Friday 8th of November 2024

English Tamil
Advertiesment


රට පරද්දන්න ඉඩ තබන්නේ නැහැ-විපක්ෂ නායක 


2024-10-04 11539

 

නැති බැරි ජනයා ඇති හැකි අය කිරීම සජබයේ ස්ථාවරයයි  

 

ජනාධිපතිවරණයෙන් එක් පාර්ශ්වයක් ජය ගත් බවත් ඉදිරියේ දී මහ මැතිවරණයක් පැවැත් වීමට නියමිත බවත් ජනාධිපතිවරණයේ පසුබැමට ලක් වෙමින් දෙවැනි ස්ථානයට ඡන්ද ගත් බලවේගය ලෙස සමගි ජන බලවේගය එදා වගේම අදත් හෙටත්  රටට-ජනතාවට මුල් තැන ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

දෙකෝටි විසි ලක්ෂයක ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට ක්‍රියා කිරීම, කුහක, ඊර්ෂයාකාර, වෛරී සහ ක්‍රෝධී දේශපාලන ක්‍රමයෙන් බැහැරව බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමට සියලු පාර්ශවයන් ක්‍රියා කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

තරුණ තරුණියන්ට ශක්තිය ලබා දී නව ව්‍යවසායකයන් ලෙස රටේ දියුණුව වෙනුවෙන් තරුණ තරුණියන් යොදා ගැනිම සහ රට-ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්නවලට උත්තර ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නැගෙනහිර කොළඹ බල ප්‍රදේශයේ සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවති හමුවකදීය.

රටේ ලක්ෂ ගණනින් තරුණ තරුණියන් රැකියා නොමැති සිටින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ වැඩි වැඩියෙන් ආයෝජනය කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ විදේශීය ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටින බවත් සෘජු විදේශීය ආයෝජන රටට එනවාට කැමති බවත් රටේ තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කර තොරතුරු තාක්ෂණ අපනයනය වැඩි කළ යුතු බවත් ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් සහ සුහුරු පුරවැසියන් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරණය අවසන්ව මහ මැතිවරණය පැමිණ ඇති මොහොතේ රටේ ජනතාවගේ ප්‍රශ්න සහ අභියෝගවලට විසදුම් දිය යුතු බවත් එම විසඳුම් කතාවට පමණක් සීමා නොවි මහ පොලොවේ යථාර්ථයක් විය යුතු බවත් මහ මැතිවරණයට ප්‍රවේශ වන්නේ රටට ලබා දිය යුතු ප්‍රශස්ත විසදුම් ජනතාවාදී සහ ජනහිතකාමී දර්ශනයක් ඔස්සේ බවත් නැති බැරිකම තුරන් කර සියලු ජනයා ඇති හැකි අය බවට පත් කරන දෙපයින් නැගි සිටිය හැකි අභිමානවත් ජන පරපුරක් ඇති කිරීම  සමගි ජන බලවේගයේ චින්තනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

Advertiesment