Thursday 13th of February 2025

English Tamil
Advertiesment


සජිත්ට ඡන්දය දී ජයග්‍රහණයේ කොටස්කරුවකු වන්න


2024-09-18 10898


 

අවුරුදු 30කට පසු සැබෑ UNP ජනාධිපතිවරයෙක් බිහිකරගන්න

 

මෙවර ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම තුන්වන තැනට හෝ හතරවන තැනට පත්ව පරාජයට පත්වන බැවින් වික්‍රමසිංහ මහතාට ඡන්දය පාවිච්චි කිරීමෙන් පළක් නොමැති බව සමගි ජන බලවේගය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ එසේ පාව්චිචි කරන ඡන්දය අපතේ යැවීමක් වන බවකි.


වසර 30ක් පුරා රනිල් වික්‍රමසිංහ මහතා එජාපය විනාශ කොට මේ වනවිට අලියා ලකුණ හෝ මැතිවරණයකට ඉතිරි කර නොමැති බව පෙන්වා දෙන සජබය තවදුරටත් සදහන් කොට ඇත්තේ මේ වනවිට වසර 30කට පසු රටට එජාප ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීමේ අවස්ථාව මතුව ඇති බවකි.


එම නිසා නියම එජාප පාක්ෂිකයකු වූ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට ඡන්දය භාවිත කරන ලෙසත්, එම ජයග්‍රහණයේ කොටස්කරුවකු වීමට කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Advertiesment