රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටි වෙනස ක්‍රියාත්මක කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් විදුලි බිල 66%කින් අඩු කරනවා කියා බොහෝ දෙනෙකු අපේක්ෂා කළත් එම අපේක්ෂාවත් භංග වූ බවත් අත්‍යාවශ්‍ය ආහාරපාන මිල අඩු කරනවා කියා වේදිකාවක් වේදිකාවක් පාසා කිව්වත් තවමත් එය අඩු කරන්න නොහැකි වී ඇති බවත් එම නිසා ජීවන බර වැඩි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කඩුවෙළ පැවැති ජන හමුවකදීය.
අසාමාන්‍ය ඉහළ මට්ටමක තෙල් මිල පවත්වාගෙන යන්නේ අන්ත දූෂිත ක්රියාදායමයක් නිසා යැයි වේදිකාවල කයිවාරු ගසා බලයට පැමිණි පසු තෙල් මිල අඩු කරනවා යැයි කිව්වත් එයද නොවූ බවත් රටේ ජනතාවට දුන් බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම කඩකර ඇති බවත් ඊට අමතරව සෘජු බදු වක්‍ර බදු උපයන විට බදු ආදිය අඩු කරනවා යැයි කිව්වත් එයද කර නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්පෝට් ගණුදෙනු දූෂිත වූ නිසා පාස්පෝට් පෝලිම් ඇතිව තිබෙන බවත් බලයට පැමිණි පසු ඒවා නැති කර පෝලිම නැති කරනවා කිව්වත් අද වන විට පෝළිම වැඩි වී ඇති බවත් මේ රජය මුළු රටටම විහිළු සපයන අදක්ෂ අකාර්යක්ෂම අසාර්ථක රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් එම නිසා රටට ඇති එකම විසදුම වන්නේ සමගි ජන බලවේගය බැවින් සමගි ජන බලවේගයට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
සමගි ජන බලවේගය බලයට පැමිණි පසු නව අයි එම් එෆ් ගිවිසුමකට එළැඹී ජනතාවගේ හිසමත කරපිට පැටවූ මේ බරින් නිදහස් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
Lanka Newsweek © 2024