Thursday 4th of December 2025

English Tamil
Advertiesment


ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරියානු තානාපතිනිය හමුවෙයි


2025-12-02 1243

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන ගරු මියෝන් ලී මහත්මිය අතර සුවිශේෂී හමුවක් සඳුදා (02) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකේය ජනතාවට කඩිනම් සහන සැලසීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම හමුවීම සිදු කළ අතර එහි දී වත්මන් ආපදා තත්ත්වයෙන් සහන සැලසීමට ආධාර උපකාර ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා කොරියානු තානාපතිනිය හමුවේ ඉල්ලා සිටියේය.

ගංවතුර බැසයාමෙන් පසුව ඇති වන පසු ආපදා වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් රෝහල් රැසක කටයුතු අඩපණ වීමත්, දුම්රිය සහ මාර්ග ප්‍රවාහ කටයුතු බිඳ වැටීමත් නිසා ඒවා නැවත ප්‍රතිශ්ඨාපනය කළ යුතු නිසා ඒ සඳහා ආධාර උපකාර ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

දීර්ඝ කාලීන සමීප මිතුරකු ලෙස කොරියානු ජනරජය විසින් මෙරට නිපුණතාවෙන් හා කුසලතාවෙන් යුත් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දුන්නා සේ මේ අවස්ථාවේ දී රටක් ලෙස නැවත කරන් නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරියානු තානාපතිනිය හමුවේ ඉල්ලා සිටියේය.

Advertiesment