Monday 19th of May 2025

English Tamil
Advertiesment


සුළි කුණාටුවකින් සිම්බාබ්වේ පුද්ගලයින් 31ක් මරුට..!


2019-06-25 14365


සිම්බාබ්වේහි නැගෙනහිර ප්‍රදේශය හරහා හමා ගිය ඉඩායි සුළිකුණාටුවෙන් පුද්ගලයින්  31දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මෙලෙස මිය ගිය පිරිස අතර  පාසැල් දෙකක සිසුන් පිරිසක් ද සිටින බව වාර්තා වේ.තවද ගංවතුරින් යටවුණු මාර්ගයක් හරහා බස් රථයක් ගමන් කිරීමට යෑමේදී එම බස් රථයේ ගමන් ගත පුද්ගලයින් තිදෙනෙක් අතුරුදන් වී ඇති අතර එම පුද්ගලයින් සෙවීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇත.මෙම සුළි සුළඟින් ගල් පෙරලීම හේතුවෙන් බොහෝ අනතුරු සිදුවී ඇති අතර සුළං හමායන අවස්ථාවේ බොහෝදෙනා නින්දේ පසුවීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහල ගිය බව සඳහන් වේ.මිය ගිය පිරිස අතරේ මොසැම්බික් දේශසීමාව ආසන්නයේ පිහිටි මනිකලෑන්ඩ් පළාතේ 21දෙනකු වන අතර එම ප්‍රදේශයේ  විදුලිය ද  විසන්ධි වී සියලුම  සන්නිවේදන කටයුතු ඇණහිට ඇතැයි ද වාර්තා වේ.මෙම සුළි සුළඟ පැයට කිලෝමීටර් 177ක වේගයෙන් හමාගිය බව කාලගුණ බලධාරීහු පවසති.සුළිකුණාටුවෙන් අතුරුදන් වූ සම්පූර්ණ සංඛ්‍යාව 71ක් පමණ වන හෙයින් මියගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යෑමටඉඩ ඇති බව එරට බලධාරීහු පවසති.


Advertiesment