වික්ටෝරියා ජලාශය වරින් වර ක්‍රමානුකූලව විවෘත නොකර වාන් දොරටු වසා ගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය ඇති වුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මීට පෙර කිසිදු ගං වතුරකදී මහනුවර නගරය යට නොවූ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, කිසි දිනක යට නොවූ මහනුවර ප්‍රධාන පාරවල් ගංගාවල් බවට පත් වුණු බවද සඳහන් කළේය
මෙම ඛේදවාචකය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පන්සීයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවත් කොත්මලේ ජලාශය එක වර විවෘත කිරීමෙන් ගම්පොළ නගරය යට වුණු බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට අධික වර්ෂාවක් පතිත වන බවට 2025 නොවැම්බර් 12 වැනිදා කාලගුණ විද්‍යා අංශ තොරතුරු අනාවරණය කළ අවස්ථාවේදී එම ජලාශවල වාන් දොරටු වරින් වර ක්‍රමානුකූලව විවෘත කිරීමට හැකියාව තිබූ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල, මහතා මහනුවර නගරය සහ ඒ අවට ගම්මානවලට සහන සැලසීමේ රජයේ යාන්ත්‍රණය හරියාකාරව ක්‍රියාත්මක නොවන බවටද චෝදනා කළේය.
හදිසි විපත්වලදී ක්ෂණිකව තීන්දු තීරණ ගැනීමට පිහිට වනු ලැබූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ කමිටුව වසරකින් රැස්වී නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය. මෙම ආපදාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම 25 ත් 30ත් අතර පිරිසක් මිය ගොස් ඇතැයිද හෙතෙම පැවසුවේය.
Lanka Newsweek © 2025