Wednesday 21st of January 2026

English Tamil
Advertiesment


ICCPR සම්මුතිය දඩ මීමා කර ගෙන දේශපාලන පළි ගැනීම් සිදු නොකරනු


2025-09-03 1398

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි 
 

දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය නිර්මාණය වූයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට, සමාජයේ සාමය එකමුතුභාව සහෝදරත්වය සහ ජන කොට්ඨාස අතර සමගිය තහවුරු කරමින් ශිෂ්ඨසම්පන්න සාමකාමි සමාජයක් සහෝදරත්වයෙන් ජිවත් වෙන සමාජයක් නිර්මාණය කරන්නට බවත් මේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ ප්‍රඥප්තිය දේශීය වශයෙක් අනපනත් හරහා බල ගැන්වී ක්‍රියාත්මක වන විට යම් යම් අවස්ථාවලදී පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට දේශපාලන දඩයම් කිරිමට භාවිත කර ඇති බවත් මේ නිසාම ජාත්‍යන්තර වශයෙන් රබාට් ක්‍රියාකාරි සැලසුම නිර්මාණය වී කොටස් 6කින් යුත් පරීක්ෂණයක් හරහා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කර ඇත්ද කියා තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධානරණය කළේය.

කරන කියන දේ ප්‍රකාශ, සංදර්භය, ප්‍රකාශයේ අන්තර්ගතය හා ස්වාභාවය මෙන්ම ආසන්න ලෙස සිදුවිය හැකි හානිය ආදි පදනමක් මෙන්ම කොන්දේසි මාලාවක් පරික්ෂණයක් ලෙස සිදුවන බවත් එය ප්‍රකාශයට පත් ක‌ළේ විවිධ රටවල් මේ සම්මුතිය උපයෝගී කර ගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වෙනුවට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දේශපාලන දඩයම් ක්‍රියාත්මක කිරිම වැළැක්වීමට බවත් කරුණාකර මේ සම්මුතිය උපයෝගී කර ගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මානව අයිතිවාසිකම් කඩකිරීම් දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේදී උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙල උරුමයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.

මේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබද සම්මුතිය උපයෝගී කර ගෙන දේශපාලන පළිගැනීම් සිදු නොකරන ලෙසත් මේ සම්මුතිය වැරදි ආකාරයට භාවිත නොකරන ලෙසත් මෙහි සැබෑ අරමුණ මත ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Advertiesment