Thursday 13th of February 2025

English Tamil
Advertiesment


ගබ්සා පෙති වර්ග දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලේඛණයට..!


2019-07-28 15239

(නායක බණ්ඩාර)

ලෝක සෞඛ්‍ය සංවිධානය තම අත්‍යාවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවට ගබ්සා පෙති ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO) ජූලි 9 වැනි දා නිකුත් කරනු ලැබ ඇති අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධ වාර්තාවට ගබ්සාවට යොදාගන්නා පෙති වර්ග දෙකක් වන මිසප්‍රොස්ටෝල් (misoprostol)හා මෙෆිප්‍රිස්ටෝන් (mifepristone) ඇතුළත් කර ඇත.

සති 12කට අඩු අනවශ්‍ය ගැබ්ගැනීමක් ඉවත් කිරීමට මෙම පෙති වර්ග දෙක බුලවම භාවිත කෙරෙන අතර, දරු ප්‍රසූතියේදී ඇතිවන පශ්චාත් රුධිර වහනය පාලනය කිරීමට මෙන් ම ගර්භාෂයේ ඇතිවන ඇතම් තුවාල, ගෙඩි සුවකිරීමට ද මෙම පෙති වර්ග දෙක භාවිත කෙරෙයි.

ලොව පුරා බොහෝ රටවල මෙම පෙති වර්ග ෆාමසිවලින් මිලදී ගත හැකි අතර, මෙරට වෛද්‍යවරුන්ද අත්‍යාවශ්‍ය අවස්ථාවලදී මෙම පෙති යුගල භාවිත කරයි. නිසි වෛද්‍ය උපදෙස් මත භාවිත කිරීමේ දී කාන්තාවන් වන්ද්‍යාභාවයට පත්වීම සම්බන්ධයෙන් බලපෑමක් ඇති නොකරන බවට තවහවුරු කර ඇති මෙම පෙති වර්ග දෙක මඟින් අනවශ්‍ය ගැබ්ගැනීමක් ඉවත් කරගැනීමට වෛද්‍යවරු නිර්දේශ කරන ඖෂධ වට්ටෝරුව අතර වේ.

www.womenonweb.org වෙබ්අඩවිය මඟින් ගබ්සා පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා දෙන අතර, මෙම පෙති භාවිතය සම්බන්ධයෙන් ද උපදෙස් එහි ඇත. (https://www.womenonweb.org/si/i-need-an-abortion)

Advertiesment