Thursday 4th of December 2025

English Tamil
Advertiesment


රැකියා විරහිත උපාධි ධාරීන්ට වහාම රැකියා ලබාදෙනු..!


2025-03-11 1347

 

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රැකියා ලබා දෙන බවට පොරොන්දු දී තියෙනවා..!

 

මැතිවරණ සමයේ ඔවුන්ව ගෙන්වා රැස්වීම් සමුළු පැවැත්වූ නියෝජිතයන් මේ වන විට අමාත්‍යවරුන්..!

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

 

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රැකියා ලබා දෙන බවට සදහන් කර තිබුනත් එය තවමත් මන්දගාමී වී ඇත්තේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය. 

මේ නිසා රැකියා විරහිත උපාධිධාරීන් දැඩි ගැටලුවලට මුහුණ දී ඇති බවත් මැතිවරණ සමයේ ඔවුන්ව ගෙන්වා රැස්වීම් සමුළු පැවැත්වූ නියෝජිතයන් මේ වන විට අමාත්‍ය ධුර දැරුවත් ඔවුන් මේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම නිසා මා විපක්ෂ නායකවරයා ලෙස ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ ගැටලුව සම්බන්ධයෙන් නැවතරවරක් රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් ප්‍රකාශ කරන ලදී. 

රජය වෙත රැකියා විරහිත උපාධිධාරීන්ගෙ ගැටලු මින් පෙර ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් ඒ සදහා පසුව පිළිතුරු ලබා දෙන බවට පැවසු නමුත් අයවැයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක මොවුන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම් ඉදිරිපත් කිරීම රජයේ වගකීම බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී මතක් කර සිටියේය.

 

(අචින්ත මධුර)  
Advertiesment