කාදිනල් මැල්කම් රන්ජිත් , මාලිමාව සහ අනුර දිසානායක ඇතුළු පිරිස 2019 සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය තොරතුරු ලැබී තිබියදීත් වලක්වා නොගැනීම ගැන හිටපු ජනාධිපති මයිත්රිපාල සිරිසේන හට අපරාධ චෝදනා යටතේ විමර්ශනයක් ආරම්බ කර දඬුවම් ලබා දිය යුතු යයි කියා සිටියේය.
2022 සිදු වූ රට බංකොලොත් වීමට ඇතුළු මුල්‍ය අර්බුධයට එවල ජනාධිපති ගොටභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ , මුදල් ඇමති බැසිල් රාජපක්ෂට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය යුතු බව මාලිමාව සහ අනුර දිසානායක ඇතුළු පිරිස කියා සිටියේය.
2025 නොවැම්බර් මස 12 සිට සුළි කුනාටුව සම්බන්ධව ලැබී තිබු සියලුම අනතුරු ඇඟවීම් සහ ජාත්‍යන්තර මාද්‍ය වලින් ප්‍රචාරය කල තායිලන්තයේ , ඉන්දුනීසියාවේ , සුමාත්‍රා දිවයින් වල සිදු වූ නාය යෑම් සහ ජාල ගැලීම් හමුවේ සිදු වූ විපත් හා ජීවිත හානි කිසිවක් ගානකට වත් ගන්නේ නැතුව, මීට පෙර මෙවැනි අවස්තාවලදී වහා ක්‍රියාත්මක වුන ආපදා කළමනාකරණ මද්යස්ථානය අක්‍රීය කර මෙවැනි ආපදා තත්වයකදී ක්‍රියාත්මක විය යුතු නිසි සම්බන්ධීකරණය බිඳ දමා , ඇස් කන් පියාගෙන සිටීම හා එය නොතකා හැරීම යටතේ, කලින් අනුර දිසානායක ම අනිත් අයට චෝදනා කරා මෙන් දැන්
මාලිමාවේ අනුර දිසානායක හට , මිලියන 22.3 ක ජනතාවගේ ජීවිත අනතුරේ හෙලීම හේතුවෙන් සිදු කල මුලික මිනිස් මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ අපරාධ චෝදනා යටතේ දඬුවම් ලැබිය යුතු නැද්ද ?
අනිත් විශේෂම කරුණ වන්නේ කලින් අනුරම පැවසු ආකාරයට නායයාම් වීමට ඉතාමත් විභවයක් ඇති ප්‍රදේශවල පවුල් වල 4900 ක් කලින් හඳුනාගෙන තිබීමය. ඔවුන් එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට සිදු කලේ කුමක්ද ? අඩුම ගනනේ ඔවුන්ට Ditwa සුළි කුනාටුව සහ එහි ආපදා විභවය ගැන පෙර අනතුරු ඇඟවීමක් වත් කරාද ?
මේ සියල්ල අනාගතයේදී පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් යටතේ සහ අපක්ෂපාතී විශේෂ ජනාධිපති කොමිසමක් යටතේ විමසිය යුතුයි.
කලින් හොරකම් කර තිබීම හෝ නොතිබීම , අපේ පන්තියේ එකෙක්ද , නොවීමද , මුලික මිනිස් අයිතිවාසිකම් හෝ අපරාධ නඩු විභාගයකදී අදාල නැත.
කලින් චෝදනා වල වුනත් ඒවා සම්පුරනයෙක් නැවත්වීමට නොහැකිවන්නට ඉඩ තිබුණි, එහෙත් එම ප්‍රතිපලයේ ධාරිතාව අඩු කර ගත හැකිව තිබුණි. එම සැකයේ වාසියම අනුරටත් දිය යුතුය.
Lanka Newsweek © 2025