලෝක පූජිත කාය වර්ධන ක්‍රීඩකයන් අතරට එක් වෙමින් ඔහු සිව් වන ස්ථානය දිනා ගත්තේය. එදා ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයන් බොහොමයක් සහභාගි වුයේ මෙම ජයග්‍රහණයේ  සාක්ෂි කරුවන් වෙමිනි. එමෙන්ම මෙහිදී ලූෂන් ආසියාවේ කාය වර්ධනයට කරන සේවාව වෙනුවෙන් Inspiration Award දිනා ගත්තේය. මෙහිදී ජයග්‍රහණය නොකළත් හොදම කාය වර්ධක ක්‍රීඩකයන් සිව් දෙනා අතරට එක් වීමම  ලූෂන් පුෂ්පරාජ් ලැබූ ජයග්‍රහණයකි. ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා ලූෂන්පුෂ්පරාජ් අද  ජනප්‍රිය යැයි පැවසුවොත් එහි  වරදක්ද නොවේ.  සෑම ජයග්‍රහණයකින්ම තව තවත් ජයග්‍රහණ කෙරෙහි බලාපොරොත්තු දැල්වේ.

   

Advertiesment