විශේෂ ගණයේ රැඳවියන්ට බන්ධනාගාරවල සිටීම Video තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් ගෙන එන බවත්, එම සංශෝධනය සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
අපරාධ නඩු විධාන සංග්‍රහය සඳහා එම සංශෝධන ඇතුළත් කර 2025 මාර්තු-අප්‍රේල් මාස වන විට සම්මත කිරීමට රජය සැලසුම් කර ඇති බවද හර්ෂණ නානායක්කාර ඇමැතිවරයා පැවසීය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ නව ප්‍රජාතන්ත්‍රාවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, මෙම සංශෝධන සම්මත කර ගැනීමෙන් පසුව විදෙස් රටක සිටින අයකුගෙන් වුවද Video තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර කොළඹ, අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ දී ඇතිවූ සිද්ධිය වැනි සිදුවීම් වළක්වා ගැනීම සිදු කළ හැක්කේ එවන් වැඩ පිළිවෙළක් ඔස්සේ බවය.
රටේ බන්ධනාගාරවල සේවක සේවිකාවන් 5218ක් ආයතන 31ක් ආවරණය වන පරිදි සිටින අතර බන්ධනාගාර පද්ධතිය ඇතුළත මේ වන විට රැඳවියන් 29000ක් සිටින බව ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.
මෙම අධිකරණ පද්ධතිය ඇතුළත රැඳවිය හැකි පිරිස වගේ තුන් ගුණයක රැඳවියන් ප්‍රමාණයක් මේ වන විට සිටින බව ද, ඒ හේතුවෙන් අධික තද බදයක් තිබෙන බව ද, රැඳවියන්ට තිබෙන වාට්ටු ප්‍රමාණවත් නොමැති බව ද, කොළඹ ආශ්‍රිතව මේ තදබදය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
Lanka Newsweek © 2025