ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානීMarie-Noëlle Duris මහත්මිය (ඔක්. 29) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක ලේකම්එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වූ අතර, අනතුරුවදෙපාර්ශවයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක ද නිරත වුහ.
එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ප්‍රංශ නියෝජිතවරියඋණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර මෙම සාකච්ඡාවේදී දෙරට අතර, පවතිනදීර්ඝ කාලීන ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්දෙරටටම අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්ෂාව භාර ප්‍රංශ හමුදාතාක්ෂණික සහයෝගීතා නිලධාරි, කොමාණ්ඩර් Jean-Baptiste Trouche ද සහභාගී විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.
Lanka Newsweek © 2024