Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


ඇල්පිටිය පුංචි ඡන්දය අද 


2024-10-26 2850

සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදින ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද  පෙ.ව. 7.00ට ආරම්භ විය.

ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්ද දායකයින් 55,643 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ .එල් රත්නායක මහතා සඳහන් කළේය.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය භාවිතා කරනු ලබන ස්ථාන සියල්ලෙහිම නිරික්ෂණ කටයුතු සදහා තම නිලධාරින් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.


මේ අතර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද සිදුකිරීමට නියමිත අතර, තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් මස 30 වනදා සහ නොවැම්බර් මස 4 වනදා සිදුකිරීමට නියමිතව ඇත

Advertiesment