කොමඩු කිව්වම කවුරුත් කැමැතියි. හැබැයි කොමඩු ඇට කන්න නම් අකමැතියි. කොමඩු ඇටත් කොයිතරම් ගුණද කියලා දන්නවනම් කවදාවත් කොමඩු ඇටේ විසි කරන එකක් නෑ. කොමඩු ඇටවල ෆෝලේට්, යකඩ, විටමින් B6, pantothenic ඇසිඩ්, අන්තර්ගතයි. එපමණක් නොවේ පොස්පරස්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි පෝෂණ පදාර්ථත් අන්තර්ගතයි. මේ පෝෂකවලින් අපේ ශරීරයට මොනවාද ලැබෙන්නේ දන්නවාද?
තන්තුවලින් බහුල කොමඩු ඇට අප ගන්නා ආහාරවල අඩංගු පෝෂක නිවැරදිව ජීර්ණයෙන් පසු ඇඟට උරා ගන්න උපකාර වේ. බඩවැලේ ඉන්න නරක ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කර ඉදිමීම් අවම කරන්න කොමඩු ඇටවලට හැකියාවක් තිබේ.
කොමඩු ඇට ඉතා ප්‍රබල මුත්‍රා වර්ධකයක්. අපි පානය කරන ජලය මුළු ප්‍රමාණයම නිවැරදි විදිහට පෙරිලා යන්න නම් හොඳ හෝර්මෝන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. වකුගඩු දුර්වල වූ විට පෙරීම අකාර්යක්ෂම වේ. එවැනි අවස්ථාවලදී කොමඩු වගේ දෙයක් ගැනීමෙන් මුත්‍රා පිටවීම වඩා කාර්යක්ෂම වී වකුගඩුවල ක්‍රියාකාරිත්වයට පහසුවක් සලසයි. මේ නිසා කොමඩු ඇට කුඩු කර කෝපි මෙන් සකසා බීමෙන් මුත්‍රා අමාරු, මුත්‍රාශයේ ගල් වැනි රෝග තියෙන අයට ගුණදායක වෙයි.
රුධිර පරිවහනයට සිටුලීන් කොමඩු ඇටවල අඩංගු තවත් වැදගත් සංයෝගයකි. මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති කාබනික සංයෝගයක්. මෙමගින් කොලෙස්ටරෝල් දහනය කර රුධිර නාළ මහතින් වැඩි කරයි. එමගින් රුධිර පරිවහනය ඉතා හොඳින් වීමට අවස්ථාව සලසා දෙයි. මේ නිසා හදවත් රෝග, අධි රුධිර පීඩනය ආදීයට ඉතා යෝග්‍ය වේ.
පිරිමින්ගේ ශුක්‍රාණු වර්ධනය සඳහා කොමඩු ඇට පානය කිරීම ගුණදායකයි. මෙහි අන්තර්ගත ‘ලයිකොපින්’ ප්‍රතිඔක්සිකාරකය නිසා පිරිමින්ගේ මඳසරු බවට කොමඩු ඇට ස්වභාවික ප්‍රතිකාරයක් ලෙස ලබාගත හැකිය. ලිංගික බෙලහීනතාවයට හොඳ ඖෂධයක් වන පලතුරකි. එනම් පුරුෂ ශක්තිය උත්තේජනයටත් බෙහෙවින් ගුණ බව පර් යේෂණවලින් සොයාගෙන තිබේ.
සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට කොමඩු උපකාරී වෙයි. එමගින් ශරීරයේ තෙහෙට්ටුව මගහරවා ගැනීමට හැකියාව ඇත. කොමඩු ඇටවල යකඩ අන්තර්ගත වන නිසා ශක්තිය නිපදවීමට අවශ්‍ය ඔක්සිජන් ශරීරය පුරා ගෙන යාමට රුධිරයේ හිමොග්ලොබින් වෙත උපකාර කරයි.
කොමඩු ඇටවල අන්තර්ගත ඔමේගා 6 මේද අම්ල නිසා හිතකර කොලස්ටරෝල් මට්ටම යහපත් අගයක පවත්වා ගැනීමට හේතු වේ. කොලෙස්ටරෝල් මට්ටම පාලනය වීම නිසා කිරීටක ධමනි සහ හෘද රෝගාබාධ ඇති වීමට තිබෙන අවදානම නැති වෙයි.
කොමඩු පලතුරේ පවතින අධික දියරමය ස්වභාවය එනම් කොමඩුවල 90% ජලය අඩංගු නිසාම ශරීරයට හිතකර ගුණ රැසක් පවතී. යමෙක් දිනපතා උදෑසන කොමඩු යුෂ වීදුරුවක් පානය කරන්න පුරුද්දක් කර ගන්නේ නම් මේ පලතුරේ ඇති ඖෂධීය ගුණ නිසා ශරීරයේ සම පැහැපත් වීමට උපකාරී වෙයි. සමේ අධික ලෙස වියළි ස්වභාවය දුරු කොට සමේ තෙතමනය රඳා පවතී. කොමඩු යුෂ බීමෙන් තරුණ පෙනුමක් ලැබේ. අසාත්මිකතා නාශක ගුණ ඇත.
අසාත්මිකතා නාශක ගුණ කොමඩු පලතුරෙහි අඩංගු වේ. මේ නිසා අසාත්මිකතා වැළඳෙන අයට මෙම පලතුර මනා ඖෂධයකි. කොමඩුවල ඇති Phenilic නිසා ආහාරවල ඇති විෂ නැසීමේ හැකියාව තිබේ. බොහෝ දෙනකු පීඩා විඳින ඉරුවාරදය සඳහාත් සුදුසු ඖෂධයක් බව ආයුර්වේදයේ සඳහන් වෙයි.
අඩු කැලරි ප්‍රමාණයක් ද මේද හා කොලෙස්ටරෝල්වලින් ද නිදහස් වීම නිසා අධික තරබාරු අයට ද සිහින් සිරුරක් ලබාගැනීමට වෙහෙසන අයටත් කොමඩු නිතර අාහාරයට එක්කර ගත හැකිය.
උෂ්ණාධික කාලවලදී මෙන්ම කුමන දේශගුණික තත්ත්වයක දී වුවත් ඉහළ ඉල්ලුමක් ඇති ශරීරයට හිතකර පෝෂණ සංඝටකයන් රාශියක් අනූන පලතුරකි. සිරුර සිසිල් කිරිමේ ගුණය නිසා කොමඩුවලට ඉහළ ඉල්ලුමක් ඇත.
විටමින් A, විටමින් B, විටමින් C ප්‍රධාන ලෙස අඩංගු කොමඩු නිතර භාවිතයෙන් අස්ථි පද්ධතියේ නිරෝගී බවත්, ශරීරයේ සියලු සම්බන්ධක පටක ආරක්ෂා කර ගැනීමටත් ඉතා වැදගත්ය.
ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන අයකුට කොමඩු ආහාරයට ගැනීමෙන්, සුවදායී බවක් ලැබේ. අර්ශස් රෝගය සමනය කරන්නටත් කොමඩු උචිත ය.
කොමඩු ඇට දියවැඩියා රෝගීන්ට බෙහෙවින්ම ගුණදායකය. වියළා කුඩු කරගත් ගත් කොමඩු ඇටවලින් පිළියෙල කර ගන්නා තේ පානය කිරීම මගින් දියවැඩියාව පාලනය කිරීමේ හැකියාවක් ඇත.
Lanka Newsweek © 2024