කෙටි කාලයක් තුළ ආහාර පාන ඇතුළු භාණ්ඩවල හිඟයක් නිර්මාණය වී අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගොස් ඇතැයි සජිත් ප්‍රේමදාස පැවසී ය.හෙතෙම මෙලෙස පැවසුවේ(24) අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවක දී ය.
‘‘වත්මන් රජයට බඩු මිල පාලනය කරන්න බැරිව අකාර්යක්ෂම ලෙස ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙය වනවා. ඉතා ම කෙටි කාලයක් ඇතුළත ආහාර පාන ඇතුළු භාණ්ඩවල හිඟයක් නිර්මාණය වෙලා. අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගිහින්. අමාරුවෙන් ජීවත් වන ජනතාවගේ ජන ජීවිත කඩා වැටිලා. ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන බවට මැතිවරණ සමයේ පොරොන්දු වුනාට අහස උසට ආහාර මිල වැඩි වෙද්දි ජනතාවට ජීවත් වෙන්න විදියක් නෑ. ආදායම් මාර්ග හැකිළිලා, ආදායම් අඩු වෙලා, ජන ජීවිත දුෂ්කර වෙලා තියෙන වෙලාවක අසීමිත ලෙස අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ යද්දි අඩු මුදලකට ඒ ආහාර ලබා ගන්න පෝලිමේ ඉන්න වෙද්දි ජනතාවට යන කලදසාව මොකක් ද...?
සමගි ජන බලවේග රජයක් තුළ බඩු මිල පාලනය කළ හැකි ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ලක්ෂ දෙසිය විස්සක ජනතාවගේ සෞභාග්‍යය උදෙසා යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නත් අපිට පුළුවන්. දරාගත හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීමේ යුගයක් බිහි කරලා ජනතාව ජීවත් කරවන යුගය යථාර්ථයක් කරන්න අපිට පුළුවන්. අපේ ආණ්ඩුවක් යටතේ ජනතාවගේ ආශිර්වාදය ලබා ගන්න බොරු කියමින් රජවීමේ යුගයට නැවතීමේ තිත තියලා සෞභාග්‍යය සම්පන්න රටක් සහ අනාගතයක් උදාකරන්න කටයුතු කර දූෂණයෙන් වංචාවෙන් සොරකමින් තොර රටක් නිර්මාණය කරනවා.’’
Lanka Newsweek © 2024