ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ලබා ගත් ප්‍රවීණ කලාකරුවන්ගේ නම් ගම් “lankanewsweek” හෙළි කිරීමත් සමග ප්‍රකෝපයට පත් ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා එම ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය ජාලවලට මරණීය තර්ජන එල්ල කරමින් සිටියි.
මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය කර සිය අභ්‍යන්තරයේ නිදාගෙන සිටින සිංහයා අවදි කර ගන්න එපා යැයිද තමාව ගෙවල්වලට ගෙන්වා ගෙන අනවශ්‍ය ප්‍රශ්න අති කර ගන්න එපා යැයිද තජනය කරමින් සිටින අර්ජුන් කමලනාත් මහතා එවකට ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ ආරාධනාව පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකායේ සැරයන්වරයකු ලෙස බැදී වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ලබාගත් බව ද පිළිගෙන තිබේ.
අර්ජුන් කමලනාත් මහතා මේ තර්ජණය එල්ල කරමින් “lankanewsweek” කළ හෙළිදරව්ව ද පිළිගෙන තිබෙන්නේ සමාජ මාධ්‍ය ජාල වෙත කෙටි වීඩියෝ පටයක් නිකුත් කරමිනි.
කෙසේ නමුත් සිය බිරිය වන අමීෂා කාවින්දි මහත්මියගේ නමින් මීට සති කිහිපයකට පෙර කොළඹ රාජගිරිය ප්‍රදේශයෙන් රුපියල් කෝටි පහකට පමණ අති සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලදී ගැනීමට සහ රුපියල් කෝටි 20ක් පමණ වැය කර රජ ඝෝෂ,කුසල් සහ කිඩ්නැප් ඇතුළු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කිරීමට මුදල සොයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව අර්ජුන් කමලනාත් මහතා කිසිදු සඳහනක් කර නොමැත.
අර්ජුන කමලනාත් මහතාගේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් ඇතුළු චංචල සහ නිශ්චල දේපොළ පිලිබදව පරීක්ෂණ ආරම්භ කර තිබෙන බරපතළ මුල්‍ය අපරාධ කොට්ඪශය,ඔහු සිය චිත්‍රපට බොහොමයක් ඩුබායි හී රූගත කරන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.
සිනමා කර්මාන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අර්ජුන් කමලනාත් මහතාට ඩුබායි හී සිය චිත්‍රපට රුගත කිරීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන සැපයෙන්නේ හිටපු රාජ්‍ය නායකයකුගේ පුත්‍රයකුට අයත් එරට බැංකු ගිණුම්වල තිබෙන මුදල්වලින් බවය.
මේ අතර ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට කළු සල්ලි යොදවා එම කළු සල්ලි සුදු කර ගැනීමේ (money laundering) ජාවාරමක් පිළබඳ තොරතුරුද “එෆ්,සී,අයි,ඩී”ය මේ වන විට හෙළි කර ගනිමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
ප්‍රවීණ සිනමා නළු නිලියන් පිරිසක් සහ සිනමා විචාරකයින් ගණනාවක් “lankanewsweek” සමග පැවසුවේ අර්ජුන කමලනාත් මහතා සිය “රජ ඝෝෂ”චිත්‍රපටය සඳහා කෙතරම් මුදලක් වියදම් කළා ද,ඒ මුදල් ඔහුට ලැබුනේ කෙස්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බවය.
ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා සමාජ මාධ්‍ය ජාලවලට තර්ජණය කරමින් නිකුත් කළ වීඩියෝ පටය මෙසේය.
[embed]https://youtu.be/IZfQJQa_Cr0[/embed]
Lanka Newsweek © 2024