Monday 20th of January 2025

English Tamil
Advertiesment


ජාත්‍යන්තර සෛවරී බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන්ගේ එකගතාවය


2024-09-20 18124

ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර ප්‍රතිව්‍යුහගකරණය කිරීම සදහා ණය හිමියන් එකගතාවය පළ කර තිබේ.ජාත්‍යන්තර සෛවරී බැදුම්කරහිමියන්  සහ වානිජ ණය හිමියන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙසේ ඇමරිකානු ඩොලර් බිලියන 17.5ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමට හැකියාව ලැබී ඇත.

ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර හිමියන් සමග මෙන්ම චීන සංවර්ධන බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 3.3ක ණය මුදලද ප්‍රතිව්‍යුහගතකරණයට එකගතවී තිබේ.

මේ සමගින් වර්තමානයේ පවතින ණය පමාණයෙන් සියයට 40.3ක සහනයක් රටට ලැබී තිබේ.

මේ මගින් ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර පොලී ගෙවීම් අඩුවීම තුළින් මූල්‍ය ස්ථාවරයත් ඇති කරගැනීමට හැකියාව ලැබේ.

Advertiesment