Friday 21st of March 2025

English Tamil
Advertiesment


තොරතුරු කොමිසම වහාම යළි සක්‍රීය කරනු 


2025-03-07 1292

 

තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්‍රීය කිරිම සඳහා සියලුම පාර්ශ්වයන් අවධානය යොමු කළ යූතුව ඇතැයි සදහරන සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකා අභිමාන්‍ය කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ පුරප්පාඩු ගණනාවක් ම මේ වන විට නිර්මාණය වි තිබීම සැළකිල්ලට ගනිමින් නොපමාවම එම පුරප්පාඩු පුරවාලිමට කටයුතු කරමින් එහි කටයුතු තවදුරටත් ශක්තිමත් කරලිමට සියළු පාර්ශ්වයන් අවධානය යොමු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නෙමු. 

රටේ යහපැවැත්මට අදාල වන හා පුරවැසියන්ගේ අයිතීන් තහවුරු කිරීමට ඉවහල් වන තොරතුරු මහජනතාවට බාධාවකින් තොරව දැනගැනිමට ඇති අයිතිය එක්තරා යුගයක මේ රටේ පාලකයන් සළකන ලද්දේ ආණ්ඩු විරෝධි කටයුත්තක් ලෙසට ය. එම යෝජනාවට එරෙහිව මේ රටේ ඇතැම් නායකයන් දැක් වු වෛරි සහගත ආකල්පය හේතුවෙන් ඒ් සඳහා පෙනි සිටි පුද්ගලයන්ට පවා විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු විය. 2002 වසරේ දි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් තරන ලද එම පනත් කෙටුම්පත යථාර්ථයක් බවට පත්කර ගැනිම සඳහා 2016 වසර දක්වා  අවුරුදු 14ක්ම ගත කිරීමට සිදු වීම ඒ් සඳහා දැක්විය හැකි එක් උදාහරණයකි. 

කෙසේ නමුත් තොරතුරු ලබාගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවමින් සම්මත කරගත් පනත හේතුවෙන් මේ රටේ මුල් බැසගෙන පැවති දූෂණය, නාස්තිය හා විවිධ අක්‍රමිකතා අවම කරගැනිමට මනා දායකත්වයක් මේ වන විටත් සපයමින් සිටින අතර වර්තමාන පාර්ලිමේන්තුවෙහි විවිධ කමිටු හරහා සිදු කරන විමර්ශන මඟින් හෙළිවෙමින් පවතින තොරතුරු කරලියට ගෙනඒ්ම සඳහා එකී ජයග්‍රහණය සුවිශාල පිටුවහලක් සපයමින් පවතින බව ද නොරහසකි. 

එබැවින් අසීරු හා දීර්ඝ කාලීන සටනකින් පසු ජයග්‍රහණය කරවා ගත් මෙම කොමිෂන් සභාව නැවත කඩිනමින් සක්‍රීය  කරවා ගැනීම  ජාතියේ යහපත උදෙසා පෙනී සිටින සියළුම පාර්ශ්වයන්හි වගකීමක් වන අතර ඒ සඳහා සිය අවධානය යොමු කරවන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගරු ජනාධිපතිතුමා ඇතුළු සෑම පාර්ශ්වයක් වෙතින්ම ඉල්ලා සිටිනු කැමැත්තෙමු. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment