හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ජසීරා රූපවාහිනියේ head to head වැඩසටහන එක්ක කරපු සංවාදය විකාශනය වීමත් එක්ක ඒ ගැන ලොකු සමාජ සංවාදයක් ඇතිවෙලා කියනවා. රනිල්වාදීන් නං කියන්නේ රනිල් වැඩේ ගොඩ දාගත්තා කියලා.මාලිමාව ඇතුළු රනිල් විරෝධීන් කියන්නේ රනිල් ඇණගත්තා කියලා.රටේ රාළට දැනෙන විදිහට ඔය දෙකම සිද්ධවුනා.
රනිල් සංවාදයේදී ඇණගත්තටත් වැඩිය සිද්ධනේ රනිල් අල්ජසීරා උගුලට කොටුවීමයි.රනිල් වගේ නීල කපටි දේශපාලනඥයෙක් අල්ජසීරා න්‍යාය පත්‍රය ඇතුලේ හිරවීම රනිල්ගේ දේශපාලන පෞරුෂයට එච්චර හොඳ නෑ.කවුරු මොනවා කිව්වත් රනිල්ට පෞද්ගලිකව ඩැමේජ් එකක් වුනා.අල්ජසීරා උඟුලෙන් බේරෙන්න අවශ්‍ය home work රනිල් කරගෙන ගිහින් තිබුණේ නෑ.
අල්ජසීරා,බීබීසී,CNN වගේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට රනිල් කියන්නේ තවත් එක මිනිහෙක් විතරයි.රනිල්ට ඒවා ගැන අමුතුවෙන් කියාදෙන්න දෙයක් නෑ.එයලා ඕනිම දෙයක් විකාශනය කරන්නේ බටහිර ආධිපත්‍යය ඉස්සරහින් තියාගෙන.රනිල් තිබුණේ ඒ සාකච්ඡාව ප්‍රතික්ෂේප කරන්න,නැත්තං ඒකට හරියට සුදානම් වෙලා යන්න.
රනිල් අවශ්‍ය සුදානම සහිතව ගියේ නෑ කියලා තේරෙන්නේ වැඩසටහන විකාශණය වුනාට පස්සේ රනිල් ඒ වෙනුවෙන් තියපු මාධ්‍ය සාකච්චාවෙන්. රනිල් කිව්වේ තමන් එක්ක පැය දෙකක් කරපු සාකච්ඡාව පැයකට සංස්කරණය කරලා කියලයි.ඒ සංස්කරණය කිරීම ඇතුලේ හොඳ කෑලි ගොඩක් කපලා කියලයි.අන්තිමට රනිල්ට හොඳ කෑලි කැපිලා අල්ජසීරා එකට හොඳ කෑලි එලියට ඇවිත්.දැන් රනිල් විරෝධීන්ට ඊටත් වැඩිය හොඳ කෑලි හම්බවෙලා.
එතන හිටිය ඕඩියන්ස් එක දැක්ක ගමන් මේ උගුලක් බව තේරෙනවා.සාමාන්‍යයෙන් ඔය වගේ සාකච්චාවක් කරද්දී රනිලුත් තමන්ගේ කැමරාවකින් ඒක විඩියෝ කරගන්න ඕනි.රනිල් එතනදී රටේ හිටපු නායකයා විදිහට රටට හතුරු බලවේගවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලා. ඇත්තටම රනිල් රට වෙනුවෙන් පෙනී හිටියා.ඒ පෙනී සිටීම වර්තමාන ජනාධිපති අනුර කුමාරටත් වටිනවා.අනුර ඔය සාකච්ඡාවකට ගියත් රට සම්බන්ධව දෙන උත්තර තියෙන්නේ රනිල් කියපු සීමාව ඇතුලේ.
සැලසුම් සහගතව තමන් අමාරුවේ දාන්න හදන බව තේරුණාට පස්සේ රනිල්ට මල පැන්නා.හැබැයි එතකොට රනිල් පරක්කු වැඩියි.දැන් අල්ජසීරා නිසා රනිල්ට මෙහේ ලොකු අලකලන්චියක් වෙන්නයි යන්නේ.අල්ජසීරා මාධ්‍යවේදියා බටලන්ද වධකාගාරය ගැනත් බටලන්ද කොමිෂන් සභා වාරිතාව ගැනත් රනිල්ගෙන් ඇහුවා.රනිල් දුන්නේ එහෙම වාර්තාවක් නෑ වගේ උත්තරයක්.එතකොට එතන හිටපු මාධ්‍යවේදිනියක් බටලන්ද කොමිෂන් සහා වාර්තාව තමන් සතු බව කිව්වා.
ඇත්තටම ඒක සැලසුම් කරලා කරපු වැඩක්. බටලන්ද වාර්තාවත් අරන් එයා ඉස්සරහම පේලියේ ඉඳගෙන හිටියා.කොහොම හරි අන්තිමට රනිල්ට කියන්න උනේ එහෙම වර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කරලා නෑ කියලා.දැන් රනිල් කියපු ඒ පොයින්ට් එක තමයි පෙරටුගාමින් අල්ලාගෙන ඉන්නේ.එයාලා දැන් ආණ්ඩුවට අභියෝග කරනවා මිය ගිය අයට යුක්තිය ඉටු කරීම වෙනුවෙන් බටලන්ද කොමිෂන් සභා වාරතාව සභාගත කරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අරගෙන රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කරන්න කියලා.
දැන් බෝලය තියෙන්නේ ආණ්‌ඩුව පැත්තේ.ඒ ගැන අදහස් දක්වපු මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල කිව්වේ මහ බැංකු මංකොල්ලය, පාස්කු ප්‍රහාරය,බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලයි. දැන් රනිල්ගේ ප්‍රජා අයිතිය නැතිකිරීම ගැන සාකච්ඡාව ජවිපෙ බලවේගය ඇතුලේ සැරටම යනවා.ජවිපෙ බලවේගය ඒ කතාවෙන් චූන් වෙලා. ඒකත් හරියට රනිල් අල්ජසීරා ගිය හින්දා රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කරනවා වගේ වැඩක්.
නැත්තං ඔය වාර්තාව දැන් දශක දෙකකට ආසන්න කාලයක් තිබුණා.කවුරුවත් ඒ ගැන කතා කළේ නෑ. අඩුම ගානේ මැතිවරණ වේදිකාවකින්වත් එහෙම කතාවක් ආවේ නෑ.බටලන්ද නෙවෙයි විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලන මණ්‌ඩලය ඝාතනය ගැනවත් පරීක්ෂණයක් කරලා ඝාතකයන්ට දඩුවම් දෙනවා කියලාවත් කිව්වේ නෑ.ඒ වගේ තත්වයක් යටතේ මේ ජවිපෙ ආණ්ඩුවෙන් නම් බටලන්ද කොමිෂන් සභා වාර්තාවට අත තියන්නේ නෑ.
එක පැත්තකින් අනුර සහ රනිල් අතර තියෙන අප්‍රකාශිත දේශපාලන සම්බන්ධය නිසා අනුර කීයටවත් එහෙම කරන්නේ නෑ.පෙරටුගාමීන් මේ යෝජනාව කරන්නේ මැරිච්ච සහෝදර සහෝදරියන්ට යුක්තිය ඉෂ්ඨ කිරීමේ උවමනාවෙන් නෙවෙයි.එයාලට ඕනිත් ජවිපෙ රනිල්ව රකිනවා කියලා පෙන්නන්නය.බටලන්ද කොමිෂන් සභා වාර්තාවට ඇක්ෂන් ගත්තොත් ඒකෙන් රනිල්ට සිද්ධවෙන හානියට වැඩිය ලොකු හානියක් ජවිපෙට සිද්ධ වෙනවා.රනිල්ට ප්‍රජා අයිතිය නැති වෙද්දී ජවිපෙට ඇඩ්රස් නැතිවෙනවා.
එක පැත්තකින් 88/89 ඝාතකයෝ ගැන කතාව දැන් ජවිපෙ පැත්තෙන් කරලියට ගේන්නේම නෑ.ඒක රනිල්ට වැඩිය ජවිපෙට මාරාන්තිකයි.රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කරලා විතරක් නවතින්න ජවිපෙට බෑ.ජවිපෙ ඇතුලෙන් ඊළඟ සටන එන්නේ විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලලා.ජවිපෙ කීයටවත් විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් කරන්න ලෑස්ති නෑ.ඊට අදාල නීතිමය පියවර ගන්න ලෑස්ති නෑ.ඒකට හේතු කීපයක් තියනවා.විජේවීර ඝාතනය ගැන ප්‍රබන්ධ කතාවක් හදලා ටිල්වින්ලා ඒක ජවිපෙ සාමාජිකයින්ට පොවලා ඉවරයි.
විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් කළොත් ජවිපෙ කියන කතාව සම්පූර්ණයෙන්ම කනපිට හෑරෙනවා.විජේවීර ඝාතන පිටිපස්සේ ඉන්න ඝාතකයෝ අද ජවිපෙ හොඳම යාළුවෝ.ඒකත් විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් නොකරන්න එක හේතුවක්.විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලන මණ්‌ඩලය ඝාතනය වෙන්නේ දැවැන්ත පාවාදීමක් ඇතුලේ.ඒ පාවාදීම වෙන්නේ ජවිපෙ ඇතුලෙන්මයි. ඒක හෙලිවෙයි කියන බය ජවිපෙට තියනවා. ජවිපෙ වීරයෝ හංගනවා වගේම පාවා දෙන්නන් ආරක්ෂා කරනවා.
Lanka Newsweek © 2025