Thursday 4th of December 2025

English Tamil
Advertiesment


විපක්ෂ නායක සජිත් ඉන්දියානු තනාපතිත් හමුවෙයි - ඉන්දියාවට තුති පුදයි


2025-12-03 1250

 

සමීප අසල්වැසියා ලෙස මේ අසීරු අවස්ථාවේ ඉන්දියාව ලබා දෙන සහයෝගයට ස්තූතිවන්ත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය තානාපතිවරයා හමුවේ පවසයි

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇති ඇති දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සමීප මිතුරකු ලෙස එකට එක්ව ජන ජිවිත බේරා ගැනීමට සුවිශාල දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේ දී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ගෞරවය සහ ස්තූතිය සමස්ත ඉන්දීය රජයටත්, ඉන්දීය ජනතාවටත් පුද කරනු ලැබීය.

දිට්වා සුළි කුණාටුව නිසා විපතට පත් ජනතාව බේරා ගැනීමටත් අවතැන් වූ ජනතාවට සහන සැලසීමටත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ සෘජු මැදිහත්වීමෙන් ඉන්දීය රජයට අයත් සාගර් බන්දු නෞකාවත් සහන සේවා කණ්ඩායම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ සුවිශේෂී දායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දීම නිසා විපතට පත් විශාල ජනතාවක් මුදවා ගැනීමට හැකි වූ බවත් එහි දී  ආපදා සහන කණ්ඩායම්, අත්‍යාවශ්‍ය ඖෂධ, කූඩාරම් හා විශේෂ මුදවා ගැනීම් කණ්ඩායම්, වෛද්‍යවරු, හමුදා නිලධාරීන් හා හෙලිකොප්ටර් යානා, ජංගම රෝහල් සහ විපතට පත් ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය දෑ රාශියක් සමඟින් ඉන්දීය රජය ලබා දෙන මේ සහයෝගය වචනයෙන් නිම කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එසේම මානුෂීය ආධාර පුරවා ගත් පාකිස්තානයේ ගුවන් යානාවලට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීම සඳහා අවසර දෙමින් ඉන්දීය රජය ගත් සුවිශේෂී ඒ තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශංසනාත්මකව මෙහි දී සිය ස්තූතිය සහ ගෞරවය ඉන්දීය රජය වෙත පිරිනැමීමට ද කටයුතු කළේය. ඉන්දු පාකිස්ථාන ගැටුම පැවතියත් මෙවැනි මානුෂීය ගැටලුවක් පැන නැගුණු අවස්ථාවක ඉන්දීය රජය ගත් එම ඓතිහාසික තීන්දුව අතිශයින් අගය කරන බවත් සමීප මිතුරකු ලෙස ඉන්දියාව මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සිටීම රටක් ලෙස ශක්තියක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

Advertiesment