Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


ස්පාඤ්ඤයේ ගංව­තුර තත්ත්ව­යෙන් මිය ගිය සංඛ්‍යාව 202 දක්වා ඉහළට


2024-11-02 1375

 

අන­තුරු ඇඟ­වීම ප්‍රමාද කළ බලධාරීන්ට ජන­තා විරෝධය

 

ඉදිරි දින­වල යළි වර්ෂාවක් – රජ­යෙන් රතු නිවේ­ද­න

 

 

නැඟෙ­න­හිර ස්පාඤ්ඤයේ වැලෙ­න්සියා ප්‍රාන්තය මුළු­ම­නින්ම විනාශ කළ දරුණු ගංව­තුර තත්ත්ව­යෙන් මිය ගිය පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය බදාදා ඇද හැලුණු අධික වර්ෂා­වත් සමඟ විශාල ගංව­තුර තත්ත්ව­යක් ඇති වූ අතර, පූර්ව අන­තුරු ඇඟ­වීමේ නිවේ­දන නිකුත් කිරී­මට බල­ධා­රීන් ප්‍රමාද වීම ජීවිත හානි­යට හේතුව බව කිය­මින් ජන­තාව කෝප­යට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මියගිය අය සහ අතු­රු­දන් වූවන් සොයා තව­දු­ර­ටත් මෙහෙ­යුම් සිදු කරන බවත්, ඒ සඳහා ස්පාඤ්ඤ ගුවන් හමු­දාවේ හෙලි­කො­ප්ටර් යානා ද යොදවා ඇති බවත් වාර්තා වේ.

මෙවැනි දරුණු ගංව­තුර තත්ත්ව­ය­කට ස්පාඤ්ඤය මුහුණදී ඇත්තේ වසර 51කට පසුව වන අතර, වැලෙ­න්සියා ප්‍රාන්තයේ නගර ගණ­නා­වක නිවාස, ගොඩ­නැ­ඟිලි, මහා­මාර්ග විශාල ප්‍රමා­ණ­යක් මුළු­ම­නින්ම විනාශ වී තිබේ. මෝටර් රථ ඇතුළු වාහන විශාල ප්‍රමා­ණ­යක් ගංව­තු­රට ගසාගෙන ගොස් ඇති අතර, බොහෝ වාහන නැවත පිළි­ස­කර කිරී­මට නොහැකි තත්ත්ව­යක පව­තින බවද වාර්තා වේ.

ගංව­තුර හේතු­වෙන් අව­තැන්වූ ජන­තාව මිලි­යන 5කට වැඩි බවත්, අව­තැ­න්වූ­වන් සඳහා තාව­කා­ලික කුඩා­රම් ඉදි­කර අවශ්‍ය පහ­සු­කම් සලසා ඇති බවත් ස්පාඤ්ඤ රජය නිවේ­ද­නය කර තිබේ. එමෙන්ම ජීවිත අහි­මි­වූ­වන් වෙනු­වෙන් දින 3ක ශෝක කාල­යක් ද ප්‍රකා­ශ­යට පත් කර තිබේ.

සුනා­මි­ය­කට සමා­නව අධික වේග­යෙන් ගලා ගිය බව කියන ගංව­තුර මේ වන විට බැස ගියද, ඉදිරි දින කිහි­ප­යේදී නැවත වර්ෂා­ප­ත­න­යක් සිදු­වන බවට එරට කාල­ගුණ විද්‍යා ඒක­කය අන­තුරු ඇඟ­වී­මෙන් පසු රතු නිවේ­ද­න­යක් නිකුත් කිරී­මට රජය පිය­වර ගෙන තිබේ.

 

[කුමාරි පතිරාජ] 
Advertiesment