Monday 24th of March 2025

English Tamil
Advertiesment


ටී ටෙන් පල්ලෙකැලේ


2024-11-07 1850


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන .ලංකා ටී10 සුපර් ලීග්. තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පවත්වන බව ක්‍රිකට් ආයතනය (06දා) නිවේදනය කළේය.

දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරගාවළිය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් යන කණ්ඩායම් මෙහිදී තරගවැදීමට නියමිතය.තරගාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීම එළැඹෙන 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිතව ඇත.

Advertiesment