Friday 4th of October 2024

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ලැබූ දරුණුතම පරාජය ....


2019-07-03 14322

(හේමන්ත තුෂිත කුමාර) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නාග්පුර්හිදී අවසන් වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාව මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ලැබූ දරුණුතම පරාජය අත්විඳීමට සිදු විය. ඒ ඉන්දියාව හමුවේ ඉනිමකින් සහ ලකුණු 239කින් පරාජය වීම නිසාය. පන්දුවට පහර දෙන්නන්ට උචිත නාග්පුර් තණතිල්ලේ පළමුවෙන් පහර දුන් ශ්‍රී ලංකාව පළමු ඉණිමට සියලු දෙනා දැවී ලකුණු 205යි.එහිදී යම් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කල දිමුත් සහ චන්දිමාල් අර්ධ ශතක රැස් කිරීමට සමත් විය.( දිමුත් 51යි, චන්දිමාල් 57යි ). දක්ෂ පන්දු යැවීමක නිරත වූ අශ්වින් කඩුලු 4ක් ලබා ගන්නා විට ජඩේජා සහ ඉෂාන්ට් කඩුලු 3 බැගින් ලබා ගන්නා ලදී. පළමු ඉණිමට පන්දුවට පහර දීමට පැමිණි ඉන්දියාව දක්ෂ ලෙස පහර දෙමින් කඩුලු 6 කට ලකුණු 610යි. ඉන්දීය ඉනිමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුම ශතක සීමාව පසු කිරීමට සමත් වීම ඒ අතර සුවිශේෂී ලෙසින් කැපී පෙනුණි.( කෝලි 213යි, පුජාරා 143 යි, වීජේ 128යි ,ශර්මා 102යි). දිල්රුවන් ලකුණු 202 ට කඩුලු තුනයි. ඉනිමක පරාජයෙන් බේරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 166 යි. අශ්වින් දෙවැනි ඉනිමේදී ද කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වූ අතර චන්දිමාල්ට ලකුණු 61ක් ලබා ගැනීමට හැකි විය. පළමු ඉනිමේදී ඉන්දීය ක්‍රීඩකයන් 4 දෙනෙකුම ශතක ලබා ගත්තත් ඉනිම් දෙකේදීම එකදු ශ්‍රී ලංකික ක්‍රීඩකයෙකුට හෝ ශතකයක් ලබා ගැනීමට නොහැකි වීම ම ශ්‍රී ලංකා පිතිකරණ දුර්වලතාව පෙන්නුම් කිරීමට සමත් වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්ට ලබාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණක් වූ අතර ඔහුගේ පන්දු ගැන හොඳ අවබෝධයකින් යුතුව පහසුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් පහර දෙන ලදී. එහෙත් පසුගිය කාල වකවානුව පුරාවටම දඟ පන්දු යවන්නන්ගේ පන්දු හඳුනා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු ලෙස අශ්වින් ජඩේජා සුසංයෝගය හමුවේ අසරණ විය. පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී දිගින් දිගටම ඉම්රාන් තාහිර්ගේ පන්දු හඳුනා ගැනීමේ ගැටලුවට මුහුණදුන් ශ්‍රී ලංකාව දිනා ගත හැකි වූ තරඟ පවා දිනා ගැනීමට නොහැකි විය. එමෙන්ම සිම්බාබ්වේ සංචාරයේදී ග්‍රේම් ක්‍රීමර් ගේ පන්දු සහ පකිස්ථාන සංචාරයේදී ශදාබ් කාන්ගේ හා මොහොමඩ් හෆීස්ගේ පන්දු හමුවේද මෙලෙස දුර්වලතාව ප්‍රදර්ශණය විය.

Advertiesment