Wednesday 21st of January 2026

English Tamil
Advertiesment


රට සංවර්ධනය නොවන අතෘප්තිමත් බහුතරයක් ජීවත් වන රටක් බවට පත් වෙලා  


2025-09-01 1307

 

මේ මොහොත වන විට අප රට සෑම අතකින්ම අරාජික වී ජන ජීවිත කඩා වැටි ඇති බවත් ජනතාව ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන බවත් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවත් කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවා කඩා වැටී ඇති බවත් කර්මාන්ත අංශයේ ව්‍යවසායකයන් අන්ත අසරණ වී තරුණ පරපුර අනාථ වි ඇති බවත් උපාධිධාරීන්ට පොරොන්දු වූ රැකියා ලබා දිම ද සිදු නොවන බවත් ගුරු හිඟයක් පවතින අවස්ථාවේ ගුරු සේවයේ නිරත වූ සංවර්ධන නිලධාරීන් මහපාරට ඇද දමා ඇති බවත් රාජ්‍ය සේවය පවා අන්ත අසරණ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ආර්ථික වර්ධන වේගය අඩාල බවත් මේ යන ආකාරයට 2028 සිට ඇ. ඩොලර් මිලියන 5500ක් විදේශ ණය ගෙවීමට අසීරු වන බවත් මේ වන විට උද්ධමනය වැඩි වී විරැකියාව වැඩි වී ගමත් නගරයත් සංවර්ධනය නොවන බවත් ආදායම් මාර්ග පවා කඩා වැටී ජන ජීවිත අතිශය දුෂ්කර වී ඇති බවත් මේ වන විට ආත්ම අභිමානයෙන් ජන ජිවිතය ගත කළ රටෙන් 50%ක් දුප්පත් බවත් ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නොහැකි නිසා 41 ලක්ෂයක් පාසල් දූදරැවන් මෙන්ම 10100ක රාජ්‍ය පාසල් ද ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකදීය.

අද වන විට අප රට සංවර්ධනය නොවන අතෘප්තිමත් බහුතර ජන පරපුරක් ජීවත් වන රටක් බවට පත්ව ඇති බවත් මේ වැටී ඇති ප්‍රපාතයෙන් රට මුදවා ගැනීමට අවශ්‍ය හැරවුම් ලක්ෂය නිර්මාණය කළ යුතු බවත් එය බිම්මට්ටමේ සිට සිදුවිය යුතු දෙයක් බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා කියා සිටියේ පොදු ජනතාවගේ නායකත්වය තුළ මේ හැරවුම් ලක්ෂය දියත් කළ යුතු බවත් ය.

Advertiesment