Thursday 13th of May 2021

English Tamil
Advertiesment


ඉතාලියේ නව රජය දිවුරුම් දෙයි..!


2019-09-05 2111

ගුසෙප් කොන්ටේගේ ඉතාලියේ නව රජය අද (05) දිවුරුම් දුන් බව ඉතාලි මාධ්‍ය කියනවා.

දෙවැනි වරට එරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වන ගුසෙප් කොන්ටේගේ අමාත්‍ය මණ්ඩලයට ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලාගේ අනුමැතිය හිමිව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා කියන්නේ. නව කැබිනට් මණ්ඩලය වඩා යහපත් ඉතාලියක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇතැයි නව අග්‍රාමාත්‍ය ගුසෙල් කොන්ටේ ප්‍රකාශ කර කළා.

ගුසෙප් කොන්ටේගේ අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 21දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් දස දෙනෙකු ‘ෆයිව් ස්ටාර් මුව්මන්ට්’ පක්‍ෂය නියෝජනය කරන අතර ෆයිව් ස්ටාර් මුව්මන්ට් නායක ලුයිගි ඩි මායෝ නව කැබිනට් මණ්ඩලයේ විදේශ අමාත්‍යධූරයට පත් කර ඇති බව සදහන් වෙනවා.

Advertiesment