පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.එම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පහත මාලයේ දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යන දන්ත වෛද්‍යවරියක සහ ඇයගේ දියණිය සහ පුත්‍රයා ඉන් ඉවතට පැන දිවි දිවි බේරාගෙන තිබේ.
මෙම ගොඩනැගිලි කඩා වැටීමත් සමඟම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු මීටර් ගණනාවක දුරක් දුමාරයක් මෙන් දූවිල්ලෙන් වැසී ගොස් තිබේ.
ජනප්‍රිය මාවතේ දෙපස කානු පද්ධතිය සකස් කිරීම සඳහා නගර සභාවෙන් කොන්ත්‍රාත්කරුවෙකුට පවරා ඇති අතර(30) දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කාණු සකසමින් සිට තිබේ.
එම බැකෝ යන්ත්‍රය සහ පස් පිරවූ ලොරි රථය ඉන් පිටත්ව යෑමත් සමගම මෙම ගොඩනැගිලි එකවරම කඩාවැටී ඇත.බැකෝ යන්ත්‍රය නිසා පොළොවේ ඇතිවූ දෙදරීම මෙම අනතුරට හේතු වන්නට ඇති බව අසල සිටි ව්‍යාපාරිකයන් පවසයි.
එම ගොඩනැගිලි පහේ පහත මහල්වල දන්ත ශල්‍යාගාරයක්, රෙදිපිළි අලෙවිසැලක් සහ තවත් වෙළෙඳසැල් කිහිපයක් තිබූ අතර ඒවා සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
Lanka Newsweek © 2024