සිහින් පිණිපොද ඇදහැලෙන සොදුරු උදෑසනක තණපත් පාගා ඇවිදින්නට ඇත්නම් ඒ ආශ්වාදජනක කි‍්‍රයාවලිය දවස පුරාම ගත සිත ප‍්‍රබෝධයෙන් තබන්නට වන දායකත්වය මිල කළ නොහැකිය.
තණපත් ගොන්නෙහි ඈත මෑත සුදෝ සුදුවන් වර්ණ ගන්වමින් බිම්මල් ඇතිරිල්ලක් සැදී තිබීම මේ ආශ්වාදය වඩාත් තීව‍්‍රර කරන්නකි. බොල් පොළොවෙහි සුපිපෙන බිම්මල් පාරිසරික අලංකරණයට වන දායකත්වය පියවි ඇසින් දැක ගැනීමට දෙපයින් නැගී සිටිය යුතු වන්නාක් මෙන්ම බිම්මලේ අසිරිය විඳීමට පරිසරයට කාරුණික දෑසක්ද හිමිවිය යුතුය.
බිම්මල් යනුවෙන් හඳුන්වනු ලබන ශාකය අයත් වන්නේ baside දිලීර වර්ගයට අයත් ඇගරිකාසේ Agaricase කුලයටයි. හතු නොදියුණු ශාක ගණයට අයත් වන අතර වැඩෙන පාරිසරික ලක්ෂණ අනුව දිරාපත්වූ ඓන්ද්‍රීය ද්‍රව්‍යයන් කඳන් ආදියෙහි වැඞීම බහුල වේ. මේ නිසා ‘‘මෘතෝප ජීවීන්’’ mmaMgl හැටියට බිම්මල් සඳහන් කළ හැකිය. මේ දිලීර වලින් ඇතැම් ඒවා ආහාරයට ගතහැකි වන අතර තවත් ඒවා ඖෂධ නිපදවීම වැනි දෑ සඳහා උපයෝගීකොට ගනී. ආහාරයට ගත හැකි දිලීර හෙවත් හතු mmaMg ලෙස හදුන්වා දිය හැකිය.
වසර දහස් ගණනක් ඈතට දිව යන අතීතයක් හතුවලට හිමිවී ඇත. බෞද්ධ ඉතිහාසයේ භූමි ‘‘පප්ඵටක’’ ලෙස හතු හදුන්වා දී ඇති බව අග්ගඤ්ඤ සූත‍්‍රය පරිශීලනය කරන්නකුට පෙනේ. එදා භූමි පප්ඵටක’ ලෙස හදුන්වාදී ඇත්තේ දිලීර විශේෂයක් බව පැහැදිලිය. බොහෝ ඈතට දිවෙන ඉතිහාසයක් ඇති බිම්මල් හෙවත් හතු මිනිස් ජීවිතය හා බැඳී පවතින්නේ ඉතාමත් සිත්ගන්නා අයුරිනි.
බහුතරයක්ගේ මනාපය දිනාගත් දිව පිනවන බිම්මල් නොදියුණු ශාක කොටසක් වුවත් ඒවටා එතී ගෙතී ඇති මිත්‍යා විශ්වාසයන් බොහෝය. ලෝකයේ බොහෝමයක් වස්තූන් වටා මිත්‍යා විශ්වාස ගොඩනැගී ඇතිවාක් මෙන්ම ̔බිම්මල් ̕ වටා ගෙතුනු කයිකතන්දර ද ඒ තරමටම සිත්ගන්නා සුළු අපූර්වතම ඒවා වීමද නවමු ලක්ෂණයකි.
‘ඌරු හතු’, ‘ඉඳලොලූ හතු’, ‘‘කණාමැදිරි හතු’ වැනි බිම්මල් වර්ග මේ මිත්‍යා විශ්වාසයන්ට භාජනය වූ හතු වර්ගයයි. ඌරු හතු ප‍්‍රමාණයෙන් ඉතා විශාල වූවක් වන අතර දිගුකාලයක් ජීවත් වීමේ වරම් ලැබූ බිම්මල් වර්ගයකි. එය රසවත්ය. මේද ප‍්‍රමාණය ද අධිකය. එහෙත් රාත‍්‍රියට මිස දිවා කාලයේ ආහාරයට ගැනීමට වැඩිහිටියෝ ඉඩ නොදෙති. මක් නිසාද යත් යක්ෂ උවදුරු පැමිණෙතියි විශ්වාසයක් ඔවුන් තුළ පවතින බැවිනි.
ඌරු හතු ආහාරයට ගත් කෙනෙකු අජීර්ණාබාධයකට ලක් වූවොත් ඔහු අනිවාර්යෙන්ම යක්ෂ බැල්මකට හසු වී ඇති බව ඇතැම් ග‍්‍රාම්‍ය ජනකොටස් විශ්වාස කරති. එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වැඩි මේද ප‍්‍රමාණයක් අඩංගු වීම නිසා ජීර්ණ අපහසුකම් ඇතිවීම හෝ කල් පිනු බිම්මල් ආහාරයට ගැනීම නිසා විෂබීජ ශරීරගත වීම හෝ ආසාත්මිකතාවයට භාජනය වීමයි.
ඉඳලොලූ හතු ද ඉතාම රසවත් බිම්මල් විශේෂයකි. එයද ඌරු හතු මෙන්ම මේද සහිතය. එය ආහාරයට ගෙන තනිව ගමන් බිමන් යාමට හෝ නිවසින් බැහැර වීමට ඉඩ නොදෙන්නේ කිසිදා නොදුටු යකෙකුට බියෙනි.
එහෙත් කලාමැදිරි හතු වල තත්ත්වය මෙයට වඩා වෙනස්ය. එය ආහාරයට නොගනී. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම එය රාතී‍්‍ර කාලය හා සම්බන්ධ බව ඒත්තු යයි. එය රාත‍්‍රියේදී දිදුලන බැවින් එසේ නාමකරණය වී ඇත. එහි දිදුලන සුළු බව ලැබීමට හේතු වී ඇත්තේ රේඩියම් හා පොස්පරස් වලින් පොහොසත් වීම නිසයි. තවත් එවන් හතු විශේෂයකි Armillaria Mellea ආහාරයට නොගන්නා කලාමැදිරි බිම්මල් අදුන් ඇඔරීම සඳහා භාවිතා කෙරේ. අදුනක් යනු යාතුකර්ම හා බැදුනකි. විශේෂයෙන් කළු අභිචාර Black Magic සෘජු සම්බන්ධතාවයක් කලාමැදිරි හතුවලට ඇති බව ජන විශ්වාසයයි.
ඇතැමෙක් ඉඳලොලූ හා ඌරු හතු ශීත ගුණයෙන් යුක්ත බව පවසා ආහාරයට ගැනීමට මැලිකමක් දක්වති. කෙසේ වෙතත් තවත් කෙනෙක් එය උෂ්ණ අධික ආහාරයක් යැයි පිළිකෙව් කරති. කෙසේ හෝ වේවා බිම්මල් හා බැදුණු දේශීය ජන මිත්‍යා විශ්වාස අතරින් කීපයක් පමණි ඒ.
ලෝකයේ බිම්මල් පිළිබඳව 1942දී වැදගත් පර්යේෂණයක් සිදුකර ඇත. E.E.Anderson (ඇන්ඩර්සන්) සහ C.R. Fellows (ෆෙලොස්) විසින් සිදුකර ඇති මේ පර්යේෂණ ගැන ලියැවුණු ග‍්‍රන්ථයකින් හෙළි කෙරුණු කරුණු අනුව ආහාරයට ගත හැකි බොහෝ බිම්මල්වලMachrooms සංයුතිය පෙන්වා දී තිබේ.
ඒ අනුව මීයන් සහභාගි කරවා ගෙන ආහාර වශයෙන් ලබාදී කරන ලද මෙම පර්යේෂණයෙන් හතු මිලිගෑම් 100ක සංයුතිය විස්තර කෙරෙන අතර එම හතු ආහාර ලෙස ලබාදුන් මීයන්ගේ බර සති 06කට 30%න් වැඩිවූ බවද පැවසේ. එහි විටමින් ඒ සහ විටමින් ඩි නොතිබූ අතර විටමින් කේ එකතු කර හැකිව තිබුණි. තයමින් 0.12ද රිබොප්ලේවින් 0.52කද ඇස්කෝබික් අම්ලය 8.60ද නිකොටිනික් අම්ලය 5.58 ද පැන්ටොතනික් අම්ලය 2.28ද පොහොසත් විය.
ඉතිරි ප‍්‍රමාණය ජලයෙන් පෝෂිතය. මීට අමතරව ඔවුන්ගේ පර්යේෂණයන් තුළින් තවත් බොහෝ රසවත් තොරතුරු හෙළි වී ඇත. හතු වල 84%- 92% දක්වා ජලප‍්‍රමාණයක් පවතින අතර 0.2%-0.76% පමණ මේද ප‍්‍රමාණයක් අඩංගු බවද පෙන්වා දී තිබේ. ඔවුන්ගේ පර්යේෂණයේදී පෙන්වා දුන් අපූර්වතම කරුණක් වන්නේ අප ගන්නා ඇතැම් එළවළු වලට වඩා වියලි හතු වල ප්‍රෝටීන් බහුල බවකි. එසේම දණ්ඩාකාර හතුවල ‘විටමින් බී’ සංකීර්ණය අධික බවද පෙන්වා දී තිබේ.
මේ පර්යේෂකයන් කරන ලද තවත් එක් පර්යේෂණයකින් හෙළිවන්නේ විටමින් ඒ බහුලවම නැතත් සාමාන්‍ය මට්ටමෙන් ඇතැම් බිම්මල් වල පවතින බවය. ඒ අනුව Beletus Edulis,Beletus Eesam යන බිම්මල් විශේෂ විටමින් ඒ කැරොටින් වලින් පොහොසත් බව පැවසේ.
නිල් ලෝකයේ සමස්ත භූමිය පුරාවටම පිපෙන බිම්මල් විශේෂ 4200ක් පමණ ඇත. ඒවා තුළ ත්‍්පසකහ 50කට අයත්ය. හෝරා කිහිපයකට හෝ දින කිහිපයකට ජීවිත උරුමය කරපින්නාගෙන එන බිම්මල් ඒ ඒ ප‍්‍රදේශ වලට ආවේණික බවකින්ද යුක්ත වේ. පොදුවේ සෑම ප‍්‍රදේශයකම හටගන්නා බිම්මල් හැරුණු විට අතුරු හතු හෙවත් ‘රිට්ටා හතු’, ‘කන් හතු ’ ආදිය තෙත් කලාපයට ආවේණිකය. විශේෂයෙන්ම අකුණු පහරවලින් ලැබෙන නයිට‍්‍රජනීය ද්‍රව්‍යයන් ගේ උපකාරය අතුරු හතු වල උත්පාදනයට බලපානු ඇත. බක්මහ අකුණුත් සමගම තෙත් කලාපයේ විශේෂයෙන් සිංහරාජ වන පියස ඇසුරෙ රිට්ටා හතු දක්නට ලැබෙන අතර ඒවා ඉතාමත් රසවත් ආහාරයකි. වියළි කලාපයේද බිම්මලට විශේෂ තැනක් හිමිවේ. මන්ද මාස ගණනාවක් යටපත් වී තිබුණු දිළීරයන් පණ ගැන්වී එන්නේ පොද වැස්සත් සමගිනි. මේ ප‍්‍රදේශවල හුඔස් ඇසුරෙහි වැඩෙන කයිල හතු වියළි කලාපයට ආවේණික බිම්මලක් ලෙස හදුන්වා දිය හැකිය.
ලොව ඇති සෑම භෞතික වස්තුවකටම තට්ටු දමන්නට දඟලන මිනිසා මට්ටු වන දිනයකුත් ඇත. ආහාරයක් වශයෙන් දිව පිනවනවා වුවත් බිම්මල් වලින් ඇතැම් ඒවා හලාහල විෂ වලින් යුක්ත බව දැන සිටීම ද වැදගත්ය. බිම්මල් ආහාරයට ගන්නේ මිනිසා පමණක් නොවේ. ගෙම්බන්, කටුස්සන්, කුරුමිණියන්, ගොළුබෙල්ලන් වැනි කුඩා සතුන් හතු ආහාරයට ගනී. Family නම් බිම්මල පිපුණු විට ඒ මත ගෙම්බෙකු සිටිනු දැකීම සුලභ දර්ශනයකි.
ශී‍්‍ර ලංකාවේ දුර්ගන්ධයෙන් යුත් නයි හතු ආහාරයට නොගන්නේ විෂ සහිත නිසා බව ඔබ දන්නා කරුණකි. එහෙත් එය කුරුමිණියන් විසින් කාදමනු ලබන බව නොරහසකි.Toadstool නම් බිම්මල හාවුන් විසින් කාදමන අතර හාවාගේ ආමාශයට ඉන් හානියක් නොවේ. නමුත් මිනිසුන් එය ආහාරයට ගතහොත් වකුගඩු අක්මාව ආදියට හානි පමුණුවයි. අවසානයේදී මධ්‍ය ස්නායු පද්ධතියට හානි පැමිණීමෙන් අංශභාග වැනි රෝග තත්වයන් මතු වීමට තරම් එහි වීමට එහි විෂ ප‍්‍රබල විය හැකිය. එසේම පියාඹන බිම්මල් හෙවත් Amanita Phalloides සහ එම කුලයේම Amanita Muscaria අනිවාර්යෙන්ම විෂ සහිත හතුය. එයින් Amanita Muscaria බිම් මලෙහි හිස මාරාන්තික හලාහල විෂ වලින් යුක්තය. රසයට ගැතිවීම වූ කලී පෘථග්ජන සත්ත්වයාගේ ස්වභාවය වුවත් එයට ගැතිව දිවි හානි වීමට සොබාදහමෙන් ඉඩ නොලැබේ.
වර්ණ වෙනසකින්, දුර්ගන්ධයකින් විෂ සහිත බිම්මල් හදුනා ගැනීමේ අපූරු හැකියාවක් මිනිසාට ලබා දී ඇත්තේ මිනිසාගේම යහපතටය. හතු ගඳින් හා හුණු ගා පරීක්ෂා කිරීමෙන් ආහාරයට ගැනීම හෝ නොගැනීම පිළිබඳව තීරණ ගන්නා අය ද සිටිති. එහෙත් සෑම බිම්මලකටම එය ගැළපේද යන්න විමසීම ඔබටම භාර කරමි.
ඖෂධ සඳහා ද බිම්මල් භාවිතා වන බව නොරහසකි. පැය කීපයක ජීවිතයක් හිමි බිම්මල් සෑදෙන දිලීර වලින් පෙනිසිලීන් සොයා ගැනීම එක් උදාහරණයක් පමණි. එය අප දන්නා ඉතා පැහැදිළි කරුණක් වුවත් නවීන විද්‍යාත්මක ලෝකයෙහි විවිධ ඖෂධ සඳහා දිලීර දායක වන බව ලොව දසත මාධ්‍ය තුළින් දැනුවත් කරයි. ඇතැම් ගෝති‍්‍රකයන් තම අත් බේත් සාදා ගැනීම සඳහා හතු වල ඇතැම් කොටස් භාවිතා කරයි. එපමණක් නොව අප‍්‍රිකානු ඇතැම් මිලේච්ඡු ගෝති‍්‍රකයන් බිම්මල් සුපිපිතැන්වල පස් එක් කොට ඖෂධ නිපදවා ගනිති. ජීවය වනසන බිම්මල් මෙන්ම රකින බිම්මල් ද එකසේ ලොව පවතින බව ඉන් පසක් වේ.
සොබාදහමින් ලැබෙන දායාදයන් කෘතීමව නිපදවීම මිනිසාගේ පරම ආශාව වූදා පටන් කෘතීමව බොහෝ දේ නිපදවා ගැනීම සිදුකර ඇත. ඉඳිකටුවේ සිට මහා නෞකාව දක්වා කෘත‍්‍රීමව නිපදවන දේ අතුරින් බිම්මල්වලටද හිමිවන්නේ වැදගත් තැනකි. පිදුරු, රසායනික ද්‍රව්‍ය ආදිය යොදා සකස් කර ගන්නා බිම්මල් වෙළඳපොළේ බහුලව පවතියි. ඒවායේ ගුණාගුණ පිළිබඳව අර්ථ කථනය කිරීම ඒවායේ පාරිභෝගිකයන්ටම භාර කරමි. එහෙත් වෙළඳ ආර්ථිකයක බිම්මල් වගාව හොඳ ආදායම් මාර්ගයකි. ජෛව විවිධත්වය තුළ බිම්මල් දිලීරයට හිමිතැනද ඉතා වැදගත් එකකි. සජීවී ලෝකය බිහිවූ දා පටන් පැවත එන දිලීර Agricusoe මිනිසාට මෙතරම් සේවයක් සලසන බව දන්නේද ඉතාම ස්වල්ප දෙනෙකි. කට දිව පින වන බත් පත සරසන බිම්මල මිනිසාට සොබා දහමින් උරුම වූ අනගි දායාදයකි.
එහෙත් බිම්මලට හිමි උරුමය වනසන්නට දත කන කුරිරු මිනිස් සංහතිය හේතුවෙන් බිම්මල වැනසී යන තත්ත්වයක් උදාවී ඇත. ලොව දරුණුතම සත්වයාගෙන් නැතහොත් මිනිසාගෙන් එල්ලවන තර්ජන ගර්ජන හමුවේ දුර්මුඛ වන නොබෝ කලකින්ම මිහිතලයෙන් බිම්මල අතුරුදහන් වනු ඇත. සොබා දහම රැක ගැනීම බිම්මලේ ජීවය රැකීමක් වන අතර එය මිහිතලයේ හැඩතල නිම්න වර්ණවත් කිරීමට සවියක් වනු ඇත.
Lanka Newsweek © 2024