Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


ලොව පැරණිතම සිනමා උළෙලේ අවසන් වටයට සිංහල චිත්‍රපටයක්..!


2019-07-02 2755

 

ලන්ඩනයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු වන නුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වන ජගත් සම්මාන රැසක් දිනූ  "සුළඟ අප රැගෙන යාවි" 58 වන ආසියානු පැසිෆික්  සිනමා උළෙලේ 2018- "Best Story" තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරී පත්වී ඇත.

"සුළඟ අප රැගෙන යාවි" චිත්‍රපටයේ නිශ්පාදනය ප්‍රවීණ ගත් කතුවර සයිමන් නවගත්තේගමගේ දියණිය වන මායා නවගත්තේගම සිදු කර ඇත. 

මෙහිදී සම්මාන 28 ක් උදෙසා ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරන නිර්මාණකරුවන් තරඟ වැදීමට නියමිත අතර ලොව පැරණිතම සිනමා උළෙලක් වන මෙම උළෙල පළමුවරට 1954 වසරේදී තෝකියෝවේදී ආරම්භ වුණි. ආසියා පැසිෆික් කලාපයේ "Federation of Motion Picture Producers" මගින්  සංවිධානය කෙරෙන මෙම උළෙල  වාර්ෂිකව පැවැත්වේ.

ඉන්දියාව, ජපානය, තායිවානය,  බංග්ලාදේශය, වියට්නාමය, ඉරානය, ඉන්දුනීසියාව සහ හොංකොං ආදී රටවල සිනමා නිර්මාණ ශිල්පීන් මෙම උළෙලේදී තරඟ වදියි. ලොව ප්‍රකට "කෑන්ස්" සම්මාන උළෙලේදී ජයග්‍රහණය ලැබූ සිනමා නිර්මාණ පවා මෙහිදී තරඟ වැදී ඇති අතර මීට පෙර කිසිදු ශ්‍රී ලාංකීය නිර්මාණකරුවෙකු මෙහිදී ඇගයීම් ලබා නැති පසුබිමක සිය කුළුඳුල් සිනමා නිර්මාණය වෙනුවෙන් අවසන් වටයට තේරී පත්වීමට නුවන් ජයතිලකට හැකියාව ලැබීම ජාත්‍යණ්තරව ඔහු ලැබූ විශාල ජයග්‍රහනයකි.2018 සම්මාණලාභීන්ගේ අවසාන් ප්‍රතිපල සැත්තැම්බර් මුල් සතියේ නිකුත් කිරීමට නියමිතය.

මේ වන විටත් විදෙස්  සිනමා සම්මාන උළෙලවල් කිහිපයක් නියෝජනය කළ නුවන් ජයතිලකගේ මෙම කුළුදුල් නිර්මාණය හිමි කර ගත් සම්මාන සහ ඇගයීම් මෙසේය.

ලොව හොදම චිත‍්‍රපටිය-2016

මෙත්‍රො කොමන්ත්‍රො කොර්තො සිනමා උළෙල

-ඉතාලිය-

ගෞරවනීය රෙමී සම්මාණය -2016

හූස්ටන් ජාත්‍යන්තර සිනමා උළෙල

-ඇමරිකාව-

එමෙන්ම,ලන්ඩන් ජාත්‍යන්තර ආසියානු සිනමා උළෙල-2016,ටොරොන්ටෝ ජාත්‍යන්තර ලෝක සිනමා උළෙල-2016,මෙල්බන් ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙල-2016,රෝමයේ සිනෙමා ඞ් රින්ගේරා සිනමා උළෙල-2016,නෙදර්ලන්තයේ සිනේකිඞ් සිනෙමා උළෙල-2016,මිලානෝහි සිනෙමා ඩි  මැන්ඩෝ සිනමා උළෙල-2016 ආදියේදී තරඟකාරී අවසාන වටවලදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ප‍්‍රදර්ශනය කිරීමේ අවස්ථාව හිමිවිය.

ඕස්ට්‍රේලියාවේ ප‍්‍රධාන නගර සියල්ලෙහිම වගේම ලන්ඩනය, ජර්මනිය, ඉතාලිය ඇතුළු රටවල ප‍්‍රධාන නගරවල පැවති විශේෂිත දර්ශන වාරවලදී දෙස් විදෙස් පේ‍්‍රක්ෂක ආකර්ශණය දිනාගෙන ඇත.  "සුළඟ අප රැගෙන යාවි" සිනමා නිර්මාණය පසුගිය "දෙරණ" සිනමා උළෙලෙහි සමාරම්භක චිත‍්‍රපටිය වෙමින් ප‍්‍රථම වරට මෙරට පේ‍්‍රක්ෂකයන්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමි වුණි.

එය මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදි ද තිරගත වීමට නියමිත අතර  පවුලේ සැමට රස විඳිය හැකි සිනමා කෘතියක් ලෙස එය ළගදීම මෙරට ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමේ භාග්‍යය උදාවෙනු ඇත.තවමත් සිනමා හල්වලට මුදා නොහැරුනු සිනමා පටය පිළිබද චිත්‍රපට අධ්‍යක්‍ෂ නුවන් ජේ විසින් සිය මුහුණු පොත්තට එක් කරන ලද පහත  සටහන අප ඔහුගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.

"ලාංකීය පොලව මත කුළුදුලෙහි උපන් සිනමා සිහිනය මියෙමින් තිබේ. අකාරුණික සමාජයක සිනමා-පට 80වක පෝලිමක උභතෝකෝටිකව පස් වසර සමරන්නට වීමේ වේදනාවෙන් මිරිකෙමින් සිටිමි. මේ ජයග්‍රහණය ඒ කටෝර කතරට ක්ෂේමභූමියක් වගෙයි. සිනමාව වෘත්තීය කරගන්නට සිහින දුටු මොහොත ගැන මතකය තවමත් අද ඊයේ වගෙයි. එදා පටන් මේසා කලක් සෙනෙහසින් මා දිරිමත් කරන, අතැඟිලි වලටත් වඩා කුඩා සුළුතරයට මේ සතුට ඒ විසල් සුළගේ අපූර්වත්වය සමග පා කර එවමි."

 

Advertiesment