Friday 8th of November 2024

English Tamil
Advertiesment


ජාතික ආර්ථි­කය මහා පරි­මාණ ව්‍යාපා­රි­ක­යින් අතින් පම­ණක් ඔසවා තබන්න බෑ


2024-10-31 1220



 

ජනා­ධි­ප­ති­ව­ර­යාට ඇතැම් නීති බලා­ත්මක කිරී­මට උප­රිම විධා­යක බල­තල තිබෙ­නවා

 

දිළි­ඳු­කම මැනීමේ දී ආදා­යම සහ විය­දම යන කාරණා බල­නවා

 

ලංකාවේ ආර්ථි­කය ශක්ති­මත් දිශා­න­ති­ය­කට අව­තීර්ණ කිරීම සඳහා සවි­බල ගැන්විය යුත්තේ ජන­තා­වගේ ජීවන තත්ත්ව­යයි. විවිධ ආර්ථික මට්ට­ම්වල පසු වන ජන­තාව පව­තින තැනින් ඔසවා තැබීම විනා පැලැ­ස්තර විස­ඳු­ම්ව­ලින් රටට හෝ ජන­තා­වට සෙතක් නොවන බව පැවති, ගෙවී ගිය රාජ්‍ය පාලන ක්‍රියා­ව­ලිය තුළ පසක් කර තිබේ. ජන­තා­වගේ ජීවන තත්ත්වය උසස් කර­මින් ජාතික ආර්ථි­කය සවි­බල ගැන්වීමේ ක්‍රමෝ­පා­යන් සම්බ­න්ධ­යෙන් පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ආනන්ද ජය­වි­ක්‍රම මහතා සමඟ කළ සංවා­දා­ත්මක සට­හ­නකි මේ.

 

දුප්ප­ත්කම යනු ඇතැම් රට­වල දේශ­පා­ලන තන්ත්‍රය හා බැඳුණු අති­ශය සමීප සමාජ ප්‍රශ්න­යක්. එය අපේ රටේ ඉන් ඔබ්බට ගිය සමාජ ප්‍ර­ශ්න­යක් ලෙස ඔබ දකි­න­වාද?

 

දුප්ප­ත්කම තුරන් කිරීම යන මාතෘ­කාව මැති­ව­රණ සමයේ දී වඩාත් උණු­සුම්ව සහ විවා­ද­ප­න්නව සාක­ච්ඡා­වට ලක්වන කාර­ණා­වක්. එය අපේ රටෙත් මැති­ව­රණ පොරොන්දු ලබා­දී­මට කලින් කලට ඉස්මතු කර­ව­නවා. වච­නයේ පරි­ස­මා­ප්තා­ර්ථ­යෙන් ම දුප්ප­ත්කම තුරන් කිරීම යනු සමා­ජ­යෙන් මුලි­නු­පුටා දැමීම යන අද­හ­සයි. නමුත් එය දියුණු වෙමින් පව­තින රට­ව­ලට එක­වර  ජය­ගත හැකි සමාජ ප්‍රශ්න­යක් නෙමෙයි. දුප්ප­ත්කම තුරන් කිරීම කිය­මින් අද කරන්නේ දුප්ප­ත්කම පව­ත්වා­ගෙන යාම සහ දුප්ප­ත්කම තව­දු­ර­ටත් නඩත්තු කිරී­මයි. මේ නිසා දුප්ප­තුන් අඩු වීමක් සිදු වන්නේ නෑ. නමුත් රජ­ය­කින් බලා­පො­රොත්තු වෙන්නේ   දුප්ප­තුන් ජීවත් කර­ව­මින් රටේ දරි­ද්‍ර­ත­තාව  තුරන් කිරී­මට කට­යුතු කිරී­මයි.

 

 දුප්ප­ත්කම යනු සෑම රටක්ම අඩු වැඩි වශ­යෙන් මුහුණ දෙන ප්‍රශ්න­යක්. දුප්ප­ත්කම මනින්නේ කොහො­මද?

 

දිළි­ඳු­කම මැනීමේ දී ආදා­යම සහ විය­දම යන කාරණා දෙකම බල­නවා. ආදා­යම කෙනෙ­කුට සැඟ­විය හැකි මුත් විය­දම සඟ­වන්න බෑ. ජන­ග­හන සමී­ක්ෂ­ණ­ව­ලදී ඒ ඒ පුද්ග­ල­යාගේ ආද­යම් සහ විය­දම් සංඛ්‍යා ලේඛන දෙපා­ර්ත­මේ­න්තුව විසින් සට­හන් කර ගන්නවා. එම තොර­තුරු පද­නම් කර­ගෙන තමයි අපේ රටේ දුප්ප­ත්කම මනිනු ලබන්නේ. ඕනෑම පුද්ග­ල­ය­කුට මූලික අව­ශ්‍යතා තිබෙන අතර ඒවා ඉටු කර ගැනී­මට මාසි­කව වැය වන මුද­ලක් තිබෙ­නවා. ඒ සඳහා උප­යන යම් ආදා­ය­ම­කුත් තිබෙ­නවා. එම ආදා­ය­මින් ඔහුගේ විය­දම් ටික සපුරා ගැනී­මට  පුළු­වන් ද බැරිද යන්න අනුව තමයි අපේ රටේ දරි­ද්‍රතා රේඛාව ගණ­නය කරන්නේ. උප­යන ආදා­යම විය­ද­මට ප්‍රමා­ණ­වත් නැති­නම් දුප්පත් ලෙස සල­ක­නවා.

 

 අපේ රටේ තත්ත්වය තව­දු­ර­ටත් පැහැ­දිලි කළොත්?

 

2024 නව­තම තොර­තුරු අනුව එක් පුද්ග­ල­යකු සඳහා මාසික විය­දම අවම වශ­යෙන් රුපි­යල් 16373.00ක් .එය ලංකාවේ නිල දරි­ද්‍රතා රේඛාව ලෙස සල­ක­නවා. දුප්පත් පුද්ග­ල­යෙක් වුණත් ආහාර, ඇඳුම් පැල­ඳුම් බේත් හේත් ආදිය සපයා ගන්න මේ මුදල උප­යා­ගත යුතුයි. පවු­ලක් වෙනවා. නැති­නම් කුටු­ම්භ­යක් ගත්තොත් පුද්ග­ල­යන් 4 දෙනෙක් ඉන්නවා නම්, එම මුදල රුපි­යල් 65492.00ක් මෙප­මණ මුද­ලක් උප­යන්න බැරි නම් ඒ පවුල දුප්පත් ලෙස සල­ක­නවා.

 

 ඔය කියන දරි­ද්‍රතා රේඛා­වට අනුව මාසික ආදා­යම් සීමාව මෙප­මණ ඉහළ අග­ය­කට ගියේ ආර්ථික අර්බු­ද­යෙන් පසුව බවයි අපිට හැ‍ඟෙන්නේ. එය පැහැ­දිලි කරන්න?

 

රුපි­යල් 65492.00ක්  කියන්නේ  ප්‍රමා­ණා­ත්ම­කව ඉහළ අග­යක්. අද මේ මුදල කුලී වැඩ­කින් දෛනික මුද­ලක් හොයා­ගන්න කෙනෙ­කුට තබා රජයේ අනි­වාර්ය මාසික වැටු­පක් ලබන තැන ත්තකු­ටත් ලැබෙන්නේ නෑ. මේ අගය මෙත­රම් ඉහළ ගියේ 2022න් පසු ඇති වුණු ආර්ථීක කුණා­ටුවේ බර­ප­තළ විපා­ක­යක්  හැටි­ය­ටයි. ආර්ථික අර්බු­ද­යට පෙර 15%ක් පමණ තමයි දුප්ප­තුන් හිටියේ. ජන­ග­හ­න­යෙන් නම්, ලක්ෂ 33ක් වෙනවා. අද එය දෙගු­ණ­ය­කට ආසන්න වෙලා. ඒ කියන්නේ ලක්ෂ 58කට ආසන්න වෙලා. ඒ කියන්නේ ලක්ෂ 25කින් දුප්ප­තුන් වැඩි වී තිබෙ­නවා. 2022ට පෙර දරි­ද්‍රතා රේඛා­වට ඉහ­ළින් සිටි ජන­තා­ව­ගෙන් ලක්ෂ 25ක් ම ඒ රේඛා­වෙන් පහ­ළට වැටී තිබෙ­නවා. එනම්, කලින් දුප්ප­තුන් ලෙස නොස­ල­කපු පවුල් අද දුප්ප­තුන්ගේ ලැයි­ස්තු­වට වැටිලා. මෙය ඉතාම බර­ප­තළ කාර­ණ­යක්.

 

 නමුත් 2022ට පෙර ආර්ථික විශ්ලේ­ෂ­ක­යින් රට ආර්ථික වශ­යෙන් වර්ධ­න­යක් ඇති කර ගෙන තිබෙන බව ප්‍රකාශ කළා. මේ පර­ස්ප­රා­තව කුමක්ද?

 

ඒක මෙහෙ­මයි වුණේ. 2007-2008 කාල­ප­රි­ච්ඡේ­දය තුළ මහින්ද රජ­පක්ෂ පාලන කාලය තුළ යම් ආර්ථික වර්ධන වේග­යක් පෙන්නුම් කළා තමයි.

 

 එය කොහො­මද සිද්ධ වුණේ?

 

ඒ කාලය තුළ ණය අර­ගෙන රට තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියා­ත්ම­කව තිබුණා. සූරි­ය­වැව ක්‍රීඩාං­ග­ණය, මත්තල ගුවන් තොටු­පොළ, හම්බ­න්තොට වරාය මේ කියන දැවන්ත ව්‍යාපෘති කෙරුණා. ඒවා­යින් සත පහක ආර්ථික ප්‍රති­ලා­භ­යක් නැතත් සුදු අලි­යෙක් වගේ එම ව්‍යාපෘ­ති­වල තරුණ සහ මැදි­වියේ දහස් ගණ­නක් නිරත වුණා. නමුත් ඒ රැකියා තාව­කා­ලි­කයි. ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක වන තුරු කොන්ත්‍රාත් පද­නම මතයි ගත්තේ. නමුත් ඔවුන්ට යම් පඩි­යක් ලැබුණා. රටේ ආර්ථික වර්ධන වේග­යක් ඇති නොවු­ණට පුද්ග­ල­ය­කුගේ මාසික ආදා­යම ටිකක් ස්ථාවර වුණා. අන්න ඒ කරුණු පද­නම් කර­ගෙන ඔය කියන ආර්ථික විශ්ලේ­ෂ­ක­යින් ලංකාවේ තත්ත්වය  හොඳයි කියලා සහ­ති­ක­යක් දුන්නා.

 

දරි­ද්‍ර­තාව පිළි­බඳ ප්‍රශ්නය යම් ආක­ර­ය­කට හෝ සම­නය කර  ගැනී­මට සහ­නා­ධාර වැඩ­ස­ට­හන් අපේ රටේ බොහොම ජන­ප්‍රි­යයි. ඉදි­රි­යේ­දීත්  එය එසේම වනු ඇත්ද?

 

ජාතික ජන බල­වේ­ගයේ දේශ­පා­ලන පොරොන්දු පත්‍රයේ අඩු අදා­ය­ම්ලාභී පවුල් සඳහා අවම රුපි­යල් දස­ද­හ­සක දීම­නා­වක් ගැන සඳ­හන් වෙනවා. අපි මුලින් සඳ­හන් කළ පරිදි දුප්ප­තුන් ජීවත් කර­වීම සඳහා දීම­නා­වක් ලබා­දීමේ වර­දක් නෑ. නමුත් මෙම වැඩ­ස­ට­හන් සම්බ­න්ධ­යෙන් වඩාත් විවා­ද­පන්න කාර­ණය මේ සහ­නා­ධා­ර­ව­ලින් පෝෂ­ණය වන්නේ දුප්ප­තුන්ම නොවන බවයි. සහ­නා­ධා­ර­ය­කින් යැපිය යුතු පිරිස නිවැ­රැ­දිව තෝරා වෙන් කර ගැනී­මක් අපේ රටේ මෙතෙක් සිදුව නෑ. එම ලැයිස්තු සැක­සෙන්නේ දේශ­පා­ල­නී­ක­ර­ණ­යට අනු­ග­ත­වයි. මේ ක්‍රම­වේ­දය වහා වෙනස් කරන බවට ජාතික ජන බල­වේ­ගය ප්‍රකාශ කළා. ජන­තාව බලා සිටින්නේ ඔවුන් ඒ සඳහා ගනු ලබන ක්‍රියා පිළි­වෙත කුමක්ද යන්න පිළි­බ­ඳ­වයි.

 

 ඔබ කියන්නේ සහ­නා­ධාර වැඩ­ස­ට­හන් අව­ශ්‍යම නෑ කියන එකද?

 

ජාතික ආර්ථි­ක­යට යම් හෝ දාය­ක­ත්ව­යක් ලබා නොදෙන්නේ නම්, සහ­නා­ධාර මතම යැපෙ­න්නන් නම් ඔවුන් ඇත්ත­ටම රටට බරක් වෙන එක වළ­ක්වන්න බෑ. රටේ වැඩි පිරි­සක් මුළු ජීවිත කාල­යම සහ­නා­ධා­ර­ව­ලින් යැපෙ­නවා නම්, රට ස්වයං ආර්ථීක වර්ධ­න­යක් අත් කර ගන්නේ නෑ. අපි යෝජනා කරන්නේ අවු­රුදු 2-3කට ලබා­දෙන කෙටි කාලීන සහ­නා­ධාර වැඩ­ස­ට­හන්. ඒ අත­ර­තුර ආදා­යම් මාර්ග­යක් විවර කර­ගත යුතු බවට ඉල­ක්ක­යක් ඔවුන්ට ලබා­දිය යුතුයි. ඒ පිළි­බ­ඳව පසු විප­ර­මක් කළ යුතුයි.

 

 දරි­ද්‍ර­තාව තුරන් කර සෑම පවු­ල­කම ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට ඔබ යෝජනා කරන සාර­ගර්භ වැඩ­පි­ළි­වෙළ කුමක් ද?

 

සෑම පවු­ල­ක­ටම කිසි­යම් හෝ ජීවික වෘත්ති­යක් තිබිය යුතුයි. ආදා­යම් උත්පා­දන මාර්ග­යක් නොමැති නම්, එම පවු­ලට හැම­දාම සහ­නා­ධාර මත යැපෙන්න සිදු වෙනවා. රජ­ය­ටත් හැම­දාම ඔවුන් නඩත්තු කරන්න වෙනවා. එහෙම නොවෙ­න්නට නම් එවැනි පවු­ල්ව­ලට ආදා­යම් මාර්ග­යක් රජයේ මැදි­හත් වීමෙන් විවර කර දිය යුතුයි. එය රජයේ වග­කී­මක්. මෙහිදී ඇතැම් පුද්ග­ල­යින්ට ඒ සඳහා විශේෂ හැකියා, දක්ෂතා නෑ. ඇතැ­මුන්ට මුදල් නෑ. තවත් අයට යටි­තල පහ­සු­කම් නෑ. රජය කළ යුත්තේ ජීවිකා වෘත්ති­යක් පව­ත්වා­ගෙන යාමට අවශ්‍ය පරි­ස­රය සකස් කර දීමයි. ජාතික ජන බල­වේ­ගය මෙතෙක් පැවති රජ­යන්ට වඩා වෙන­සක් පිළි­බඳ ජන­තා­වට ලබා­දුන් පොරොන්දු පත්‍රය නිසා  හැම­දාම කතා කරන සහ­නා­ධාර මල්ලට වඩා වෙනස් ක්‍රම­යක් ඔවු­න්ගෙන් රට බලා­පො­රොත්තු වෙනවා.

 

 ඉකුත් සමයේ රටේ ආර්ථික පරි­හා­නි­යෙන් ඍජුව බැටකෑ පිරි­සක් තමයි සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන්. මෙම කාණ්ඩයේ වැඩි පිරි­ස­කට ආර්ථි­කය තුළ උන් හිටි තැන් නැති වුණා නේද?

 

සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් රටට ආර්ථි­ක­යට දැවැන්ත කාර්ය­භා­ර­යක් කර­නවා. වෙළෙඳ මාෆි­යාව, ඒකා­ධි­කා­රි­ත්ව­යෙන්  වෙළෙ­ඳ­පොළ පාල­නය කියන රටට වින කරන ක්‍රම මැඬ පැවැ­ත්වී­මට රට­කට අවශ්‍ය වන්නේම ශක්ති­මත් සුළු හා මැද පන්තියේ ව්‍යාපා­රික ප්‍රජා­වයි. ඔවුන් සවි­බල ගැන්වී­මට රජය කට­යුතු කරන්නේ නැති­නම් ඒකා­ධි­කාරි වෙළෙඳ පන්තියේ පාල­න­යට නතු වීමට මේ රජ­ය­ටත් සිදු වෙනවා. මීට හොඳම උදා­හ­රණ ලංකාවේ සහල් වෙළෙ­ඳ­පො­ළයි.

 

 ලංකාවේ සහල් මිල පාල­නය කිරීම කළ හැකි බවද ඔබ කියන්නේ?

 

රජ­ය­කට ඒක කරන්න බැරි­ක­මක් නෑ. ඒ සඳහා ක්‍රමෝ­පා­යන් තිබෙ­නවා. ලංකාවේ ග්‍රාමීය මට්ටමේ සහල් මෝල් හිමි­යන් ව්‍යාපා­රි­ක­යන් විශාල පිරි­සක් සිටියා. ඔවුන් එම ව්‍යාපා­රය කාලා­න්ත­ර­යක් තිස්සේ පව­ත්වා­ගෙන ගියා. ග්‍රාමීය වෙළෙ­ඳ­පොළේ සහල් අව­ශ්‍ය­තාව සැපි­රුවේ ග්‍රාමීය සහල් මෝල් හිමි­යන්. නමුත් පැවති රජ­යන් මේ කණ්ඩා­යම ශක්ති­මත් කිරී­මට අත දීමක් සිදු කළේ නෑ. ඔවුන් ක්ෂේත්‍ර­යෙන් ඉවත් වීමේ වාසිය ලබා­ගත්තේ සහල් මාෆි­යාව පව­ත්වා­ගෙන යන මහා පරි­මාණ ව්‍යාපා­රි­ක­යින් පස් හය දෙනෙක්. අද­ටත් ආණ්ඩු­වට සහල් මිල පාල­නය කරන්න බැරි වෙලා තිබෙ­නවා. නමුත් කරන්න බැරි­ක­මක් නෑ.

 

 ජනා­ධි­ප­ති­ව­ර­යාට පාර්ලි­මේ­න්තුවේ සහා­යක් නොමැ­තිව වුව ඒකා­ධි­කා­ර­යක් මැඬ­ලිය හැකි බවද ඔබ පව­සන්නේ?

 

ජනා­ධි­ප­ති­ව­රයා සතු විධා­යක බල­ත­ල­ව­ලින් මහ­ජ­න­තාව තළා පෙළන අක්‍ර­මි­කතා පාල­නය කිරී­මට හැකි­යාව තිබෙ­නවා. ඒ සඳහා පාර්ලි­මේ­න්තුවේ 2/3ක බල­යක් වුව­මනා කරන්නේ නෑ. මෙතෙක් පැවති රජ­යන් මෙවැනි  ආකා­රයේ ජන­තාව පීඩ­න­යට පත් කරන අත්ත­නෝ­ම­තික ක්‍රියා­වන් ඉදි­රියේ මුනි­වත රැක්කා. වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යාට දුප්පත් ජන­තා­වයි වැඩි­යෙන් ඡන්දය දුන්නේ. ඒ නිසා මෙතෙක් රට තුළ වඩාත් උණු­සුම්ව කතා බහට ලක් වුණු ආර්ථික දේශ­පා­ලන, සමා­ජ­යීය, ආග­මික ආදී වූ සෑම ප්‍රශ්න­ය­ක­ටම ජන­තාව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තා­ගෙන් කඩි­න­මින් සහ විනි­වි­ද­භා­ව­ය­කින් යුතු පිළි­තුරු බලා­පො­රොත්තු වෙනවා. හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තා­ගෙන් ජන­තාව එවැනි උත්තර බලා­පො­රොත්තු වුණේ නෑ. හේතුව ඔහු තනි­ක­රම ධන­වාදී දේශ­පා­ලන න්‍යාය පත්‍ර­යක කට­යුතු කළ කෙනෙක්. වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා සමා­ජ­වාදී නැඹු­රු­වක් සහිත දුප්ප­තුන්ගේ පැත්තේ හිට­ගෙ­නයි කතා කළේ. ජනා­ධි­ප­ති­ව­ර­යාට ඇතැම් නීති බලා­ත්මක කිරී­මට උප­රිම විධා­යක බල­තල තිබෙ­නවා.

 

 රට­ ගො­ඩ­ගැ­නීම සඳහා ඔබ යෝජනා කරන වැඩ­පි­ළි­වෙළ කුමක්ද?

 

රට හමුවේ පව­තින්නේ සැහැ­ල්ලු­වෙන් නොසැ­ල­කිය හැකි ණය බරක්. එයට ජන­තාව කිසි­සේත්ම වග­කි­ව­යුතු නෑ. ආණ්ඩු­වට ජන­තාව තළා නොපෙළා  ප්‍රශ්නය විසඳා ගැනී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සොයා­ගත යුතුයි. අපිට ඒ සඳහා විදෙස් රට­වල සහාය අව­ශ්‍යයි. හිත­වත් රට­ව­ලින් ණය නොව ආධාර ගැනීමේ හැකි­යාව අපිට තිබෙ­නවා. ඉති­හා­සයේ සිටම අපිට උදව් කළ නමුත් පැවති රජ­යන් විසින් නොස­ලකා හැර ඈත් කර­ගත් රට­වල් ඉන්නවා. ජපා­නය, නෙද­ර්ල­න්තය, ප්‍රංශය, ජර්ම­නිය  අපිට මිත්‍ර­ශීලි රට­වල්. මේ රට­වල් සමඟ ද්විපා­ර්ශ්වික සබ­ඳතා නැවත ශක්ති­මත් කර­ගෙන ඔවු­න්ගෙන් ගන්න පුළු­වන් දේ ගත යුතුයි. ඒ වගේම අයි.එම්.එෆ්.  යෝජනා නැවත ගැළ­පී­ම­කට ලක් කර පෞද්ග­ලික ස්වෛරී බැඳු­ම්කර වෙනු­වට හිත­වත් රට­ව­ලින් ලබා ගන්නා ආධාර රටට  හිත­ක­රයි. කැට හොල්ලා මේ රටේ ආර්ථි­කය ගොඩ­දැ­මීම නම් කළ නොහැ­කියි.

[පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ආනන්ද ජය­වි­ක්‍රම]

 

Advertiesment