Friday 8th of November 2024

English Tamil
Advertiesment


හිටපු ජනපතිගේ ඉම්ෆ් ව්‍යාපෘතිය අසාර්ථකයි 


2024-10-30 2745

වත්මන් ජනාධිපතිවරයා පත් වී ඔහුගේ ආරම්භක කාර්යභාරයක් ලෙස අයි එම් එෆ් එකත් සමඟ වට දෙකක සාකච්ඡාවක් කළත් ඒ කාලයේ ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස රටට ඉදිරිපත් කළ පොරොන්දු අයි එම් එෆ් එක හරහා ක්‍රියාත්මක අපොහොසත් වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.


ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් පැවසු ආකාරයට රජය අයි එම් එෆ් එකත් එක්ක ඇති කර ගත් ණය ස්ථායිකරණ ගිවිසුම ඉවත් කරන බව පැවසීම, වැට් බදු අඩු කරනවා යැයි පැවසීම, සෘජු හා වක්‍ර බදු ආදිය අඩු කරන බව පැවසුවත් ඒවා කරන්න බැරි වූ බවත් එම යෝජනාවලට අයි එම් එෆ් එක එකඟ නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.

රටේ ආර්ථිකය විනාශ වී ඇති මොහොතක හිටපු ජනාධිපතිවරයා නිසා 2028 සිට නැවත ණය ගෙවන්න සිදුවන බවත් එය අමාරු කාර්යක් බවත් අයි එම් එෆ් එක 2033 සිට ණය ගෙවන්න කිව්වත් හිටපු ජනාධිපතිවරයා තමන්ගේ මතයට 2-028 සිට ණය ගෙවන්න තීන්දු කර ඇති බවත් එම නිසා කෙටි කාලයක් තුළ අප රටට සුවිශේෂි ආර්ථික වර්ධනයක් ඇති කර ගෙන ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් සංචිත ලබා ගත යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.


එම නිසා මේ අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කළ යුතු බවත් අයි එම් එෆ් එක සමග සාකච්ඡා කර ණය ගෙවිය යුතු වසර තවත් දිග් කර ගත යුතු බවත් මේ සියල්ල සිදු කරන්න නම් මේ ක්ෂේත්‍රය ගැන හැකියාවක් දර්ශනයක් වැඩපිළිවෙළක් ඇති දක්ෂයන්ට රජයේ වගකීම දිවයුතු බවත් පාර්ලිමේන්තුවේ බහුතරය දිය යුතු බවත් එම නිසා සමගි ජන බලවේග රජයක් බිහි කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.


අද අප රටේ සංචාරක කර්මාන්තයට පවා දැවැන්ත අභියෝග එල්ල වෙමින් පවතින බවත් මෙවැනි සිදුවීම් වුවහොත් මේ ක්ෂේත්‍ර කඩා වැටී විදේශ විනිමය පවා නැතිව යන නිසා මේ හැමදේම කළමනාකරණය කර රටක් ලෙස හුදකලා නොවී කටයුතු කළ යුතු බවත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා ප්‍රවර්ධනය තුළින් රට ශක්තිමත් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.


 

Advertiesment