Friday 8th of November 2024

English Tamil
Advertiesment


දුම්රිය මාර්ගවල යකඩ මලබැඳීමහා පීලි දිරාපත් වීම නිසා ගමනාගමනයට බාධා


2024-10-30 2318

ගෙවුණු මාස දහයක කාලය තුළ දුම්රිය පීලිපැනීම් අසූ හයක් වාර්තා වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව දුම්රිය මාර්ගවල පීලිපැනීම් පනස් නවයක්ද, දුම්රිය අංගන තුළ පීලි පැනීම් විසි හතක් ද සිදුව තිබේ.

දුම්රිය මාර්ගවල යකඩ මලබැඳීම, පීලි දිරාපත් වීම හා ඇණ ආදිය ගැලවී යාම ඇතුළු හේතුන් මත පසුගිය 2020 වසරේ සිට වැඩි වශයෙන් පීලිපැනීම් වාර්තා වී තිබුණී.

2020 වසරේ ජනවාරි සිට මේ වසරේ ඔක්තෝබර් 29 වැනිදා තෙක් කාලය තුළ පීලි පැනීම් පන්සිය හැත්තෑවක්ම සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතරින් පීලි පැනීම් තුන්සිය පනස් අටක්ම දුම්රිය මාර්ගවලදී සිදුව තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

1986 වසරේ සිට 2019 වසර දක්වා දුම්රිය මාර්ගය නඩත්තු කිරීම් සිදුව තිබුණේ ටොන් හැටත් අසූවත් අතර බරින් යුත් එන්ජින් ධාවනය කිරීමේ යෝග්‍යතාව මතය.

නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව ටොන් 120 ක් බරැති මෙරට දුම්රිය මාර්ගයට ඔරොත්තු නොදෙන එම්. 11 වර්ගයේ එන්ජින් ගෙන ඒමෙන් පසු දුම්රිය මාර්ග දැඩි ලෙස හානියට ලක්ව ඇති අතර මේ වනවිට පීලිපැනීම් වැඩි වීමට ප්‍රධාන හේතුවද එය බවට හඳුනාගෙන ඇතැයි දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙති.

Advertiesment