Sunday 13th of October 2024

English Tamil
Advertiesment


මයිකල් කොහේන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවයි..!


2019-06-25 14326

“රහස් හෙළි කිරීමට සූදානම්”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහස් හෙළි කිරීමට සූදානම් බව ඔහුගේ හිටපූ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් අවධාරණය කර සිටියි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා සහයදීමට කැමති බව ය.

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මූල්‍ය නීති උල්ලංඝණය කළ බවට එල්ලවන චෝදනාවලට තමා වරදකරු බව මයිකල් කෝහෙන් බදාදා (22) නිව්යෝර්ක් අධිකරණයකදී පිළිගත්තේ ය.

ඔහු සඳහන් කළේ, මැතිවරණයට බලපෑම් කිරීමේ අරමුණින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත තමන් එම නීති රීති උල්ලංඝණය කිරීම සිදුකළ බවයි.ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති පෞද්ගලික සබඳතාවක් මාධ්‍යට හෙළි කිරීම වැළැක්වීම සඳහා කාන්තාවකට මුදල් ලබාදුන් බව ද ඔහු පැවසීය.

බැංකු වංචා, බදු ගෙවීම් පැහැර හැරීම් ඇතුළු චෝදනා 8 කට වරදකරු බව පිළිගැනීමත් සමග මයිකල් කෝහෙන්ට නියම කළ වසර 65 ක සිරදඬුවම වසර 5 ක් සහ මාස 3 ක් දක්වා සීමා වනු ඇත.

මේ අතර ජනපති ඩොනල්ඩ්ට් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල හිටපු සභාපති පෝල් මැනෆෝර්ට් ද බැංකු සහ බදු වංචාවලට සම්බන්ධ වරදකරුවෙකු බව වර්ජනියා අධිකරණය ද  බදාදා (22) තීන්දු කළේ ය.

අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මයිකල් කොහේන් ලාභ ලැබීමේ අරමුණින් සාවද්‍ය ප්‍රකාශ කරන බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද නීතිය හමුවේ පෙනීසිටීමට සිදුවනු ඇති බවට මත පළ වුව ද ජනාධිපති ධූරයේ රැඳී සිටින තෙක් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ නොහැකි බව විචාරකයෝ පෙන්වා දෙති.

Advertiesment