Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ඉන්දියාවේ රවී ශංකර්තුමා දිනා ගන්න දේශපාලකයින් අතර තරඟයක්..!


2019-06-25 14332

ජනපති අපේක්ෂකත්වයට ඉන්දීය ගැනීම අරමුණයි..!

(සුජිත් මංගල ද සිල්වා)

“ART OF LIVING” සංවිධානයේ නිර්මාතෘ සහ මානව හිතවාදී  ඉන්දීය ආධ්‍යාත්මික නායක ශ්‍රී ශ්‍රී රවී ශංකර් තුමාගේ ආශීර්වාදය ගෙන ඒ ඔස්සේ  ජනාධිපති අපේක්ෂකයාවීම සඳහා ඉන්දියානු රජයේ සහයෝගය තම තමාට දිනා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රබලම දේශපාලන නායකයින් ගණනාවක් අතර තරඟයක් ඇති වී තිබේ.

එමෙන්ම සත්‍ය ශ්‍රී සායි බාබා තුමා ආත්මීය නායකත්වය දුන්ඉන්දියාවේ ශ්‍රී සත්‍ය සායි ජාත්‍යන්තර ආගමික සංවිධානයේ ආශීර්වාදය ද ලබා ගැනීමට එම දේශපාලන නායකයෝ කටයුතු කරමින් සිටිති.

සිය දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඉන්දියානු රජයේ සහය තම තමාට දිනා ගැනීම සඳහා එම අධ්‍යාත්මික නායකයින්ගේ ආශීර්වාදය ලබා ගැනීමට මෙම දේශපාලන නායකයින් විවිධ මට්ටමෙන් එම ආධ්‍යාත්මික නායකයින් සමග විවිධ සබඳතා,සාකච්ඡා සහ සංවාද පවත්වමින් සිටින අතර හෙට අනිද්දාම එම ආධ්‍යාත්මික නායකයින් හමු වී ආශීර්වාද ගැනීමට ද නියමිතය.

මේ ප්‍රබලම දේශපාලන නායකයින්ගේ නම් හෙළි නොකිරීමට “lankanewsweek” වග බලා ගන්නේ එසේ කළොත් එම ආගමික නායකයින් සහ දේශපාලන නායකයින් ද   අපහසුතාවයට පත් වන නිසා වගේම අපගේ තොරතුරු මූලාශ්‍ර හෙළි වන නිසා වන අතර කිසිවකුට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක් නොවන සිය ජයග්‍රහණය සඳහා වන එවැනි ක්‍රියා මාර්ග ගැනීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙන නිසාය.

“ART OF LIVING” සංවිධානයේ නිර්මාතෘ සහ මානව හිතවාදී  ඉන්දීය ආධ්‍යාත්මික නායක ශ්‍රී ශ්‍රී රවී ශංකර් තුමාගේ අනුගාමිකයෝ කෝටියකට අධික ප්‍රමාණයක් ලොව පුරා විසිර සිටිති.

එතුමා කෙරෙහි පැහැදී සිටින ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,අමාත්‍ය දයා ගමගේ,රාජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ වගේම අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහූ ද සිටිති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාට සහ ඔහු නායකත්වය ලබා දෙන භාරතීය ජනතා පක්ෂයටත් එම ආණ්ඩුවටත්  “ART OF LIVING” සහ “ශ්‍රී සත්‍ය සායි” ජාත්‍යන්තර ආගමික සංවිධානවල පූර්ණ ආශීර්වාදය තිබේ.

Advertiesment