Thursday 4th of December 2025

English Tamil
Advertiesment


එක අතකින් ජාත්‍යන්තරය හමුවී ආධාර ඉල්ලන විපක්ෂ නායක අනික් අතින් දිවා රෑ නොබලා විපතට පත් වුවන්ට සහන සලසයි


2025-12-02 1251

 

විපක්ෂ නායකවරයාගේ ජන හිත කාමීත්වය ලොවටම කියා පායි

 

විපක්ෂ නායක සජිත් අද කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අවතැන් වූවන්ගේ උවමනා එපාකම් සොයා බලයි  

 

 

පසු ගිය දින කිහිපය තුලම වෙනත් රටවල තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් විශාල ප්‍රමාණයක  හමුවී ශ්‍රී ලංකාවට මේ මොහොතේ ලබා දීමට හැකි සියලුම සහයෝගය මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන මෙන් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා පසු ගිය දින කිහිපයේම විපතට පත්  ජනතාව රැඳී සිටින ස්ථාන වල ගොස් ඔවුන්ගේ දුක සැප මෙන්ම අවශ්‍යතාවයන් සොයා බැලීමටද කටයුතු කරනු ලැබීය. 

ගලවා ගැනීම් වෙනුවෙන්ද ලබා දිය හැකි සියලු සහයෝගය සහ අවශ්‍ය සම්පත් ලබා දීමට කටයුතු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදීද තානාපතිවරුන් හමුවී ලංකාව වෙනුවෙන් ආධාර ඉල්ලා සිටීමෙන් අනතුරුව කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සිදුවිය යුත්තේ මොනවාදැයි පිළිබඳව තොරතුරු සොයා බලනු ලැබීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Advertiesment