බොහෝ පක්‍ෂ නායකයින් තම පැවැත්ම උදෙසා දේශපාලනය කිරීමට යාමෙන් දේශපාලන ක්ෂේත්‍රය දුගඳ හමන තැනට පත්ව ඇති බවත් පොදුජන ප්‍රසාදය නැවත ඇතිවන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ දැක්ම ඉවහල් වනු ඇති බවත් සජබ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය
ඩීල් දේශපාලනය නිසා රටට සමාජයට සිදු වූ හානිය සුළුපටු නොවන බව කී ඒ මහතා දේශපාලනය කිසිවෙකුගේ ආත්මාර්ථකාමී පටු පරමාර්ථ වෙනුවෙන් පැවැතීමට ඇති ඉඩකඩ ඉවත් නොකළහොත් රට තව දුරටත් අඳුරට යනු ඇතැයි ද සඳහන් කළේය .
හෙට්ටිගේ මහතා මේ බව කීවේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දෙනියාය පෝරුපිටිය මොරවක ප්‍රදේශවල ඉකුත් දා ( 15 )පැවැති සුහද හමු කිහිපයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .
රටක වගකීම බාර දිය යුත්තේ පරමාදර්ශී නායකත්වයකට .ඔහු සැබෑ මානව හිතවාදියෙක් විය යූතුයි .ප්‍රජාතන්ත්‍රවාදයට නීතියට ගරු කළ යුතුයි .සජීත් ප්‍රේමදාස මහතා එවැනි නායකයෙක් .පක්‍ෂ භේද නොතකා ඔහු සමඟ එකතු වෙන්න රටට ජාතියට ආදරය කරන හැම දෙනාටම පුළුවන් .
පවුල්වාදී ගජමිතුරු දේශපාලනයෙන් රට බේරා ගන්න ඕනෑ .අද රටේ තියෙන්නෙ දුගඳ හමන දේශපාලන සංස්කෘතියක් .ආත්මාර්ථකාමී දේශපාලනඥයින්ගේ පැවැත්ම නිසා සිදුවූයේ ලොකු විනාශයක් .ඉක්මනින් ජනතා ප්‍රසාදය ඇති දේශපාලන වටපිටාවක් හැදෙන්න ඕනෑ .එය කළ හැක්කේ සජිත් මහතාට පමණයි .ඔහු ආදර්ශමත් චරිතයක් .
පොදු ජනතාව ඉල්ලන්නේ විනිවිද පෙනෙන රාජ්‍ය පාලනයක් .දශ
රාජ ධර්මයෙන් ඉදිරි රාජ්‍ය පාලනය ශක්තිමත් වෙනවා .දුෂිතයින්ට එහි ඉඩක් නෑ.මෙතෙක්සිදුවූ දුෂණ ගැන පරීක්ෂණ පවත්වා වගකිවයුත්ත්තන්ට නීතිය ක්‍රියාත්මක වේවි .රට ගැන ජනතාව ගැන රනිල් මහත්තයට කිසිදු හැඟීමක් නෑ .ජනයා දුකට පත්කරමින් ඔහු ඉන්නේ සතුටින් .ජනතාව ඡන්ද නොදෙන නිසා ඔහු ජතාවට රිද්දනවා .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථා කීපයකදී උල්ලංඝනය කර තිබෙනවා .ලංකාව දුප්පතුන්ගෙන් පිරී ගිහින් .
දුප්පතුන් දැන් ලක්‍ෂ 30 සිට ලක්‍ෂ 70 දක්වා වැඩි වෙලා .දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා .දරුවන් 16000 ක් උග්‍ර මන්දපෝෂණයේ .කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 125000 ක් වැසී ගිහින් .රැකියා ලක්‍ෂ 10 ක් අහිමි වෙලා .ඉන්ධන මිල විදුලිය මිල තව අඩුකරන්න පුළුවන් .කරන්නෙ නෑ .මේවා තමයි රනිල් මහත්තයාගේ ආණ්ඩුවෙන් සිද්ධ වුනේ .ඔහු කරන්නෙ රට අවුල් කරලා සජිත් මහත්තයගෙ දේශපාලනයට එරෙහිව කුමන්ත්‍රණ කිරීම පමණයි .
රනිල්ගේ ඩීල් දේශපාලනය ජනතාව ඉදිරිපිට ඔප්පුවී අවසන් .රටට මොනවා වුනත් ඔහුට ප්‍රශ්නයක් නෑ .ජනයා මේ වන විට සිටින්නෙ ලොකු පිඩනයකින් .පොහොට්ටු නායකයින් මෙයට වග කිව යුතයි.පොහොට්ටු පාක්ෂිකයින් ලක්‍ෂ ගණනින් සජබ ය වටා එකතුවන්නේ ඒ නිසයි .සැබෑ මානව හිතවාදියෙක් වන සජිත් මහතා 22 වැනිදා ජනාධිපති බව රටට නිවේදනය වන බව ස්ථිර යැයිද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .
” වැදගත් දේශපාලනයක් කරන්න දැන් අපට ඉතිරි වී ඇත්තේ සජබ ය පමණයි .අරගලයේ අමානුෂික සිද්ධීන් නිසා බහුතර ජනයා බියෙන් ඉන්නෙ .ඒ අය නිහඬව සිට සජිත් මහතාට ඡන්දය දෙනවා .මුලදී ජවිපෙ යට ගිය මිනිස්සු දැන් සජබ යට එකතු වෙන්නේ ප්‍රචණ්ඩකාරී දේශපාලනය ප්‍රතික්ෂේප කරන නිසයි .සජිත් ජනාධිපති වීම රනිල්ට නතර කරන්න බෑ .”
Lanka Newsweek © 2024