ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සහ ප්‍රවීන සිනමා නිලි ගීතා කුමාරසිංහ මහත්මිය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවරු කිරීම සදහා ඔහු සමග එකට එක්වුවාය.
ඒ මහනුවර දී සදුදා [09] විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැළියේ දී වන අතර මෙම රැලිය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සංවිධනය කර තිබිණ.
ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ගීතා කුමාරසිංහ මහත්මිය මේ වන විට කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නිය. එසේම ළමුන් සහ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන ඇය ළමුන් පිළිබඳ සහ කාන්තාවන් පිළිබඳ කාරක සභා රැසක් ඇතුළු තවත් පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක සාමාජිකත්වය ඇය දරන්නිය.
Lanka Newsweek © 2024