Thursday 13th of February 2025

English Tamil
Advertiesment


අගනා ශතකයක් වාර්තා කිරීමට පැතුම් සමත් විය


2024-09-09 1884

එංගලන්ත කණ්ඩායම සමග මේ වන විට ලන්ඩනයේ ඕවල් පිටියේ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අගනා ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක  සමත් විය.

වසර දෙකකට පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියට පැමිණි පැතුම් මෙලෙස අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතක යයි.

මේ අතර පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලට මෙම තරග ජය ගැනීම සදහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 17ක් පමණී.ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුළු 2ක් දැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 202කි.

මෙම තරගයේ පළමු ඉනිමට එංගලන්ත පිල ලකුණු 325ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 263ක් පමණී.

අනතුරුව දෙවැනි ඉනිම වෙනුවෙන් එංගලන්ත පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 156ක් පමණී.ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිලට හිමිවූ ඉලක්කය ලකුණු 219කි.

Advertiesment