Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


මුළු මහවැලියට වැය වූ මුදලට වඩා විශාල මුදලක්  රනිල් ගිලලා


2024-09-07 3672


මෙම වර්ෂය සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කළ අය-වැය ප්‍රතිපාදනවලට අමතරව තව්ත් රුපියල් කෝටි 875ක් අමතර වශයෙන් වෙන් කර ගැනීම තුළින් සමස්ත මහවැලි ව්‍යාපාරයටම වැය වූ මුදලට වඩා විශාල මුදලක් වෙන් කරගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

1977 මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළි වී තිබෙන්නේ කඩිනම් මහවැලිය සඳහා ඇස්තමේන්තු කළ සමස්ත වියදම රුපියල් කෝටි 1,100ක් වන බව ය. මේ බව එම වාර්තාවේ දක්වා තිබෙන්නේ “මෑත තොරතුරුවලින් පැහැදිලි වනඅන්දමට රුපියල් දශලක්ෂ 11,000ක සම්පූර්ණ ආයෝජනයකින් 1978-1982 කාලය තුළ දී ක්‍රියාත්මක
කෙරෙන තව දුරටත් සංශෝධිත වැඩපිළිවෙළක් රජය විසින් අනුමත කර තිබේ” යනුවෙනි.

වසර ආරම්භයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනුවෙන් රුපියල් කෝටි 692ක මුදලක් වෙන් කරගෙන තිබිණි. එයට අමතරව පසුගිය පෙබරවාරි මාසයේ දී විදේශ සංචාර සඳහා වියදම් ලෙස තවත් රුපියල් කෝටි 20ක මුදලක් ද, ඉන් පසුව පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින්, රුපියල් කෝටි 875ක මුදලක් ද වෙන් කර ගනු ලැබී ය. මේ අනුව ජනධිපති වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් කෝටි 1,587ක් වෙන් කරගෙන තිබේ.

වසර මුල දී පුනරාවර්තන වියදම් ලෙස රුපියල් කෝටි 378ක් මෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් කෝටි 314ක් වශයෙන් වෙන් කර ගෙන තිබිණි. සමස්තයක් ලෙස මෙම වසර වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ රුපියල් කෝටි 1,587ක් වෙන් කරගෙන තිබීම කෙතරම් මූල්‍ය අපරාධයක් ද යන්න පැහැදිලි වන්නේ සමස්ත කඩිනම් මහවැලි ව්‍යාපාරය සඳහාම රුපියල් කෝටි 1,100ක ඇස්තමේන්තුවක් තිබීම තුළින් ය.

Advertiesment