ජනපති අනුරගේ මංගල අයවැය පිළිබඳව මේ දිනවල විවිධ මත පළවීම සුලභව දක්නට ඇත. නමුත් අංක ගණිතමය වශයෙන් නිවැරදි විශ්ලේෂණයක් සොයා ගැනීම ඉතාම දුෂ්කර වී තිබෙන පසුබිමක "Lanka Newsweek" අපි එම හිඩැස පිරවීමේ අරමුණින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතාගෙන් මේ පිළිබඳව අදහස් විමසීමක් සිදු කරනු ලැබීය.
එම අදහස් දැක්වීමට අනුව සාරාංශගත නමුත් නිශ්චිත කරුණු මත පදනම් වූ විශ්ලේෂණයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරනු ලබයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා විසින් පෙන්වා දෙනු ලබන්නේ ආර්ථික ප්‍රතිපත්ති අරමුණුවල සැපයුම් අංශයේ ප්‍රධාන අංශ තුනක් ලෙස කෘෂිකාර්මික, කාර්මික හා සේවා ලෙස ප්‍රධාන අංශ තුනක් යෝජනා කර ඇති බවයි. නමුත් ඔහුගේ අදහස වනුයේ සෑම විටම ආර්ථිකයක ප්‍රධාන අංශ තුන ලෙස පවතිනුයේ ඉහත සඳහන් කරන ලද එම අංශ තුන පමණක් බවයි. එසේම එය ලංකාවේ පමණක් නොව මුළු ලෝකයම ප්‍රධාන ආර්ථික අංශ තුන ලෙස ඒවා හඳුනා ගන්නා බවයි. ඒ අනුව මෙය අයවැයේ ප්‍රධාන අරමුණක් ලෙස විදහා දක්වා පැවතුනද එහි ඇති සුවිශේෂීත්වයක් නොමැති බවත් එවැන්නක් ඇතුලත් කර ඇත්තේ ඇයි දැයි පුදුම සහගත බවත් ප්‍රකාශ කරනු ලැබීය. එසේම එම නිෂ්පාදනය ලබා ගැනීමට ජනතාවගේ දායකත්වය ලබාගැනීම සහ නිෂ්පාදනය ජනතාව අතර බෙදා හැරිය යුතු වීම ලෙස සඳහන්ව ඇති අරමුණු දෙක සැලකීමේදී ද පෙනී යන්නේ ඉහත සඳහන් කළ ආකාරයෙන්ම එයද සිනහව උපදවන බවයි. මන්ද ඕනෑම රටක, ඕනෑම ආර්ථිකයක නිෂ්පාදනය බිහිකිරීමට එම රටේ ජනතාව එසේ නොමැති නම් එම රටේ ශ්‍රම බලකාය සහභාගී වීමයි. අතීතයේ සිටම අප රටේ මෙන්ම ලෝකයේ ඕනෑම රටක සමස්ත නිෂ්පාදනය එම රටේ ජනතාවගේ දායකත්වයෙන් බිහිවන බවයි. එසේම එම බිහිවන නිෂ්පාදනය එම රටේ ජනතාව අතර බෙදා හැරීමද ඕනෑම රටක සිදුවන අනිවාර්ය ක්‍රියාවක් බවද එතුමන් විසින් පෙන්වා දෙනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න අප සමග ප්‍රකාශ කළේ ජනතාව විසින් ජනාධිපතිවරයා ප්‍රමුක මෙම ආණ්ඩුව පත් කර ගනු ලැබුවේ විප්ලවීය වෙනසක් අපේක්ෂාවෙන් බවයි. ඔහු පෙන්වා දුන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව බලයට පැමිණීම සඳහා විශාල වශයෙන් අවුරුදු 76ක් මෙරට ක්‍රියාත්මක වූ ආර්ථික හා සමාජයීය ප්‍රතිපත්ති ඉතාම වැරදි බවත් ඒවා සිය පළමු අයවැයෙන්ම වෙනස් කරන බවටත් තරයේ ප්‍රකාශ කර තිබුණද එවැනි වෙනසක් මෙම අයවැය තුළ අන්තර්ගත නොවන බවයි. විශේෂයෙන්ම පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙන ගිය ප්‍රතිපත්ති දැඩි ලෙස සෑම අවස්ථාවකදීම පාහේ විවේචනය කළ මෙම ආණ්ඩුව එම මාර්ගයේම ගමන් කිරීම ජනතාවට ලබා දුන් පොරොන්දු කඩකිරීමක් ලෙස සැලකිය හැකි බවත් එම මාර්ගය වෙනස් කිරීමට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම ජනතාව අපේක්ෂා කරන බවයි. තව දුරටත් ඉතිහාසයේදී මෙලෙස විප්ලවීය වෙනසක් සිදු කිරීමට පොරොන්දු දී බලයට පැමිණි ආණ්ඩු විශාල ලෙස එම විප්ලවීය වෙනස තම පළමු අයවැයෙන්ම සිදුකළ බවද ඔහු විසින් පෙන්වා දෙනු ලැබීය. එහි ගුණ අගුණ වෙනම සාකච්ඡා කළ යුතු වුවත් 1970 දී පැමිණි මැතිනියගේ ආණ්ඩුව ඔවුන් අපේක්ෂා කළ එම සමාජවාදී දර්ශනය මත පදනම්ව විශාල ව්‍යුහාත්මක වෙනස් කම් සිදුකළ බවත් ඒ අතර පෞද්ගලික ව්‍යාපාර ජන සතු කරනය වැනි ක්‍රියාවනුත් විශේෂයෙන්ම පෙන්වා දිය හැකි බවත් සඳහන් කරන ලදී. එසේම 1977 දී බලයට පැමිණි ජේ. ආර් ජයවර්ධනගේ ආණ්ඩුවද පොරොන්දු දී පැමිණි ලෙසම එම විප්ලවීය වෙනස සිදු කරමින් රට විවෘත ආර්ථිකයක් කරා ගෙන ගිය බවද පෙන්වා දෙනු ලැබීය. ඉතිහාසයේ විශාලතම විප්ලවීය වෙනස සිදු කරන බවට පොරොන්දු දී පැමිණි මෙම ආණ්ඩුව එවැනි වෙනසක් සිදු නොකිරීම පුදුම සහගත බවද ප්‍රකාශ කරන ලදී. තව දුරටත් විශේෂයෙන්ම ලංකාවේ එකම සමාජවාදී පක්ෂය ලෙස පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අයවැයක් ලෙස මෙය හඳුනා ගැනීමටද අපහසු බව එතුමන් තවදුරටත් ්‍රකාශ කරන ලදී. ඇතැම් විට බිමල් රත්නායක මැතිතුමන් ප්‍රකාශ කළ අන්දමට මෙම අයවැය අනුර කුමාර දිසානායක ගරු ජනාධිපති තුමන් විසින් මුදල් ඇමති ලෙස ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් පමණක් සිදු කරනු ලැබුවේ දැයි සැක පහළ වන බවද සඳහන් කරනු ලැබීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකශ කරනු ලැබුවේ ඒ අනුව මෙම අයවැය හුදු අයවැයක් එසේ නොමැති නම් 2024 අයවැයේ දිගුවක් ලෙස පෙන්වා දිය හැකි බවයි. එනම් ව්‍යවස්ථාමය අවශ්‍යතාවය වෙනුවෙන් පමණක් ඉදිරිපත් කරන ලද අයවැයක් ලෙස පෙන්වා දිය හැකි බවයි.
2024 රනිල් වික්‍රමසිංහගේ අයවැයට වඩා 2025 කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අයවැය මගින් රුපියල් බිලියන 900ක ආදායමක් වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන නමුත් අයවැය තුළ එම ආදායම ලබා ගැනීමේ ක්‍රමවේදයක් නිශ්චිතව සඳහන්ව නොමැති බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිලිටන් රාජරත්න මහතා අප සමග ප්‍රකාශ කරනු ලැබීය. ඒ සඳහා ජනාධිපතිතුමා විසින් අපේක්ෂිත ආර්ථික වර්ධනය සහ බදු කාර්යක්ෂම කිරීම තුළින් එය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවක් ප්‍රකාශ කලද එවැන්නක් මගින් පමණක් එය සිදුකළ නොහැකි බව පෙන්වා දෙනු ලැබීය. ඒ වෙනුවට සිදුවනුයේ නව බදු පැමිණීමක් හෝ බදු අනුපාත ඉහළ දැමීමක් බව සඳහන් කරන ලදී. ඒ අනුව ඩිජිටල් මාධ්‍යයෙන් උපයන ආදායම් සඳහා හඳුන්වා දෙනු ලැබූ 15% ක නව බද්ද මේ සඳහා උදාහරණයක් බව ' Lanka Newsweek ' අපහට පැහැදිලි වී තිබේ. ඒ අනුව බැලූ කල රුපියල් බිලියන 900ක් අලුතින් ලබා ගැනීමට නම් මිලියන 22ක් වූ සමස්ථ ජනගහනයම සැලකුවද, එනම් බාල, මහලු, අලුත උපන් බිලිදාද ඇතුළුව රුපියල් 41000 පමණ නව බදු බරකට යටත් වන බවයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න පෙන්වා දෙනුයේ බදු බර අඩු කිරීමට පොරොන්දු දී පැමිණි ආණ්ඩුව මෙලෙස ජනතාව නව බදු බරකට යටත් කර ඇති බවයි. එම නව බදු සහ බදු අනුපාත ඉහළ දැමීම් අයවැය කතාව තුළ ඇතුලත් නොකිරීමද අනුර කුමාර ජනාධිපතිවරයාගේ උපායශීලී ක්‍රියාවක් බවද එතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.
රජය විසින් රුපියල් බිලියන 1600 ක පමණ මුදලක් රජයේ ආයෝජන වියදම වෙනුවෙන් වෙන්කර තිබීම හොඳ කාරණයක් බවත් එමඟින් අයවැය සංවර්ධන අයවැයක් දෙසට යොමු කර ඇති බවත් ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා පෙන්වා දුන්නේ මෙහි ඇති ගැටලුකාරී තත්ත්වය නම් එම ආයෝජන වියදම කුමන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කරන්නේදැයි අයවැය කතාවේ දී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ නොකළ බවයි. එනම් මෙවැනි විශාල මුදලක් ජාතික මට්ටමේ යෝජන ව්‍යාපෘති වෙනුවෙන් යෙදවිය යුතු බවත් එමගින් ආර්ථික වර්ධන වේගය ඉහල නංවා ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි බවත් පෙන්වා දුන් අතර මෙම අයවැය අධ්‍යනය කිරීමේදී පැහැදිලි වනුයේ මෙම මුදල් විශාල වශයෙන් ප්‍රාදේශීය ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කර ඇති බවයි. මෙවැනි අවස්ථාවක ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීම ප්‍රමුක කාරණයක් බවට පත්වී ඇති මොහොතක ජාතික මට්ටමේ ආයෝජන ව්‍යාපෘතිවලින් ඈත්වී ඒ වෙනුවට ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම එතරම් සුදුසු නොවන බවද පෙන්වා දෙනු ලැබීය. එය ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවද පෙන්වා දෙනු ලැබීය. එසේම ගම සංවර්ධනය කළ නොහැකි බවත් ගම සංවර්ධනය කළ විට නගරයක් බවට පත්වන බවත්, සිදු කළ යුත්තේ ගම්වල පවතින සම්පත්වල (ශ්‍රමයද ඇතුළුව) ඵලදායීතාවය වර්ධනය කර නිෂ්පාදනයට යෝග්‍ය සම්පත් බවට පරිවර්තනය කිරීමත් එමඟින් එම සාධකවල ආදායම් ඉපයීම ඉහළ දැමීමත් බවද වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.
අයවැය හිඟය පිළිබඳව සලකා බලන විට රුපියල් බිලියන 2200ක හිඟයක් 2025 දී අපේක්ෂා කර ඇත. මෙම රුපියල් බිලියන 2200 ක අයවැය හිඟය මූල්‍යනය කිරීමට රුපියල් බිලියන 700ක මුදලක් විදේශීය ණය ලෙසද රුපියල් බිලියන 2175 ක් දේශීය ණය ලෙසද ලබා ගැනීමට රජය අපේක්‍ෂා කර ඇති අතර විදේශීයව ලබාගන්නා රුපියල් බිලියන 700ක පමණ මුදලින් රුපියල් බිලියන 675 ක් පැවති ණයක් ගෙවා දැමීමට භාවිතා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇත. ඒ අනුව නැවත ණය ගැනීමක් සිදු නොකරන බවටත් පැවති ණය පහසුවෙන් ම ගෙවා දැමිය හැකි බවටත් ප්‍රකාශ කළ අනුර කුමාර ජනාධිපතිවරයාද ණය ගැනීමේ මාර්ගයටම යොමු වී ඇති බව එයින් පැහැදිලි වන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා විසින් පෙන්වා දෙන ලදි. එසේ නම් රුපියල් බිලියන 2200 ක මුදලක් මිලියන 22ක ජනතාවක් අතර බෙදා හරින ලද විට එක් පුද්ගලයෙකු අලුතින් රුපියල් 100000ක පමණ මුදලක් ණය වී ඇති බව ද ඒ මහතා විසින් පෙන්වා දෙන ලදී.
එමෙන්ම දිගුකාලීන රාජ්‍ය මූල්‍ය ගැටලුවට විසඳුමක් ලෙස රාජ්‍ය සේවය කප්පාදු කළ යුතු බව ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින්ම අයවැය කතාවේදීම රාජ්‍ය සේවයට අලුතින් 30000ක් බඳවාගන්නා බවද ප්‍රකාශ කිරීම පුදුම සහගත කරුණක් බවද පෙන්වා දෙන ලදී. එසේම එම අලුතින් බඳවා ගන්නා 30000 සඳහා වැටුප් ගෙවීමට අයවැයෙන් වෙන් කර ඇති මුදල සැලකීමේ දී, එම අයවැයෙන්ම රජයේ සේවකයෙකුට ගෙවනු ලබන අවම වැටුප ලෙස ඉදිරිපත් කරන ලද වැටුප ගෙවීමට එම වෙන් කරන ලද මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් ඒ පිළිබඳව වෙනමම අදහස් ඉදිරිපත් කළ යුතු බවත් ප්‍රකාශ කරන ලදී.
අවසාන වශයෙන් මෙම අයවැය ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය වෙනුවෙන් පමණක් ඉදිරිපත් කරන ලද හුදු අයවැයක් ලෙස දැක්විය හැකි බව ප්‍රකාශ කළ අතර රජය විසින් ආංශික තත්ත්වයන්ට වඩා ජාතික අවශ්‍යතාවය තේරුම් අරගෙන අයවැය ඉදිරිපත් කළේ නම් වඩා යහපත් බවද පෙන්වා දෙන ලදී.
Lanka Newsweek © 2025