Sunday 24th of May 2026

English Tamil
Advertiesment


රට නැවතත් බංකොලොත් වීමේ අවදානමක


2026-05-24 1265

 

 

උද්දච්ච නොවී අනුප්‍රාප්තික IMF ගිවිසුමක් කරා යොමු වනු 

 

විපක්ෂ නායක අවධාරණය කරයි  

 

ජනාධිපතිවරයා රට වටේ ගිහින් රටේ ගැටලු නැති බව පෙන්නන්න උත්සාහ කරමින් රටේ ඩොලර් ඇති බව පැවසුවත් අද වන විට රට ඇති අවදානම් තත්ත්වය ගැන විවිධ සංඛ්‍යා ලේඛනවලින් දැනුවත් විය හැකි බවත් මේවා ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් මේ ප්‍රශ්න ගැන යථර්ථවාදී සත්‍යවාදී අවබෝධයක් උගත් බුද්ධිමත් ජනතාවට තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරයා විසින් රටේ සංචිත ඩොලර් බිලියන 7ක් තිබෙන බව පැවසුවත් මේ අතර පවතින චීන යුආන් ඩොලර් බිලියන ගණනක් භාවිත කළ නොහැකි නිසා සත්‍ය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7ට අඩු බවත් මෙහි ඇති බරපතල තත්ත්වය වන්නේ ලෝකය පිළිගන්නා ආකාරයට රටක සංචිත මාස 3ක ආනයන ආවරණය කළ යුතු වුවත් අප රටේ එයද නොමැති බවත් අප රටේ මාසික ආනයන වියදම ඇ. ඩොලර් බිලියන 2ක් බවත් මේ යන ආකාරයට මාස 3ක ආනයන වියදම ආවරණය කරන සංචිත පවා රටේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ  සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී සමගි ජන බලවේගයේ ගුරු සංගමය පිහිටුවීමේ මූලික සාකච්ඡාව හා එක්වෙමිනි

මේ දත්ත තිබියදී රජය ⁣රටේ ජනතාව රවටන බවත් මේ අවස්ථාවේ කළ යුත්තේ සංචිත ප්‍රමාණය වැඩි කිරීම බවත් මේ මාස 3 ක සංචිත ප්‍රමාණය යනු අවම ප්‍රමාණය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
මැදපෙරදිග යුද්ධයෙන් රටට වන බලපෑම ගැනත් සිතිය යුතුයි

 

එසේම රටට ලැබෙන විදේශ ප්‍රේෂණ බිලියන 8ක් දක්වා වැඩි වුවත් මැදපෙරදිග යුද්ධය දිගින් දිගටම කල්ගියහොත් උත්සන්න වුවහොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවන බවත් මැදපෙරදිග ආර්ථිකය කඩා වැටුනහොත් ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වන බවත් මේ ගැන පවා රජය කතා නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
එදා අපිට සහාය දුන්න රටවලටත් අද සහාය දෙන්න බැරි වෙනවා

 

2022 කොරෝනා කාලයේ පවා ලෝකයේ ඉන්දියාව වැනි රටවල් අප රටට ආධාර දුන්නත් දැන් මේ පවතින ආර්ථික ගැටලු නිසා අප රටට ආධාර දිය හැකි අවස්ථාවද අහිමි වි ඇති බවත් ඉන්දියාවෙ මෝදි අගමැතිවරයා පවා සිය රටේ ජනතාව නිවැරදිව දැනුවත් කර ඇති නමුත් අප රටෙ තවමත් එවැනි දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවත් මේ ඇත්ත තත්ත්වය යථාර්ථය ගැන ජනතාවට අවබෝධයක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 
ජනතාව මේ යථාර්ථය ගැන දැනුවත් විය යුතුයි

 

2022 බංකොලොත් වන විය 92 පෙට්‍රල් 470ක් වන විට දැන් රු. 410 බවත් මේ ඉලක්කම් දත්ත දකින විට ජනතාවට ඇත්ත තත්ත්වය අවබෝධ විය යුතු බවත් 2027 මාර්තු මාසයේ IMF ගිවිසුම අවසන් වන බවත් මේ නිසා සිදුවන බලපෑමද තවත් වැඩි බවත් එය රටෙ ශ්‍රේණිගත කිරීමට ද බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
රටට අවශ්‍ය නව IMF ගිවිසුමක්

 

2027 දී IMF ගිවිසුම අවසන් වන විට රටේ ශ්‍රේණිගත කිරීම්වලට බලපෑම් වන නිසා පසුගිය දා පාර්ලිමේන්තුවේ කියු ආකාරයට අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යා යුතු බවත් 2028 වන විය ආනයන මාස 3ක ආවරණය සේම වාර්ෂිකව විදේශ ණය ගෙවීම ඇ..ඩොලර් බිලියන 2.5 සිට 3.5 දක්වා වැඩි වන බවත් ආනයන වියදම සේම විදේශ ණය ගෙවීමද සිදුවන බවත් මේ සඳහා අවශ්‍ය ඩොලර් ද රටට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
නැවත වරක් බංකොලොත් වීමේ අවදානමක් තිබෙනවා

 

තෙල් මිල ඉහළ ගියොත් සංචිත පවා ප්‍රමාණවත් නොවන බවත් නැවත වරක් බංකොලොත් වීමෙ අවදානමක් ඇති නිසා අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන ලෙසත් හීනමානය නැති කර ජනතාවය පොරොන්දු වූ ආකාරයට ජනතාවාදී IMF ගිවිසුමකට යන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් බොරුවෙන් මුලාවෙන් වංචාවෙන් ජනතා පැතුම තවදුරටත් විනාශ නොකර ජනතාවට වුණ පොරොන්දු ඉටු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
දැන්වත් Please නොකියා ඉන්න

 

දිට්වා සමයේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන ලෙස රජයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ අනේ please එපා කියා ඒ අවස්ථාව පවා මේ උද්දච්ච රජය අහිමි කර ගත් නිසා දැන්වත් අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන ලෙසත් ටොම්පච දේශපාලනය නවතා ජනතාවගේ පැත්තෙන් සිතා කටයුතු කරන ලෙසත් තවදුරටත් IMF එකේ වහලෙක් නොවන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Advertiesment