අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ගුරුවරුන්ගේ හිඟ වැටුප් සම්බන්දව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න ඉලක්ක කර සිදු කරනු ලැබූ ප්‍රක්ෂයක් සම්බන්දයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රෝහිනී කවිරත්න මහත්මිය අදහස් දක්වා තිබේ.
එහිදී මහින්ද ජයසිංහ මහතා විසින් ‘වැටුප් විෂමතාවය ගැන කතා කරනවා. හැබැයි අඟක් මුලක් දන්නේ නෑ’ යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත් ඊට අදාළ පිළිතුරු දැක්වීමක් මෙම මාධ්‍ය නිවේදනය තුලින් සිදු කරන බවත් එතුමිය පෙන්වා දී තිබේ. එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
ගුරු සහ විදුහල්පතිවරුන්ගේ 2/3 හිඟ වැටුප
2020 දෙසැම්බර් 1 දින මම ගුරු, විදුහල්පතිවරුන් සහ අනෙකුත් අධ්‍යාපන වෘත්තිකයින්ට හිමි විය යුතු හිඟ වැටුප ගැන පාර්ලිමේන්තුවේ දී මුලින්ම ප්‍රශ්න කළෙමි. මහනුරව - කොළඹ පා ගමන ප්‍රමුඛව ගුරු වෘත්තීය සමිති රැසකගේ සහභාගීත්වයෙන් දින 120 ක ජයග්‍රාහී අරගලයක් බවට පත් කර ගැනීමට හැකි විය. හිඟ වැටුපෙන් 1/3 ක් දිනා ගැනීමට හැකි වූයේ එහි ප්‍රතිඑලයක් ලෙසිනි. ගුරුවරුන්ගේ 2/3 ක හිඟ වැටුප දිනාගැනීමට පාර්ලිමේන්තුවේ දී ද ඉන් පිටත ද, අඛණ්ඩව 5 ක් අප සටන් කර ඇත. කොන්දේසි විරහිතව ගුරු, විදුහල්පති සහ අනෙකුත් සියළු පාර්ශව වෙත මෙම හිඟ මුදල ගෙවීය යුතුය.
නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ගුරුවන්ගේ හිඟ වැටුප සම්බන්ධයෙන් ප්‍රතිචාරය මේ වන විට ඔබ දනී.
‘මේ තුනෙන් දෙක ගන්න නම්, බර වෘත්තීය සමාලෝචනයකින්, (ඒ කියන්නේ මේක ෆිල්ටර් කරන්න ඕනි කියන එක), තරඟ විභාගයකින් එතැනට යන්න ඕනි’ (ඒ කියන්නේ ගුරුවරුන් හා අනෙකුත් සියළු දෙනා වක්‍රව කියනවා, මේ තුනේන් දෙකේ වැටුප් විෂමතාවය සුදුසුකම් තිබෙන අය නෑ. සුදුසුකම් තියෙන අය නැත්තම්, එතැන විෂමතාවයක් නැත!’
ගුරුවෘත්තිකයින් සියළු දෙනාගේ වෘත්තීය අයිතියක් වන 2/3 සම්බන්ධයෙන් මහින්ද ජයසිංහගේ මේ අවමන් සහගත, තක්කඩි ප්‍රකාශය මම දැඩිව හෙළා දකිමි. රජය ලැජ්ජා සහගත ලෙස 2/3 ගෙවීම පැහැර හරින බව ඉතා පැහැදිලිය. 2021 ගුරුවරුන්ගේ හිඟ වැටුප් ලබාගැනීමේ සටනට මහින්ද ජයසිංහ ප්‍රමුඛ කණ්ඩායම මුලදී එක් වූයේ නැත. පාගමන කඩාකප්පල් කිරීමට උත්සහ කළ බව ඔබ දනී.
අද අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවමින් සිටින්නේ, නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය ඉතිහාසය පුරා අධ්‍යාපනය සම්බන්ධයෙන් මා සමඟ එක් ප්‍රතිපත්තියක/අදහසක සිටි නමුත් අද අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ වෙනත් ප්‍රවේෂයකි. එය 2/3 නොගෙවීමේ ප්‍රතිපත්තියයි. තවද, ගරු විපක්ෂනායක සහ මම ඉලක්ක කර ගනිමින් උද්දච්චි ලෙස පැවසූවේ ‘වැටුප් විෂමතාවය ගැන කතා කරනවා. හැබැයි අඟක් මුලක් දන්නේ නෑ’ යනුවෙනි.
ගුරුවරුන්, විදුහල්පතිවරුන් අධ්‍යාපන වෘත්තිකයින් 2/3 හිඟ වැටුප කුමක්දැයි ඉතා හොඳින් දනී. මම ඔවුන්ගෙන් දැන් ඉල්ලා සිටින්නේ 2/3 ප්‍රශ්නය වෘත්තීය සමිති නායක නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ එක්ක සාකච්ඡා කොට බේරා ගන්නා ලෙසය!
විෂයානුබද්ධව පාර්ලිමේන්තුවේ සිදු කළ කරුණු දැක්වීමට ප්‍රතිචාර ලෙස මහින්ද ජයසිංහ මා වෙත ප්‍රතිචාර දැක්වූයේ ‘මෙතුමට අද අත්වී ඇත්තේ ගලේ පහරපු බල්ලන් අත්වූ ඉරණම’ යනුවෙනි. මාතලේ දිස්ත්‍රික්කයේ විපක්ෂයේ එකම මහජන නියෝජිතයාය. අධ්‍යාපනය හා තවත් විෂය කේෂ්ත්‍රයන් ගණනාවකට ජාතික වගකීමක් මා වෙත පැවරී ඇත. මම එය ඉටු කළෙමි. වෘත්තීය සමිති ඉදිරියට දමා වැටුප් ලබන නාමික ගුරුවරයෙකු නොව, 2015 මහා මැතිවරණය දක්වා දරුවන්ට අධ්‍යාපනය දුන් ගුරුවරයෙකු ලෙස ඔහුගේ තත්වයට වැටීමේ අවශ්‍යතාවයක් මට නැත!
අධ්‍යාපන සේවකයින් ඔබ අති බහුතරයක් මෙවර වත්මන් රජයට ඡන්දය ලබා දුන්නේය. ඔබගේ වැටුප් අරගලය දිනාගත යුත්තේ ඔබ බහුතරයක් පත් කර ගත් වත්මන් රජයෙනි. ඒ සඳහා ඔබ සැමට ශක්තිය හා ධෛර්ය ලැබේවා! ඔබගේ හිඟ වැටුප් දිනාගැනීමේ සටනට මාගේ සහාය ඉදිරියේ ද ලැබෙනු ඇත.
Lanka Newsweek © 2025