Monday 19th of May 2025

English Tamil
Advertiesment


ඉන්දියාවේ 72 වන නිදහස් සැමරුම අදයි..!


2019-06-25 14407

1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම පදනම් කර ගනිමින් එරට මෙම නිදහස් සැමරුම් දිනය සමරයි.

නිදහස සැමරෙන අද (15) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන ලොව විශාලතම සෞඛ්‍ය වැඩ සටහන ආරම්භ කිරීමට නියමිත ය.

ඉන්දීය මධ්‍යම රජය රුපියල් කෝටි 10,000ක් වියදම් කරමින් ක්‍රියාත්මක කරන "ආයුෂ්මාන් භාරත්" ලෙස හැඳින්වෙන මෙම වැඩ සටහනෙහි අරමුණ වන්නේ, දරිද්‍රතාවයෙන් පෙළෙන සෑම ඉන්දීය පවුලකටම වාර්ෂිකව ලක්ෂ 5ක සෞඛ්‍ය ආවරණයක් ලබා දීම වන අතර මෙමගින්  දුෂ්කර ප්‍රදේශවල දිවි ගෙවන දිළිඳු පවුල් වෙත විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

සුපුරුදු පරිදි මෙවර ද ඉන්දීය නිදහස් දින සැමරුම වෙනුවෙන් තමා පවත්වන කතාවට ඇතුළත් විය යුතු කරුණු පිළිබඳව ජනතාවගෙන් අදහස් විමසීමට ඉන්දීය අගමැතිවරයා පියවර ගෙන තිබෙන අතර 2019 වසරේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණයට පෙර නරේන්ද්‍ර මෝදි පවත්වන අවසන් නිදහස් දින සැමරුම් කතාව මෙය වනු ඇත.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ස්ත්‍රී දූෂණය සහ අධ්‍යාපනය ආදී මාතෘකා වෙත අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීම් ලැබී ඇති බව ය.

නිදහස් දින සැමරුම හමුවේ ඉන්දියාවේ රතු බල කොටුව, නවදිල්ලිය සහ සෙසු ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර තිබෙන අතර නව දිල්ලි අග නුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 70,000 ක් ද රතු බල කොටුවේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 10,000ක් ද යොදවා ඇත.

රතු බල කොටුව වෙත දිවෙන මාර්ගයේ සී.සී.ටී.වී. කැමරා 500කට අධික සංඛ්‍යාවක් ද , රතු බල කොටුවේ සී.සී.ටී.වී. කැමරා 200කට අධික සංඛ්‍යාවක් ද සවි කර තිබේ. තව ද "ස්නයිපර්" තුවක්කු කණ්ඩායමක්, "කමාන්ඩෝ" භට කණ්ඩායම් වගේම ගුවන් යානා නාශක තුවක්කු ද රතු බල කොටුවේ ආරක්ෂාව වෙනුවෙන් සීරුවෙන් තබා තිබේ.

Advertiesment