Saturday 30th of May 2026

English Tamil
Advertiesment


O/L  සහ A/L ජය ගැනීමට දරු-දැරියන් වෙනුවෙන් NVQ හරහා  මහින්ද සමරසිංහ කළ විප්ලවය


2026-05-29 1711


දියුණු රටවල වගේ ශ්‍රී ලාංකික වෘත්තීය පුහුණුවේදීන්ට ද ඉහළ සමාජ පිළි ගැනීමක් ඇති කරයි  

 

කැබිනට් - රාජ්‍ය පරිපාලනයේ ද එම පදනම ඇති කිරිමට මහින්ද කළ අරගලය

 

(වොෂින්ටන් වෘකයා)

 

 

(වොෂින්ටන් වෘකයා)

 

මහින්ද සමරසිංහ (MS) කැබිනට් ඇමතිකම් 07ක් තුළින් සුවිශේෂ මෙහෙවර රැසක් රටට ඉටුකළ අයෙකි. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනය ඉන් ප්‍රබලම සේවාවක් ඉටුකළ අමාත්‍යාංශයකි. මෙරට දරුවන් රැසක් අපොස සාපෙ හා උපෙ අසමත් වෙති. ලක්ෂ එකහමාරක් සරසවි වරම් ලැබූව ද පහසුකම් සැපයිය හැක්කේ ඉන් 38,000 කට පමණි.

සාම්ප්‍රධායික අධ්‍යාපන රටාවේ ගොස් සරසවි යාම, වෘත්තීය පුහුණුව ලබා NVQ තුළින් රජයේ රැකියා ලැබීම හෝ තමාගේම ව්‍යාපාරයකට අතගැසීම වැනි ඉඩ ප්‍රස්තා රැසක් විවෘත කරදීම මහින්ද ගේ අරමුණ විය. මන්ද යුරෝපය 

ඇමෙරිකාව ඔිස්ට්‍රෙලියාව දියුණු රටවල ඉහළ උපාධි ලැබූ අය මෙන්ම ඉහළම සමාජ ගෞරවයක් හා ආදායමක් වෘත්තීය පුහුණුව නිසි ලෙස ලැබූ පොම්පකරු වෑල්ඩින් මේසන්චරු වඩු කාර්මිකයන් වාහන අලුත්වැඩියාකරුවන් වැනි අයට ලැබන නිසා එම පසුබිම ලංකාවේ ස්ථාපිත කිරීමේ පදනම දැමීම මහින්ද ගේ අභිප්‍රාය විය.

තවද සාපෙල හා උපෙල අසමත්වන ලාංකික දරුවන් රටපුරා වෘත්තීය පුහුණු පාඨමාලා සම්පුර්ණ කළ ද රජයේ රැකියා සදහා අවශ්‍යම සාපෙ හා උපෙ නැතිව ඉල්ලුම් කළ නොහැකිවීම ගැටලුවක් වූහ. එම ජාතික ප්‍රශ්නටට විසදුමක් දීමට මහින්ද  (MS) දැඩි තීන්දුවක හිද NVQ 04 සමත්වන අය සාපෙ ද NVQ 05 සමත්වන අය උපෙ සමත් අය ලෙස ස්ථාපිත කරන කැබිනට් තීන්දුව සම්මත කළේ අරගල හා මතවාද රැසක් මැදිනි. පසුව එය 

චක්‍රලේඛයක් බවට පත් කරන රාජ්‍ය පරිපාලන අරගලය ද මහින්ද සම්පුර්ණ කළේ දැඩි සටනකින් පසුවය. ඒ තුළ මහින්ද ගේ මැදිහත්වීමෙන් NVQ සමතුන් දස දහස් ගණනකට මේ වනවිට රජයේ රැකියා වලට යාමේ පහසුකම විවරවී තිබේ. එය වෘත්තීය පුහුණුවට අමතරව එම දරුවන්ගේ ජීවිත ලැබූ සුවිශේෂ විජයග්‍රහණයක් බවට ද පත්ව තිබේ.
 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment