Monday 14th of October 2024

English Tamil
Advertiesment


මත්ද්‍රව්‍ය-පාතාල මාෆියාව හය මසකින් අවසන් කරනවා 


2024-09-19 15127

 

තමා ජනාධිපති වී හය මසක් ඇතුළත මත්ද්‍රව්‍ය මාෆියාව සහ මිනී මාරු පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කර රටේ නීතිය, සාමය සහ සමගිය තහවුරු කරන්නේ යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. 

සමගි ජන සන්ධානයේ විජයග්‍රහණය කිසිවෙකුට හිංසා-පීඩා නොකර ඉතාම සාමකාමීව භුක්ති විඳින්නැයි ද, ප්‍රචණ්ඩත්වය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන්නේ යැයි ද, පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳිමින් ඊළඟ මොහොතේ සිට රට ගොඩනගන වැඩපිළිවෙළට සූදානම් වන්නැයි ද පවසයි.

බලයට ආ විගස ජනතාවගේ ජාතික සහ ආගමික නිදහස සේම අයිතිය තහවුරු කර මත්ද්‍රව්‍ය-පාතාල මාෆියාව හය මසකින් අවසන් කර රට සංවර්ධනය කරමින් බංකොලොත් භාවයෙන් රට මුදවා ගන්නේ යැයි ද සහතික වෙයි.

Advertiesment